ජපානයේ ලෝක උරුම ෂූරි බලකොටුව ගිනි ගනී ජපානයේ දකුණු දිග ඔකිනාවා දූපතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන ෂූරි බලකොටුව ගිනිගැනීමෙන් විනාශ වී ඇතැයි වාර්තා වේ. 31 October 2019
කොටි සංවිධානයේ නාමය සහිත ජීපීඑස් යන්ත්‍රයක් හමුවෙයි එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කළ බවට සැකකරන එම සංවිධානයේ නිල නාමය ඇතුළත් ජී.පී.එස්. යන්ත්‍රයක් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියකුට හමු වී ඇත. 31 October 2019
පාකිස්ථානයේ දුම්රියක් ගිනි ගනී - 74ක් මරුට පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රහීම් යාර් ඛාන් දිස්ත්‍රික්කයේ අද(31) මගී ප්‍රවාහන දුම්රියක හටගත් ගින්නකින් පුද්ගලයන් 74දෙනෙකු මියගොස් 44දෙනෙකු තුවාල ලබා ඇත. 31 October 2019
විජිත හේරත්ගේ මව කලුරිය කරයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ මව වූ තෙන්නකෝන් මුදියන්සේලාගේ කමලාවතී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. 31 October 2019
කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් එස්ටීඑෆ් දැලේ කෝටි දෙකක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු පුද්ගලයින් දෙදෙනකු අද (31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 31 October 2019
සමෘද්ධි සහතිකපත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමිසමෙන් හොරකම් කරලා සමෘද්ධියේ හොරට පත්විම් දීම සඳහා සැකසූ සහතික පත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තුමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගත්ත ද එය මැතිවරණ කොමිසමෙන් සොරකම් කර ඇති බව එස් බි දිසානායක මහතා පැවසීය. 31 October 2019
පොලිසියේ උසස්වීම් ක්‍රමවේදය වෙනස් වෙයි ශ්‍රී ලංකා පොලිසිසේ සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ පත්වීමේ සහ උසස්වීම් කාල රාමුව වෙනස් කිරීමට නීතිය හා සාමය අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබී ඇති නිසා සහකාර පොලිස් අධිකාරී නිලයේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා නිලධාරීන් 180කගේ පමණ ජ්‍යෙෂ්ඨත්වය අද (30) පෙරදාතම කරන බව පොලිස් මූලස්ථානය කියයි. 30 October 2019
‘‘පුළුවන්නම් ඇමැතිකමෙන් ඉවත් කර පෙන්වන්න‘‘ ඇමැතිකමෙන් හෝ වෙනත් ධූර වලින් හෝ ඉවත් වන්නේ නැති බවත් දිගටම ඇමැතිකමේ කටුයතු කරන බවත් රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා අද (30) පැවසීය. 30 October 2019
ජනපති අපේක්ෂක ගැන ටීඑන්ඒ රැස්වීමක් එකඟතාවයකින් තොරව අවසන් ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ තෝරාපත් කරගනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුලු පිරිසක් අතර යාපනයේදී අද (30) සවස පැවති රැස්වීමක් එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වෙයි. 30 October 2019
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුමට හෙට අත්සන් තැබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී හෙට (31) පෙරවරු 9.30ට සිදුකෙරේ. 30 October 2019
වතුකරයේ ඡන්ද ලක්ෂ 15 ම සජිත්ට වතුකරයේ ලක්ෂ 15ක ඡන්දවලින් එකදු ඡන්දයක්වත් සජිත් පේ‍්‍රමදාස මහතාට හැර වෙනත් කිසිවෙකුට නොලැබෙන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ් මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. 30 October 2019
සිය පක්ෂ විසුරුවා හැරීමට දෙමළ දේශපාලනඥයන් සූදානම් “ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට හැකි වුවහොත් සිය පක්ෂ විසුරුවා හැර ප්‍රධාන දේශපාලන පක්ෂවලට එකතුවීමට දෙමළ දේශපාලනඥයන් කැමැත්ත පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්මලානේදී පැවැසීය. 30 October 2019
දකුණේ ආපදාවට පත් වූවන්ට සහන සලසන්න ලක්ෂ 160ක් අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන්හි ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ලක්ෂ 160 ක මුදලක් ලබා දීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද (30) කටයුතු කළේය. 30 October 2019
ග්‍රේටා තන්බර්ග් පාරිසරික සම්මානය ප්‍රතික්ෂේප කරයි ග්‍රේටා තන්බර්ග් ඇයට ලැබුණු පාරිසරික සම්මානය සහ ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 30 October 2019
ජනපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙට - අනිද්දා දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය විමසීම හෙට (31) ආරම්භ කෙරේ. 30 October 2019
ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් අත්කරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස කල්වේලා ඇතිවම ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටී. 30 October 2019
වරාය නගරය නාගරික සංවර්ධන අධිකාරියට හෙක්ටයාර 446 ක වපසරියකින් යුත් වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් පැවරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (30) සිදුකෙරිණි. 30 October 2019
නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක් අපරාධ සිද්ධීන්වලට අදාළ නඩු ගොනු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව උපදෙස් ලබාදිය යුතු බවට නීතීපතිගේ තීරණයකට අනුව නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවමින් පසුගිය මාස 10 ක කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් නඩු ගොනු 13,283 ක් සම්බන්ධයෙන් පියවර ගෙන ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. 30 October 2019
‘ගෝඨාභය ජනපති වූවොත් අගමැති මහින්ද‘ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 30 October 2019
විවෘත කිරීමට නියමිත කාර්යාල සංකීර්ණයක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබදව අභිනවයෙන් ඉදිකර ඇති සිව්මහල් කාර්යාල සංකීර්ණය, මැතිවරණ ප්‍රචාරණය සඳහා අනිසි වාසියක් ගැනීමේ අරමුණෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 2 වැනිදා විවෘත කිරීමට නියමිත යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් අද (30) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 30 October 2019
ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රේල් ක්රමයටත් ඉල්ලයි ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් විසින් ජනතාව ඉදිරියේ තබා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන දෘෂ්‍යාබාධිත ජනතාවගේ පහසුව සඳහා බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය කර හෝ සංයුක්ත තැටියක් වශයෙන් ඔවුන්ට ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි පැෆරල් සංවිධානය සියලූ අපේක්ෂකයන් හා පක්ෂවලින් ඉල්ලීමක් කරයි. 30 October 2019
හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30) මරණ දඬුවම නියම කළේය. 30 October 2019
ශ්‍රී ලංකාව 117යි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 19ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 117ක් රැස්කළේය. 30 October 2019
හම්බන්තොට 1240ක් අවතැන් හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑ වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 362ක පුද්ගලයන් 1240ක් අවතැන් වී ඇතැයිද, නිවාස 200කට පමණ අර්ධ හානි සිදුව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි. 30 October 2019
හම්බන්තොට-මුලටියන පාසල් හෙටත් නිවාඩු දැනට පවත්නා වැසි සහිත කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (31) දිනයේද වසා තැබිමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇත. 30 October 2019
වසර 600 ක් පැරණි චීන මැටි බඳුනක් යාපනයෙන් හමුවෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම්වලදී සොයා ගත් මැටි බඳුන වසර 600-400 ත් අතර ඉපැරණි කාලයකට අයත් චීන මැටි බදුනක් බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.පුෂ්පරත්නම් මහතා පැවසීය. 30 October 2019
වෛරස් උණකින් වව්නියාව සරසවියේ සිසු පිරිසක් රෝහලේ හදිසියේ පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් වව්නියාව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනකු වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇත. 30 October 2019
බිලිඳිය මැරූ පියාට මරණ දඬුවම බිලිඳියගේ ගෙල කපා ඝාතනය කිරමෛ් සිද්ධියකට අදාළව වරදකරු වූ විත්තිකරුවකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (30) මරණ දඬුවම නියම කළේය. 30 October 2019
වැලිමඩ පුහුල්පොළ ජලාශය ජනතා අයිතියට උමාඔය බහුකාර්ය සංවර්ධන වාරි ව්‍යාපෘතියට අදාළව, පුහුල්පොළ ප්‍රධාන ජලාශය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අද(30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 30 October 2019
සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (30) පැවසීය. 30 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026