( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ සාක්කිකරු හැටියට නම් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සිතාසි නිකුත් කළ නොහැකි බව ජනාධිපති වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ අද (14) පැවසීය.
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ වෙනත් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
එහිදී වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා සතුව මුක්තිය ඇති බවය.
එබැවින් ජනාධිපතිවරයාව සාක්කිකරුවෙකු හැටියට අධිකරණයට කැඳවිය නොහැකි බවත් , ජනාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළ නොහැකි බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කීය.
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සතු මුක්තිය සාක්කිකරුවකු වශයෙන් කැඳවීමේදී අදාළ නොවන බවය.
එසේම නඩුවේ ජනාධිපතිවරයා නම් කර ඇත්තේ සාක්කිකරුවෙකු හැටියට වුවද ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඔහුගේ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ජීවිත තර්ජන ඇති බැවින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවත්වෙන නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන යවන ලෙස බවත් නීතීඥ නුවන් බෝපගේ මහතා කියා සිටියේය.
දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම සළකා බැලීම අගෝස්තු 26 වැනි දිනට කල් තැබිණි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙවැනි නීති වෙනස් කළ යුතුයි. නීතිය ඉදිරිවේ ඕනෑම කෙනෙක් සමාන විය යුතුයි. ප්රජාතන්ත්රවාදී රටවල් පාලනය කළ යුත්තේ එහෙමයි.
තාම කොටි ඒ අයට ඕනෑ විදිහට නටනවා..
2015 ත් 2019 ත් අතර කාලයේ ජනාධිපති අධිකරණයට කැඳවිය හැකිවනසේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කලා කියලා ඒකාලේ ප්‍රචාරය වුනා. නීතිඥ මහතා නිවැරදිනම් ව්‍යවස්ථා සංශෝධනය බොරුවක්ද. ඩිස්ලයික් නොදා පැහැදිලි කරදෙන්න.
ජේ.ආර්. ට බැන බැන භුක්තිවිදින විධායක බලයේ මහිමය .... !!!
ලලිත් කුගන් කෝ..... අපට මොකෝ!!!
ජනාධිපතිට නීතිය සෑමට සමාන බව ඔප්පු කිරිමට හොඳම අවස්ථාව.
දැන් JRට බැන බැන ඉන්න බෑ.. කාටත් මොකද ඔය ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 හම්බවෙලා තියෙනවා දෙතුන් පාරක්... දැන්වත් ඔය මැරිච්ච මනුස්සයාට පාඩුවේ ඉන්න දීලා වෙන අතක් බලා ගත්තානම් හොඳයි..
මේවා ජනාධිපති කාලේ කරපුවා නෙවෙයිනේ. ඉතින් මොකද බැරි?