(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් පිරිසක් මුලතිව් මුත්තියන්කඩ්ඩු රක්ෂිතයේ ගවේෂණයකට ගොස් අතරමංව සිටියදී අද (16) උදෑසන සොයාගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.

මුත්තියන්කඩ්ඩු රක්ෂිතයේ මෙසේ අතරමංව සිටියේ වෛද්‍ය අංශයේ සිසුන් 09 දෙනෙකු වන අතර ඔවුන් ඊයේ (15) දින රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ කිසියම් ගවේෂණාත්මක වැඩසටහනක් වෙනුවෙනි.
එහිදී ඔවුන් වැඩසටහන අවසන් වී නැවත රක්ෂිතයෙන් පිටත් වීමට උත්සහ ගත් විට එය අසාර්ථක වීමෙන් සිසුන් අතරමංව සිටින බවට ඔවුන්ට හැඟීමත් සමග පොලීසියෙන් හා ඥාතීන්ගෙන් උදව් ඉල්ලා ඇත.
අනතුරුව ප්‍රදේශවාසීන් හා යුද හමුදාවේ 64 බලසේනාවේ සෙබළුන් පිරිසකගේ ද සහයෙන් පොලීසිය සමග රාත්‍රීයේම මුත්තියන්කඩ්ඩු රක්ෂිතයට ඇතුළු වී අද අලුයම වන විට අතරමංව සිටි සිසුන් පිරිස සොයාගැනීමට හැකි වූ බවට පොලීසිය කියයි.
සිසුන් පිරිස සොයාගන්නා විටත් යහපත් සෞඛ්‍ය තත්වයේ සිටි බවත් අද දිනයේ ඔවුන් ඥාතීන් වෙතට බාර දීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කළ ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩිදුරටත් කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ගමනක් යෑමේදී මාලිමා යන්ත්‍රයක් ළඟ තබා ගැනීම කළයුතු දෙයක්... එමෙන්ම, තමන් වනයට ඇතුල් වූ තැන් පටන් එකදිගට අතුඉති කඩා සලකුණු ලෙස තබා යෑම මග සොයා ගැනීමට රුකුලක්.. විශේෂයෙන්ම මේ වනාන්තර තුළ නපුරු පොළොන් වර්ග, ඇතුළු සර්පයන්ද, දිවි මකුළුවන් වැනි විෂසහිත සතුන්ද සිටිනවා නේද? වෙනත් වන සතුන්ද හමුවීමට හැකි බැවින්, ඒ සඳහාද පෙර සූදානමක් තිබිය යුතුමයි. වනාන්තරයක යෑමේදී තම හිතුමතේට නොයා ඉදිරියෙන්ම යන්නා අඩි දහයේ දොළහේ දිග කෝටුවක් ගෙනයෑමට පුරුදු විය යුතුයි. එසේ කරන්නේ, දඩයක්කාරයන් සතුන් ඇල්ලීමට මරඋගුල් හා තුවක්කු බැඳ තිබිය හැකි බැවිනි. දිග කෝටුවෙන් ඉදිරියට තට්ටු කරමින් යාමෙන් ඒවායින් බේරීමට හැකිවේ. වනගතවීමේදී දැනගත යුතු බොහෝ දේ ඇත. ඒවා නිසි අයුරින් දැනගෙන වනගත වීම වඩාත් ප්‍රයෝජනවත් වේ...