IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජනපති කොමිසමට එරෙහිව අනුරගෙන්-ශානිගෙන් රිට් පෙත්සම් දෙකක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලට අනුව දේශපාලන පලිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානයක සහ රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර  යන මහත්වරු අද (13) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ.

 

නීතීඥ සුනිල් වටගල සහ නීතීඥ මංජුල බාලසූරිය යන මහත්වරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු  උපාලි අබේරත්න , සහ එහි සාමාජිකයන් දෙදෙනා , ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නම් කරනු ලැබ සිටිති.



අදහස් (5)

ජනපති කොමිසමට එරෙහිව අනුරගෙන්-ශානිගෙන් රිට් පෙත්සම් දෙකක්

ධනා Monday, 13 July 2020 10:22 AM

මොකෝ මේ අනුර ගොයියා බය වෙලා?

:       1       0

සරදියෙල් Monday, 13 July 2020 10:41 AM

එහෙම කළොත් මේ කොමිසම පිහිටවපු කාරණාව ඉෂ්ඨ වෙන්නේ නෑනේ...

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 11:02 AM

ජනපති කොමිෂමක් කියන්නේ අධිකරණයක් නොවේ. එම කොමිසම පත් කරන්නේ බලයේ සිටින ජනාධිපතිවරයෙකි. ඒ සඳහා ඔහු පත් කරන්නේ ඔහුට පක්ෂපාතී ඔහු දන්නා විශ්‍රාමලත් විනිසුරුවරුන්ය. එබැවින්, කොමිසම් පත්කොට විශාල වශයෙන් මහජන මුදල් නාස්තිකර කාලයද නාස්ති කරනවාට වඩා කිසියම් ප්‍රශ්නයක් රටේ ඇති අධිකරණ වෙත යොමු කිරීම ඉතාමත්ම නිවැරදි ක්‍රමය වේ. රටක පවතින ස්වාධීන අධිකරණයේ ආධිපත්‍යයට ඉහළින් යෑමට කිසිඳු කොමිසමකට හෝ නොහැකියි. එබැවින් යම් දෙයක් යුක්තිය පසිඳලීමට අවශ්‍ය නම්, ඒ සඳහා විශාල වියදම් දරා පත්කරන කොමිෂමට වඩා රටේ ගරු අධිකරණය ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය.

:       0       47

Nishan Monday, 13 July 2020 11:17 AM

අද අප පසු කරමින් සිටිනුයේ ලංකා ඉතිහාසයේ එක පවුලක් විසින් නීතියේ ආධිපත්‍ය තම අතට ගෙන තමන්ට අවැසි ලෙස හසුරුවන අවිචාර සමයක්ය.

:       0       2

Ranga Tuesday, 14 July 2020 02:57 AM

බළලා මල්ලෙන් එළියට පැන්නදෝ මන්දා... ඒ දවස්වල නම් කිව්වේ අපිට විරුද්ධව ඕනම පරීක්ෂණයක් කරන්න. අපි ලෑස්තියි ඕනම දේකට මූණ දෙන්න කියල තමයි කිව්වේ... ඕනම පරීක්ෂණයක් කියන එකට මේ පරීක්ෂණය අදාල නැහැ.. මගේ හිතේ..!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16826 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site