(ජයන්ත සමරකෝන්)
කළුතර බන්ධනාගාරයේ තාප්පයට පිටතින් තහනම් භාණ්ඩ තොගයක් දැමීමට සුදානම් වූ 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.
එම තහනම් භාණ්ඩ අතර ජංගම දුරකථන 3 ක් මත්කුඩු,ගංජා හා දුම්කොළ තොගයක් තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් පොලිසිය හා එක්ව මෙම වැටලීම සිදුකර භාණ්ඩ සහිත පාර්සලය දැමීමට ඔත්තු බැලු පුද්ගලයකු මුලින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව පොලිසිය විසින් එම ඔත්තුකරු මුලින්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී නිවසක රැදී සිටි සෙසු පිරිස හා තහනම් භාණ්ඩ තොගය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරියෙක් අද (14) පැවසිය.
සැකකරුවන් 11 දෙනා අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් කරපු සෙල්ලම් ඉවරයි... ඔන්න වැඩේ අතටම මාට්ටු වෙලා. මේ අයට කිසිම සමාවක් දෙන්න එපා. මොවුන්ට නැවත මෙවැනි දේවල් නොකරන්නට අවශ්‍ය නිසි දඬුවම් ලබා දෙන්න ....