IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කංජිපානිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තමන්ට පාතාලයෙන් හා බන්ධනාගාර තුලින් ජීවිත තර්ජන පවතින බවත් , දැනට තමන් රදවා සිටින  බූස්ස බන්ධනාගාරය තුලද එවැනි තර්ජන ඇති හෙයින්  ජීවිත සුරක්ෂිතතාවය ඇති වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන්නැයි ඉල්ලා  වසර 6 ක බරපතල වැඩසහිත සිරදඩුවම් විදින පාතාල නායක කංජිපානි ඉම්රාන් නැමැත්තා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ගොනු කළේය.

නීතිඥ කේ.ධනුක ලක්මාල් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා , අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , නීතිපති ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (10)

කංජිපානිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

sharm warn Monday, 13 July 2020 10:09 AM

මෙයාගේ මූලික අයිතිවාසිකම් ගැන කරන්නේ මෙයා අතින් මැරිච්ච මිනිසුන්ට මූලික අයිතිවාසිකම් තියෙනවා කියලා හිතුණේ නැද්ද දන්නේ නැහැ. ලංකාව නම් පුදුම රටක් ඒ අතින් බලනකොට... සියලු දරුණු අපරාධකාරයින්ට මූලික අයිතිවාසිකම් තියෙනවා. පෙනී හිටින්න ලෝයර්ස්ලාත් ඉන්නවා.

:       0       0

නුවන් Monday, 13 July 2020 10:12 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා වහාම මේ කන්ජිපානි මහතාව නිදහස් කරනු ඔහුගේ ජීවිතයට අනතුරක් වුණොත් අපි ඉඳලා වැඩක් නැහැ.. ලේසියෙන් අරින්නේ නැහැ මානව හිමිකම්, සම්බාධක දම්මනවා ලංකාවට... අනේ මේ අය වෙනුවෙන් පෙනිහිටින්න නීතිවේදීන් කියන අයත් ඉන්නවනේ...

:       0       0

thilak Monday, 13 July 2020 10:23 AM

වැඩියෙන්ම තියෙන තර්ජනය නම් ජංගම දුරකථන භාවිතා කිරීමට නොහැකි වීමයි...

:       0       0

වීරවිජේ Monday, 13 July 2020 10:34 AM

ලැජ්ජා නැද්ද? රෙදි ඇඳගෙනද ඉල්ලන්නේ?

:       0       0

ana Monday, 13 July 2020 10:36 AM

කරන කළට පව් මිරිය මී සේ...

:       0       0

Asanga Monday, 13 July 2020 11:12 AM

මොවුන්ට මොන ආරක්ෂාවක්ද දෙන්නේ? තව අයිතිවාසිකම් කියන්නේ කොහේ තියන බලයකින්ද දන්නේ නැහැ. හොඳම දේ මෙයාව ආයුධ පෙන්නන්න අරගෙන ගිහිල්ලා දඬුවම් දෙන එක...

:       0       0

raheem Monday, 13 July 2020 11:51 AM

දැන්ද තමන්ගේ ආරක්ෂාව ගැන මතක් වුණේ? එළියේ ඉඳගෙන අනිත් අයව මැරෙනකොට මැරෙන මිනිස්සු ගැන හිතන්න තිබුණානේ..? STF ආරක්ෂාව ඕනෑද?

:       0       0

susil Monday, 13 July 2020 05:11 PM

එතකොට කුඩු විකුණලා, මිනීමරලා අනෙක් මිනිස්සු මැරෙනකොට මෙයාට කමක් නැද්ද දන්නැහැ. හැබැයි එහෙම එකක් ඇත්තට තියෙනවා නම් මේ රටේ ජනතාවෙන් (NGO නඩය ඇරෙන්නට) අකමැති කෙනෙක් ඉඳියි කියලා හිතන්න අමාරුයි...

:       0       0

BADRANI Monday, 13 July 2020 08:55 PM

මෙතුමා මතුදිනයක මේ සිංහල රටේ නායකයා විය යුතුයි.

:       0       0

gunda Tuesday, 14 July 2020 06:06 AM

පාතාලයන්, කුඩු කාරයන් බේරා ගැනීමට ඉදිරිපත්වන සල්ලි පෙරේතයොත් මේ රටේ ඉන්නවා. ඉතින් කොහොමද රටක් හදන්නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site