IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනාවෙන් මියගිය අය ආදාහනයට එරෙහිව පැනවූ ගැසට්ටුවේ පෙත්සම් කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )



කෝවිඞ් 19 වෛරසය  ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ  සිරුරු ආදාහනය කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවත් , වයිරසයෙන් මියගිය අයගේ සිරුරු ආදාහනය  කළ යුතු බවට රෙගුලාසි  පනවමින්  නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා  මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් වන රාවුෆ් හකීම් , රිෂාඞ්  බදුද්දීන්  ඇතුළු  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් , ඉස්ලාම් හා කතෝලික බැතිමතුන් පිරිසක් විසින් ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම ලබන සැප්තැම්බර් 9 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීන්දු කළේය.

 

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අතර එහිදී මෙම පෙත්සම් සළකා බැලීම එදිනට කල් තැබිණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක  හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු  අමාත්‍යවරුන් වන රිෂාද් බදුද්දීන් මහතා අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් ,අමීර් අලි, ඒ.එම්. මහරූප්,හුසේනඅහමඞ්  බහිලා යන මහත්වරුන් , කතෝලික හා මුස්ලිම් බැතුහතුන් මෙහි වගඋත්තරකරුවෝ  වෙති. 

සෞඛ්‍ය  ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය  අමාත්‍යංශ ලේකම්  ,සහ නීතිපති  මෙහි වගඋත්තරකරුවෝ වශයෙන් නම් කරනු ලැබ සිටිති.

කෝවිඞ් වසංගත යට ගොදුරු වී  මියගිය අයගේ  සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය  පිළිබඳ  සදහන් කරමින්  ඉකුත් අපේල මස 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති .

එසේ තිබියදී  මෙරට සිදුවන  මරණ සම්බන්ධයෙන්  කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර  එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි  පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්  බව පෙත්සම් කරු කියයි .

 

 



අදහස් (2)

කොරෝනාවෙන් මියගිය අය ආදාහනයට එරෙහිව පැනවූ ගැසට්ටුවේ පෙත්සම් කල්යයි

වීරවිජේ Monday, 13 July 2020 10:38 AM

අනේ මේ යන්න. ආණ්ඩුව කියන දෙයක් කරන්න.. ඉස්සෙල්ලා එහෙම නොවුනොත් යන අපාය ඔප්පු කරලා පෙන්නන්න. කරොත් යන ස්වර්ගේ සාක්කි සහිතව ඔප්පු කරලා පෙන්නන්න..

:       0       0

සමන්ත Monday, 13 July 2020 04:26 PM

මේ අයගේ අයිතිවාසිකම් නැතිවෙනවා නම් ඒ අයට එම අයිතිවාසිකම් දුන්නොත් බහුතරයකගේ ජීවත් වීමේ අයිතිය ගැන වග කියන්නේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site