කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමඟ මිලියනයකට අධික පිරිසක් දුම්පානය අතහැර දමා ඇති බවට අනාවරණය වී තිබේ.
දුම්පාලනය සහ සෞඛ්‍යය පිළිබඳ පුණ්‍යායතනයක් විසින් සිදු කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
කොවිඩ් නයින්ටී වසංගත ව්‍යාප්තිය සඳහා දුම්පානය සෘජුව බලපාන බැවින් සියයට 41ක පිරිසක් දුම්පානයෙන් ඉවත් වී ඇති බව සඳහන්.
2007 වසරේ ජුනි මස සමීක්ෂණ වාර්තාව හා සැසදිමේදී මේ වසරේ ජුනි මාසයේ වැඩි පිරිසක් දුම්පානය කිරිමෙන් වැළකී ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය උපදෙස් අනුව දුම්පානය කරන පුද්ගලයින්ට කොවිඩ් ආසාදනයවීමේ වැඩි අවදානමක් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
( ගාඩියන් ඇසුරෙනි)
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්පානය කියන දෙයින් නම්, මේ රටේ සිටින සියලුම දෙනා ඉවත් විය යුතු දෙයක්. දුම්පානය කරන කිට්ටුව හෝ හිටියොත් ශරීරයට නිකොටින් ඇතුළු වී රෝගාබාධ ඇතිවෙනවා. කාලයක් තිස්සේ දුම් බොන්නෙකුගේ රුධිර නාල තුළ නිකොටින් තැන්පත් වීම නිසා එම රුධිර නාල වල සැරවා මෙන් නිකොටින් ඉවත් කරනු මා දැක තිබෙනවා. එවන් දෙයක් දුටු කිසිවකු කවදාවත් දුම්බොන එකක් නැහැ. සිගරට් කොම්පැනි කාරයන් අතීතයේදී ගුවනින් නොමිලේ ඒවා බෙදා තිබෙනවා. ඒ අනුව පුරුදු වූ අය දුම්බීමට පුරුදු වී පසුව එය එයට ඇබ්බැහි වී තිබෙනවා. දුම්බීම නිසා සිදුවන ධන විනාශයට වඩා මිනිසුන් මහා දුක්ඛිත තත්ත්වයකට පත් වී මිය යනවා. මේ තත්ත්වය දැන හෝ නොදැන බොහෝ දෙනා දුම්බීමෙන් ඈත් වීම ඉතාමත් සතුටට කාරණයක්...
ඉදිරියේදී එය බිලියන්වලට වඩා වැඩිවේවායි එකසිතින් ප්‍රාර්ථනා කරමි...