IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පාස්කුදා ප්‍රහාරය දැනුම් නොදුන්නාට කාදිනල්තුමන් මට දොස් කිව්වා

(*** දසුන් රාජපක්ෂ)

පාස්කු ඉරුදින දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල වන බව දැනගෙන ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තමාට දෝෂාරෝපණය කළ බව හිටපු විශේෂ ආරක්ෂක දිසාව බාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දූෂන් ප්‍රියලාල් මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (14 වැනිදා) පැවැසීය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‍ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කාර්යාලයේදී ඊයේ (14වැනිදා) රැස්විය.

ජනාධිපති කොමිසම හමුවේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දූෂන් ප්‍රියලාල් මහතා රජයේ නීතිඥ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

මා 1980 ජනවාරි 28 ආධුනික උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳි 2019 සැප්තැම්බර් මාසයේ දී විශ්‍රාම ගත්තා. මා විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස අවසන් වරට රාජකාරි කළා. මා අධීක්ෂණය කළේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි.

රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව ගැන ඔබට තොරතුරු ලැබුණද?
සාක්ෂිකරු:- 2019 අප්‍රේල් 10 වැනිදා විශේෂ ලිපියක් මගින් පොලිස්පතිවරයා මට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බව දැනුම් දුන්නා.

රජයේ නීතිඥ:- එම ලිපිය සකස් කර ඇත්තේ කවුද?
සාක්ෂිකරු:- එවකට බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පතිවරයා වෙත එම ලිපිය ලබාදී තිබුණා. බෝම්බ ප්‍රහාරය එල්ල විය හැකි ආකාර හතරක් සහ ඊට සම්බන්ධ ත්‍රස්තවාදීන් හය දෙනෙකුගේ නම් එම ලිපියේ සඳහන් වී තිබුණා.

රජයේ නීතිඥ:- ලිපිය ලැබුණට පසු ඔබ මොකද කළේ?
සාක්ෂිකරු:- මා යටතේ සිටින අධ්‍යක්ෂකවරුන් හතර දෙනාට මේ පිළිබඳ දැනුම් දුන්නා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බව එම ලිපියේ සඳහන් වූ නිසා අදාළ අංශවල ආරක්ෂාව තර කරන ලෙස මා උපදෙස් දුන්නා.

රජයේ නීතිඥ:- ඔබගේ උපදෙස් අනුව ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබුණාද?
සාක්ෂිකරු:- අධ්‍යක්ෂකවරුන් හතර දෙනා දිනපතා මට කතා කරනවා. මාගේ උපදෙස් අනුව ක්‍රියා කරන බව ඔවුන් මට පැවසුවා.

රජයේ නීතිඥ:- ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සම්බන්ධයෙන් කුමක්ද ගත් ක්‍රියාමාර්ගය.
සාක්ෂිකරු:- පොලිස් ජීප් රථයක් සමග පොලිස් නිලධාරීන් පිරිසක් තානාපති කාර්යාලයේ ආරක්ෂාවට යෙදවූවා.

රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වීමට පෙර ඔබට ඒ ගැන වෙනත් තොරතුරු ලැබුණාද?
සාක්ෂිකරු:- නැහැ. මට ඒ ලිපිය පමණයි ලැබුණේ.

රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ගැන ඔබ දැනගත්තේ කීයටද?
සාක්ෂිකරු:- අප්‍රේල් 21 වැනි දා උදෑසන මගේ කාර්යාලයේ නිලධාරීන් දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ දැනුම් දුන්නා. බෝම්බ ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ දේවස්ථානයට මා ගියා. ඉන් පසු නැවත කාර්යාලයට පැමිණ මට අදාළ අංශවල ආරක්ෂාව වැඩි කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දුන්නා.

රජයේ නීතිඥ:- නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබේ අධ්‍යක්ෂකවරුන්ට ඔබ යැවූ ලිපිය අන්තර්ජාලය සහ මාධ්‍යවල පළ වුණා. ඒ ගැන සොයා බැලීමක් කළාද?
සාක්ෂිකරු:- ඔව්, මා යැවූ ලිපිය පුවත්පත්වල පෙන්නනවා මා දැක්කා. ඇමැති ආරක්ෂක අංශවලට මා එම ලිපිය යොමු කළාට පසු ඒ හරහා මාධ්‍යවලට එම ලිපිය ලැබෙන්න ඇති. මා හිතන විදිහට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ පියා දේවස්ථානයට නොයන ලෙස හරීන්ට දැනුම් දී තිබෙන්නේ ආරක්ෂක නිලධාරීන්ට මා කළ දැනුම්දීමට අනුව වෙන්න ඇති.

