
(ටී.කේ.ජී.කපිල )
මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (15 ) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් අතුරින් වැඩි දෙනෙකු එරට සංචාරක හෝටල් වල රැකියා කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .
අද ( 15) සිට විදේශයන්හි සිට පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ගෙන ඒම තාවකාලිකව නැවැත්වීමට පියවර ගත්තද මෙම පිරිස පැමිණ ඇති බවත් එහි නිශ්චිත හේතුවක් නොදන්නා බවත් ගුවන්තොටුපොලහි කාර්යේ නියුතු උසස් නිලධාරියෙක් පවසා තිබේ
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද (15) දින පස්වරු 3.10 ට මාලදිවයිනේ මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරණ විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පුදුම රටක්... කිසිම නීතියක් නැති ගෝත්රිකයින්ගෙන් පිරුණු සෙසු රටවල් වලින් කොන්වී ඇති රටක්... පෙරේදා මාධ්‍ය අංශය කීවා 14දා සිට වෙනත් රටවල් සිට එන ගුවන් යානා තාවකාලිකව නවත්වනවා කියලා. අද 15 දා කොහොමද? මොන නීතිය යටතේද මේ ගුවන් යානය ආවේ.. මේ ගෙනාව අයගෙන් ලොකු කුට්ටියක් ඉහළම දේශපාලුවෙකුට අල්ලස් ලෙස දුන්නාද?.
අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්... අනාථ කඳවුරුවල වෙසෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බොහොමයකගේ ජීවිත අනතුරේ...
විදේශ සේවා රක්ෂණ මුදල් ගෙවපු ශ්‍රමිකයින්ගේ නිරෝධායනය සඳහා වියදම් වන හෝටල්, ගුවන් බලපත්‍ර ගාස්තු සියල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනිවාර්යයෙන්ම දරන්න ඕනේ..