(ඩයනා උදයංගනී)
කොවිඞ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස බස් රථවල හා දුම්රිය තුළ සිගමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේදී පැවති අතර අමාත්‍යවරයා එහිදී මෙම උපදෙස් ලබාදී ඇත.
දුම්රිය හා බස්රථ තුළ යාචකයින් හැසිරෙන ආකාරය කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තියට බලපෑ හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් බස් රථවල හා දුම්රිය තුළ සිගාකෑම තහනම් කරන්නැයි අමාත්‍යවරයා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එහිදී එම යාචක ජනතාවට දඩුවම් නොකර ඔවුන්ට කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා මුහුණ පෑ හැකි අනතුර සම්බන්ධව පැහැදිලි කර දෙන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන් බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්... හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරියට. දවස් දෙකතුනක් කරයි. ඊටපස්සේ ආපහු එයි. කරන්න තියෙන්නේ මේ ගොල්ලෝ එක්කගෙන ගිහිල්ලා යාචක සුරැකුම් මධ්‍යස්ථානයකට දාන එක.. මේ ගොල්ලෝ අතර කුඩුවලට ඇබ්බැහි වුණු අය ඇති. ඒ ගොල්ලෝ හොයාගන්න වෙයි. නැතිනම් මේගොල්ලෝ තමයි වාහකයෝ දීර්ඝ කාලීනව මේ යාචකයින්ට තෝරලා නිවාස දෙන එක හොඳයි. ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් කාලේ හොඳ වැඩපිළිවෙළක් ගෙනිච්චා ගෙවල් හදලා දෙන්න. ඒක දිගටම හරියටම ගියානම් අද වෙනකොට කුඩුත් අඩුවෙලා.. කුඩුගැන දැනගෙන පොලිසියේ කවුරු හරි මගහරිනවා නම් ඒ අය ගැනත් හොයන එක හොඳයි. යාචකයෝ කුඩ්ඩන් සහ නිලධාරීන් ඒකට බැඳිලා ඉන්නත් පුළුවන්.. ඒක බන්ධනාගාර කුඩු සිද්ධිවලින් පෙනුනා.
හිඟන ජීවිත කියන්නේ දර්ශනයක්, ෂෝ එකක්... ඊට පිටිපස්සේ තියෙන්නේ කිසිම පොලිසියකට හොයාගන්න බැරි, අභිරහස්ගත පාතාල ලෝකයක්. ඒ නිසා මේ බොරු ෂෝ තහනම් කළ යුතුයි.
කාලෝචිත තීරණයක්... නමුත් ක්‍රියාත්මක කරන එක තමයි ප්‍රශ්නේ...
බස්වල බොහෝ දේ තහනම් කරනවා කිව්වේ පුද්ගලික බස් සේවය පටන් ගත්ත කාලේ ඉඳලා! - එ කිසිම දෙයක් අදටත් තහනම් වෙලා නම් නැත! හිඟන්නන්, මැජික් කාරයන්, (ටියුබ් බල්බ් කන්නන්) සංගීතඥයින් ආදි නොයෙක් ජාතියේ මිනිස්සු බස්වලට නැගලා මිනිස්සුන්ටත් පාට් දාලා තමන්ගේ වැඩේ කරගන්නවා. කොන්දොස්තරයි, ඩ්‍රයිවරුයි දෙන්නා දැක්කේ නැ වගේ ඉන්නවා!... මේ දෙන්නම බුලත් කාලා පාර මැද්දේ කෙළ තලියක් ගහනවා!!! බස්වල අධි-ශබ්ද සංගීත සංදර්ශන තහනම් කරනවා කියලා මහා ප්‍රචාරයක් ගෙනගියා.. මීට මාස දෙක තුනකට පෙර, දැන් මේ ශබ්ද දුෂණය තිබුණාටත් වැඩිය දරුණුයි.. මාස්ක් එක දාගෙන හරියට හුස්ම ගන්න බැරි වුණත් සංගීතය බලෙන්ම අසනවා. මේ තමයි අද අපේ රටේ තත්වය... ප්රශ්නය නම් රටවැසියන් වූ අප මේවා කියන්නේ කාටද කියන එකයි!
මේ යාචකයින් කියන්නේ හා ප්‍රෝඩාකාරී කොට්ඨාසයක්... මේ මතුපිටින් පෙනෙන දේ නෙමෙයි ඔවුන්ගේ සත්‍යය.. පසුගිය කාලයේ අප යාචකයන් සඳහා දානයක් දෙන්න තීරණය කර ගත්තා. අප ඇවිත් ඔවුන් සමග කතා කළා." එන්නම් හැබැයි දවසේ කලෙක්ෂන් එකට රු.1500/= යි, රෑට කන්න බත් පැකට් එකයි, අරක්කු බාගයයි, ලීටරේ වතුර බෝතලයයි, ස්ප්‍රයිට් ලීටරයයි ඕනෑ.. ගෙනියන්න එන්න ඕනෑ. ගෙනැල්ලා දාන්න ඕනෑ. නැතිනම් බැහැ. අපි කැමති නැහැ දවසේ කළෙක්ෂන් එක නැතිකර ගන්න."... කීවා. දානෙට අරක්කු දෙන්නේ නැහැනේ, අරක්කු නම් දෙන්න බෑ... අප කීවිට " ඒක එහෙනම් කරන්න බැහැ, වැඩේ ඇරිච්ච දෙන්..." කීවා. වැඩේ අත හැරුණා. ඔන්න යාචකයින්ගේ සැබෑ තත්වය..
හිඟාකන එකත් සමහරුන්ට හොඳ බිස්නස් එකක් වෙලා...
ලංකාවේ යාචකයින් කිසිදා පුනරුත්ථාපනය කළ නොහැකි පිරිසකි. ඔවුන්ට ගත වෙහෙසවා යමක් කිරීමට හැකි වුවත්, ඔවුන් පුරුදුවී ඇත්තේ මිනිසුන් රවටවා ජීවත් වීමටයි. බුද්ධ ධර්මයට අනුව දානයක ආනිශංස වඩාත් වැඩිවන්නේ එය ලබන්නා සිල්වත් වූ විටයි. ඒ අතින් බැලු කල දානයක් දිය යුත්තේ සිල්වත් භික්ෂුවකටයි.
මට මතක හැටියට මේ අවුරුද්දටම තුන් හතර පාරක් තහනම් කළා. දැඩි දඬුවම් දෙනවා කිව්වා.. අල්ලනවා කිව්වා. තව මාසෙකින් ආයෙත් ඕකම කියනවා.. හරියට පාතාලේ හා කුඩු මර්ධනය කරනවා වගේ. සෑම වසරකම අහන්නට ලැබෙන දෙයක්. තව එකක් පෞද්ගලික බස්වල ටිකට් කැඩීම අනිවාර්ය කරනවා වගේ...