(නයනජිව බන්ඩාර)
මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වැළදී ඇතැයි සැකකළ පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණ වලදි ඉන් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට අද (13) තහවුරු වූ බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි.පි.කේ අධිකාරි මහතා පැවසිය.
ඒ මහතා තවදුරටත් පවසන්නේ පි.සි.ආර් පරික්ෂණ සදහා යොමුකළ ඉතිරි තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වැළදී නැති බවට අනාවරණය වූ නමුත් ඉතිරි දෙදනාගේ පරික්ෂණ වාර්තා මෙතෙක් නොලැබුණු බවයි.
මෙම කොරෝනා රෝගය වැළදී ඇති බවට සැකකළ රෝගින්ගේ ජෛව පටල සාම්පල වෛද්‍ය පරික්ෂණ සදහා යොමුකර ඇත්තේ ඉකුත් 10 වැනිදාය.
කොරෝනා රෝගය වැළදුණු පුද්ගලයන් දෙදෙනා සියඹලාණ්ඩුව විලඔය හා බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් දෙදෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ ආරක්ෂක අංශ නිළධාරින් බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මේ අනුව කොරෝනා රෝගින් සෘජුව ඇසුරු කළ පුද්ගලයන් 8දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය වෙතත් තවත් පුද්ගලයින් 60 දෙදෙනකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරිමට මොණරාගල සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මොණරාගල දෙදෙනකුට කොරෝනා