(ජයන්ත සමරකෝන්)
මීගමුව බන්ධනාගාරයේ සැකකරුවකු හදිසි රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළත් කර සිටියදී මාංචු ගලවා පලා යෑමට උත්සහ ගත් අවස්ථාවේදී එහි 8 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගමුව පදිංචි එස් ලලින්ද නැමති 27 හැවිරිදි අයෙකි.
සැකකරු මීගමුව රෝහලේ අංක 27 කොරෝනා වාට්ටුව තුළ ප්‍රතිකාර සඳහා රඳවා සිටි අවස්ථාවේ මාංචු ගලවා පළායෑමට තැත් කර ඇතැයි මීගමුව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසු විට ඒ මහතා ද මේ බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ, පාට, තනතුරු බලන්නේ නැතිව හොර දේශපාලකයෝ ටික ඔය 8වැනි මහලට එක්කන් එන්නයි තියෙන්නේ.