(වයි .ඒ.එස්.වීරවංශ )
පසුගිය දින කිහිපය තුළ කොරෝනා රෝගය වැළඳුණු, රත්නපුර රෝගියා ඇසුරු කළ බළංගොඩ පුදේශයේ පුද්ගලයින් 6දෙදෙනෙකු අද(14)සිය නිවෙස්වලම ස්වයං නිරෝධනයට ලක්කර ඇති බව බළංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජයවික්‍රම මහතා සඳහන් කළේය.
ඒ අනුව බළංගොඩ රාස්සගල 3දෙනෙකු ද, සමනලවත්ත එක් අයෙක්ද වැලිපතයාය එක් අයෙක්ද කුරගල එක් අයෙක්ද වශයෙන් ස්වයං නිරෝධනයට ලක්කර තිබේ.
මෙම පුද්ගලයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ රත්නපුර ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව මෙම පුද්ගලයින් ඇසුරු කළ වෙනත් අය පිළිබදව ද තොරතුරු සොයමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියාසිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd