(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 14 දෙනෙකු ආරම්භ කළ ආහාර වර්ජනය අද (13) අත්හැර දැමීමට එම රැඳවියන් පිරිස තීරණය කර ඇතැයි බූස්ස බන්ධනාගාරයේ නිලධාරියෙකු සඳහන් කළේය.
දින දෙකක් ඇතුළත විසඳුමක් ලබා දෙන බව බන්ධනාගාර නිලධාරීන් පැවසීමෙන් පසු රැඳවියන් ආහාර වර්ජනය අත්හැර දැමීටට තීරණය කර තිබේ.
දවස පුරාම සිරකුටිවලට දමා වසා ඇති බව කියමින් මෙම රැඳවියන් 14 දෙනා ආහාර වර්ජනය කරමින් උපවාසයේ නිරත වූ බව එම බන්ධනාගාරයේ නිලධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd