(ප්‍රින්ස් රත්නායක)
පසුගිය දිනවල කෝවිඩ් -19 ආසාදනය වී ඇතැයි හඳුනාගත් පුද්ලයෙකු සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 23ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.
ඒ අනුව මේ වනවිට බලන්ගොඩ 29දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.
මුල් සබඳතා පැවැත්වූ 6 දෙනා වාර්තා වන්නේ වැලිතයාය ප්‍රදේශයෙන් පුද්ගලයකු, කූරගල ප්‍රදේශයෙන් පුද්ගලයකු, සමනලවත්ත ප්‍රදේශයෙන් පුද්ගලයකු හා රාස්සගල ප්‍රදේශයෙන් තිදෙනෙක් වශයෙනි.
මෙම පුද්ගලයින් හා ඇසුරු කළ එම පවුල්වල පුද්ගලයින් ඇතුලු 23 ක් ස්වයං නිරෝධායනයට කටයුතු කර අත.
පළමු සබඳතා පැවැත්වූ 6 දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා සාම්පල බලන්ගොඩ මූලික රෝහලේදී අද(14) වැනිදා ලබාගැනීමෙන් අනතුරුව රත්නපුර මහරෝහල වෙත යැවීමට කටයුතු කරන බව වෛද්‍ය නූර්දින් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බලන්ගොඩ තවත් 23 ක් නිරෝධායනයට