කෝටි 3ක ස්වර්ණාභරණ සමඟ 14ක් කටුනායකදී අත්අඩංගුවට රුපියල් තුන්කෝටි දහනමලක්ෂ හැත්තෑපන්දහස් එකසියඅසූවක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ මගීන් 14දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 01 November 2019
නායකයා මියගිය බවට අයි.එස් සංවිධානය තහවුරු කරයි තම නායකයා මරුමුවට පත්වූ බවත් නව නායකයකු පත් කළ බවත් අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අද (31) තහවුරු කළේය. 31 October 2019
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන්න එපා ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ. 31 October 2019
ශ්‍රීලනිපයේ පිරිසක් හංසයා වටා එකතුවීමට නියමිතයි ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් හංසයා ලකුණු වටා එක් වීමට නියමිත යැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (31) සඳහන් කළේය. 31 October 2019
ඌවේ සනීපාරක්ෂාව නැති උපකාරක පන්තිවලට මුද්‍රා තැබීමට නියෝග ඌව පළාතේ සියළු උපකාරක පන්ති හා පෞද්ගලික පාසල් හදිසි පරීක්ෂාවකට ලක්කර ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති සියළු පෞද්ගලික පාසල් හා උපකාරක පන්තිවලට මුද්‍රා තබන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ. 31 October 2019
ජනපතිවරණයට අලුතින් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 3000ක් මෙවර ජනාධිපතිවරණයේදී භාවිත කිරීම සඳහා අලුතින් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 3000ක් මිලදී ගත් බව මැතිවරණ කොමිසම කියයි. 31 October 2019
‘රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මේ වසර අවසානයට පෙර තැන්පත් කරනවා’ අනුරාධපුර රුවන්වැලි මහා සෑ මුදුනේ දැනට තැන්පත් කර ඇති වසර 80ක් පැරණි චූඩා මාණික්‍යය සහ රන් ආලේපිත කොත් වහන්සේ මේ වන විට පළුදු හා දුර්වරණ වී ඇති බැවින් ඒ වෙනුවට නව චූඩා මාණික්‍යයක් සහිත රත්රන් කොත්වහන්සේ නමක් තැන්පත් කිරීම මෙම වසර අවසන්වීමට පෙර සිදුකරන බව නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියෝ පැවසූහ. 31 October 2019
ඌව පළාත් ප්‍රවාහන අධිකාරියට ආණ්ඩුකාරයා කඩාපනී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සිදුව ඇති දූෂණ අක්රමිකතාවන් පිළිබඳව ලංකාදීපය සිදුකළ අනාවරණයෙන් පසු ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (31) සවස එම අධිකාරිය හදිසි නිරීක්ෂණයකට ලක් කළේය. 31 October 2019
2050 වනවිට වෙරළබඩ ප්‍රදේශ ගංවතුරින් යටවීමේ අවදානමක වසර 2050 වනවිට මිලියන 300කට නිවහන වී ඇති වෙරළබඩ ප්‍රදේශ ගංවතුරින් යටවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ නැවත වරක් අනතුරු අඟවති. 31 October 2019
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විරුද්ධත්වය ඉවත් කරගැනීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 31 October 2019
ඇමරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබාදෙන මුදල ගැනීමෙන් ස්වෛරීභාවයට හානිවෙනවා ඇමෙරිකා එක්සත් ජනපද සහශ්‍ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බැවින් එම ප්රදානය ලබා ගැනීමට අදාළ වන ගිවිසුම ක්‍රියාත්මක නොකරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. 31 October 2019
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (31) මහනුවරදී පැවැත්විණි. 31 October 2019
ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් ගැන හෙළිදරව්වක් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ වියදම් ගැන ලංකාවේ පළමු වරට තොරතුරු අනාවරණයකට මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) සූදානම් යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (31) පැවසීය. 31 October 2019
දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කරයි ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට (Visual Pollution) අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කරන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 31 October 2019
හේමසිරි - පූජිත්ගෙන් ප්රතිශෝධන පෙත්සමක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු අභියාචනාධිකරණය හමුවේ අද (31) ප්රතිශෝධන පෙත්සමක් ගොනු කළේය. 31 October 2019
එක්සත් ජාතික පෙරමුණ - චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුම හෙට එක්සත් ජාතික පෙරමුණ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී හෙට (1) පෙරවරුවේ සිදුකෙරේ. 31 October 2019
තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කුරුණෑගල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකට ගිය හෙලිකොප්ටර් යානය ගොඩබෑමට ඉඩනොදීම පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධාන තිස්ස අත්තනායක මහතා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත අද (31) දිනයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 31 October 2019
උදලු මිට පහර වැදී මිය ගිය දරුවාගේ පියා දිගටම රිමාන්ඩ් බිරිඳට එල්ල කල උදලු මිට පහරක් හිසට වැදී තම දරුවා මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර පියා නොවැම්බර් 14 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (31) නියෝග කළේය. 31 October 2019
සිසුවියට තෑගි දුන් සුවඳ විලවුන් බෝතලය 7 ක් සිහිසුන් කරයි අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් ගෙන එන ලද සුවඳ විලවුන් බෝතලය ආඝ්‍රහණය වීමෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුවකු සිහිසුන්ව ආසාත්මිකතාවයකට ලක්වීමෙන් අද (31) දහවල් රෝහල්ගත කළ බව ඉමදුව පොලිසිය පවසයි. 31 October 2019
මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අවභාවිතය ගැන පැමිණිලි 162ක් ජනාධිපතිවරණයට අදාළව සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම් පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. 31 October 2019
නැගෙනහිර ආදිවාසීන්ගේ සහය සජිත්ට නැගෙනහිර පළාතේ ආදිවාසී නායකයන් ඇතුළු ආදිවාසීහු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්වූහ. 31 October 2019
දිනකට හොර උප්පැන්න පිටපත් 50ක් හමුවෙයි ජාතික හැඳුනුම්පත් සකස් කිරීමට රැගෙන එන උප්පැන්න සහතික පිටපත් අතර ව්‍යාජ ලෙස සැකසු සහතිකපත් 50 කට ආසන්න ප්‍රමාණයක් දිනකට සොයාගන්නා බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 31 October 2019
ඡන්ද පත්‍රිකා මුහුණුපොතේ පළ කළොත් වසර 3ක සිර දඬුවම් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු, සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවල ඡායාරූප මුහුණුපොතෙහි පළ කරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 31 October 2019
ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක් සේවක වැටුප් ගෙවීම පවා අසීරු තත්වයකට පත්ව ඇති ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් පළාත් සභාවට රුපියල් කෝටි ගණනාවක පාඩුවක් සිදුව ඇතැයි පළාත් විගණන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයෙන් අනාවරණය වී තිබේ. 31 October 2019
ට්විටර් දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතයි ට්විටර් සමාජ ජාලය තුළ දේශපාලන දැන්වීම් ප්‍රචාරය කිරීම නවතා දැමීමට තීරණය කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි මහතා පවසයි. 31 October 2019
මුදල් වංචා කළ බැංකු කළමනාකරුවෙක් අත්අඩංගුවට ව්‍යාජ ලෙස කොටස් කරන ලද රන් භාණ්ඩ උකසට තබා රුපියල් එක් කෝටි හාරලක්ෂ අනුදෙදහසක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව යාපනය මල්නාකම් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක හිටපු කළමනාකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 31 October 2019
පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින දෙකක් ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සදහා නොවැම්බර් මස 4 හා 5 යන දින දෙක ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 31 October 2019
ලීටර 5 ට අඩු ජලබෝතල් මුහුදු ගෙයනාම බේරුවලින් තහනම් කරයි බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා දියඹට යන බහුදින යාත්‍රා 742 ක ධීවර කාර්මිකයින්ට ලීටර් 5කට අඩු ප්ලාස්ටික් ජල බෝතල් හෝ වෙනත් කිසිදු බෝතලයක් දියඹට රැගෙන යාම තහනම් බව බේරුවල ධීවර වාරයේ නියෝජ්‍ය කළමනාකරු ප්‍රසාද් වීරක්කොඩි මහතා අද (31) පැවසීය. 31 October 2019
ජනපතිවරණය වෙනුවෙන් සිරිකොතේ මෙහෙයුම් කාර්යාලයක් ජනාධිපතිවරණයට අදාළව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කර ඇතැයි එජාප මහලේකම් අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 31 October 2019
ආනන්ද සමරසේකරට වරෙන්තු රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව තොරතුරු වසන් කළැයි එහි තුන්වැනි සැකකරු වූ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (31) වරෙන්තු නිකුත් කළාය. 31 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026