රජයේ නීතිඥ:- ඔබ කළ දැනුම් දීම ඇමැති ආරක්ෂක නිලධාරීන් ප්‍රභූවරුන්ට දැනුම් දී තිබුණාද කියා ඔබ සොයා බැලුවාද?
සාක්ෂිකරු:- මා ඒ ගැන සොයා බැලීමක් කළා.
සමහර ආරක්ෂක නිලධාරීන් දැනුම් දී තිබුණා. සමහර ප්‍රභූවරුන්ට දැනුම්දී තිබුණේ නැහැ.

විනිසුරු මඩුල්ල:- ඔබට ලැබුණු තොරතුරු ගැන බෝම්බ ප්‍රහාරය එල්ලවීමට පෙර කා සමග හෝ සාකච්ඡා කළාද?
සාක්ෂිකරු:- නැහැ.

රජයේ නීතිඥ:- බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔබ දේවස්ථාන දැනුම්වත් කළාද?
සාක්ෂිකරු:- දැනුවත් කිරීමෙන් පසු එහෙම ප්‍රහාරයක් එල්ල වූයේ නැතිනම් මා අපහසුතාවට පත්වන නිසා පූජකවරුන්ට ඒ ගැන දැනුම් දුන්නේ නැහැ. මට අදාළ අංශයන් මා ඒ පිළිබඳ දැනුම්වත් කළා.

රජයේ නීතිඥ:- බෝම්බ ප්‍රහාරය ගැන දැනගෙන ඒ සම්බන්ධයෙන් දේවස්ථාන දැනුම්වත් නොකිරීම ගැන ඔබට දෝෂාරෝපණ එල්ල වුණාද?
සාක්ෂිකරු:- ඒ ගැන මට කාදිනල්වරයා දොස් කිව්වා.

විනිසුරු මඩුල්ල:- පොලිස්පතිවරයා මාර්ගයෙන් ඔබට ලැබුණු එම ලිපිය පිළිබඳ කතානායක ලෙස සිටින කරු ජයසූරිය මහතාට දැනුම්දීමක් කළාද?
සාක්ෂිකරු:- ඔව්, කථානායකවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට ඒ ගැන දැනුම්දීමක් කළා යැයි කීය.

මෙම ජනාධිපති කොමිසම අද (15) යළි රැස් වේ.

 



අදහස් (4)

පාස්කුදා ප්‍රහාරය දැනුම් නොදුන්නාට කාදිනල්තුමන් මට දොස් කිව්වා

SAM Wednesday, 15 July 2020 01:27 PM

සමහර ෆාදර්ස්ලා මේ ගැන දැනගෙන හිටියා... මොකද නැත්තේ..? කොහේටද ගහන්නේ කියලා දන්නේ නැහැ. නමුත් ප්‍රහාරයක් වෙන බව දැන උන්නා.

:       306       253

sharm warnThursday, 16 July 2020 03:12 AM

ඔය කියන්න හදන්නේ පල්ලියෙන් මේක දැනගෙන වසන් කළා කියලාද? ඔයාට මොනවද තියන සාක්කි? ඔය කියන ‘‘සමහර ෆාදර්ලා‘‘ ගැන.. නම් වශයෙන් කියන්නකෝ බලන්න... අපිත් කැමැතියි දැනගන්න.

:       0       22

Nimal Wednesday, 15 July 2020 04:08 PM

එවැන්නක් ගැන කාර්ඩිනල්තුමාට කලින් දැනුම් නොදුන්නානම් පොලිස් නිලධාරියෙකුට දොස් කියන්නේ අැයි එයා ඒ ගැන දැනුම් දුන්නේ නැහැ කියලා? දෙවියන් වහන්සේට ආසන්නව ඉන්නේ කාදිනල්තුමාද? පොලිස් නිලධාරීන්ද?

:       1       1

sharm warn Thursday, 16 July 2020 03:13 AM

කවදාහරි පල්ලියට බෝම්බ ගැහුවේ කතෝලිකයෝම තමයි කියලා කියන දවසකුත් එයි මෙහෙම යද්දී... මිනීමස් කන අය කවුද කියලා ඉහත කොමෙන්ටුවෙන් පෙන්නුම් කරනවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 545 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site