පොලිස් රියට වල්අලි පහර දෙති පොලිස් නිලධාරියෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ගමන් ගනිමින් සිටි මෝටර් රථයකට අද (30) මිහින්තලේ පොලිස් වසමේ මානෙල්වැව ප්‍රදේශයේදි වන අලි රංචුවක් පහරදී තිබේ. 30 October 2019
වැස්සෙන් මාතර පවුල් 124 ක් පීඩාවට දින කිහිපයක සිට මාතර දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 124 කට අයත් පුද්ගලයින් 514 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්රභාත්කළුබෝවිල මහතා පැවසීය. 30 October 2019
‘‘කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ‘‘ ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් දෙමළ ජනතාව ස්ව කැමැත්තෙන් තමන්ට සිතෙන අපේක්ෂකයෙකු හට ඡන්දය දියයුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි. 29 October 2019
ජනාධිපති පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ප්‍රතික්ෂේප කරයි පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිසිසේත්ම නොපිළිගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (29) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 29 October 2019
වෛද්‍ය සමිතා සමන්මලීට ආසියානු පැරා ලෝකඩ පදක්කමක් දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ‘කාන්තා කේවළ ඔරු පැදීමේ’ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය සමත් වූවාය. 29 October 2019
කල් ඉකුත් වූ දෑ මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකන් සමාගමට මිලියන 27.2 ක පාඩුවක් ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ශාඛාව කෝප් කමිටුවට පැමිණිලි කර තිබේ. 29 October 2019
හැඳුනුම්පත් නැති ඡන්ද දායකයන්ට තාවකාලික ලිපියක් ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්ද දායකයන් වෙත තාවකාලික ලිපියක් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 29 October 2019
වෛද්‍ය පාදෙනියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් ලබාගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගීවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 29 October 2019
සැකකරුවෙක් බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලායයි රත්නපුර උසාවි සංකීර්ණයේ සිට බන්ධනාගාර බස් රථය වෙත ගෙන එමින් සිටි සැකකරුවන් අතර සිටි එක් සැකකරුවෙකු අද (29) සවස බන්නාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. 29 October 2019
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් කරුණු 11 ක යෝජනාවලියක් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් වෙනුවෙන් තම සහය දැක්වීම සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් කරුණු 11 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි. 29 October 2019
වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන ගෑස් සඟවා තබාගන්නා සහ වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. 29 October 2019
සිවාජිලිංගම්ගෙන් අලුත්ම කොන්දේසියක් මීළඟ ජනාධිපතිවරයා වශයෙන් කවුරුන් බලයට පත්වුණද උතුරේ ජාතික ගැටළුවට තෙමසක කාලයක් තුළ විසඳුම් දිය යුතු බවත් නොවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් උතුරු නැගෙනහිර පළාත් තුළ ජනමත විචාරණයකට යන බවත් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 29 October 2019
වාහනවල ඇලවූ මැතිවරණ ස්ටිකර් ගලවයි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන හෝ අගතියට පත්වන ආකාරයට විවිධ වාහනවල අලවා ඇති ස්ටිකර් ගැලවීම සඳහා පොලිසිය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 29 October 2019
වව්නියාවේ ළිඳකින් දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි වවුනියාව , නෙදුන්කර්ණි , පට්ටිකුඩිරිප්පු හි නිවසක් අසළ ළිඳක තිබී මියගිය වයස අවුරුදු තුනක හා දෙකක කුඩා ළමුන් දෙදෙනකුගේ සිරුරු අද (29) දහවල් සොයාගත් බව නෙදුන්කර්ණි පොලිසිය කියයි. 29 October 2019
අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ශ්‍රී ලංකාව ආශ්‍රිතව පැවති වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩුපීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් හෙට (30) සිට එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 October 2019
‘පාස්කු ප්‍රහාරය ගැන බොරු නාට්‍යයක් හදනවා’ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපතිවරණයේ පරාජයේ වියරුව වසාගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පාස්කු ප්‍රහාරය සිදුවූවක් බවට හැඟවෙන නාට්‍යයක් රූගත කරන බවට තොරතුරු ලැබී ඇතැයිද, එවැනි පහත් දේශපාලනයක නොයෙදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බවද පුත්තලම් දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත මහතා අද(29) පැවසීය. 29 October 2019
දඹදිව වන්දනාවේ යවන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ් දඹදිව වන්දනාවේ යවන බව පවසා පුද්ගලයින් 23ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ අයෙකු නොවැම්බර් 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද(29)නියෝග කළාය. 29 October 2019
හම්බන්තොට දිස්ත්‍රික්කයේ-මුලටියන කළාපයේ පාසල් හෙට වසා දමයි දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (30) වසා තබන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇත. 29 October 2019
හෙරොයින් ළඟ තබා ගත් මවක් දිවි ඇති තෙක් සිරගෙට හෙරොයින් ග්‍රෑම් 6 ක් ළඟ තබාගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් අද(29) නියම කළේය. 29 October 2019
‘එජාපයේ ප්‍රබලයින් තිදෙනකු ගෝඨාට සහය දෙන්න එක්වෙනවා‘ පළාත් තුනක් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් තිදෙනෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරියේදී එක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 29 October 2019
ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව පැයකින් දීර්ඝ කරයි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමේ යෝජනාවට පක්ෂ නියෝජිතයින්ගේ එකඟත්වය හිමිව තිබේ. 29 October 2019
ද්විත්ව කැබ් රථවලට අය කළ සුඛෝපභෝගී බද්ද නොවැ 1 සිට ඉවතට ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්) සඳහා මෙතෙක් අය කළ සුඛෝපභෝගී බද්ද නොවැම්බර් 01 වැනි දින සිට ඉවත්කරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 29 October 2019
කාණ්ඩ 7ක වාහන ලියාපදිංචිකිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි වාහන කාණ්ඩ 7කට අයත් මෝටර් කාර් රථ, ද්විත්ව කාර්ය වාහන, සියලු ලොරි රථ සහ ආසන 30ට අඩු, මගී ප්‍රවාහන බස් රථ ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 29 October 2019
හිස්බුල්ලා ‘අපේ සිහිනය’ එළිදක්වයි මුස්ලිම් ජනතාවගේ ජන ප්‍රතිශතයට අනුව ඉඩම් ලබාදීමට ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු හැටියට තරඟ කරන ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙහි සඳහන් වේ. 29 October 2019
වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවසක් තුළ කිසියම් පිරිසක් කළ රහසිගතව කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් අද (29) දින අරඹා තිබුණි. 29 October 2019
රජයේ වෛද්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි ඉල්ලීමක් ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. 29 October 2019
ගෑස් ගෙන එන නැව් ප්‍රමාදයි දිවයිනපුරා ඇති වී තිබෙන ගෑස් හිඟය තව දින කිහිපයකින් අවසන් වන බව ලිට්රෝ ගෑස් සමාගමේ ප්රකාශිකාවක් පැවසුවාය. 29 October 2019
‘දෙනුවර මැණිකේ‘ පළමු වැනිදා සිට ගමන් අරඹයි ‘දෙනුවර මැණිකේ‘ නමින් නව සුඛෝපභෝගී දුම්රියක් ලබන 01 වැනිදා සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 29 October 2019
මරණ දඬුවම වළක්වාලීමේ අතුරු නියෝගය දීර්ඝ කරයි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 29) තීන්දු කළේය. 29 October 2019
නිල්වලා ගඟ පිටාර මට්ටමේ නිල්වලා ගඟේ ජල මට්ටම අද(29) පිටාර මට්ටමට පැමිණ තිබූ අතර පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 29 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026