වෛද්‍ය පාදෙණියගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් ඉල්ලයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් එම සංගමයේ සාමාජිකත්වයට වක්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 27 October 2019
ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැති පළමු වි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට රැස්කිරීමට හැකිවූයේ ඕවර 20ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 99ක් පමණි. 27 October 2019
වෙළඳ කලාපවලටත් ඡන්ද මධ්‍යස්ථාන ඉල්ලයි නිදහස් වෙළද කළාපවල සේවය කරන ලක්ෂයකට අධික සේවක සේවිකාවන් වෙනුවෙන් කලාප ආශ්‍රීතව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. 27 October 2019
ශ්‍රී ලංකාවට 234ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැත්වෙන පළමු වි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 233 ක් රැස්කළේය 27 October 2019
අයිසිස් නායකයා මරුට ඇමෙරිකා එක්සත් ජනපදය කළ මෙහෙයුමක් අතරතුරදී අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි මියගොස් ඇති බව ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් පුවත් ආයතන වාර්තා කර ඇත. 27 October 2019
ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා නාය යාමකට ලක්ව ගල් හා පස් මාර්ගයට කඩාවැටීමෙන් වසා දැමූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව බ දුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය . 27 October 2019
‘කුඩු දිලීප’ අත්අඩංගුවට මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දිලිප් තරංග හෙට්ටිආරච්චි හෙවත් ‘කුඩු දිලීප’ නමැත්තා ගිනි අවි සහ තියුණු ආයුධ සමඟ අද(27) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 27 October 2019
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (27) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. 27 October 2019
එංගලන්තය අවසන් මහ තරගයට සැමෝවා සම්භවයක් ඇති නමුත් එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන සෙන්ටර් ක්‍රීඩක මානු තුයිලගායි වේලාසනින්ම ලබාගත් උත්සාහක දිනුමත් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා වූ ජෝර්ජ් ෆෝඞ් සාර්ථක කරගත් දඬුවම් පහර 4 ත් නිසා අපහසුවකින් තොරවම නවසීලන්තය පරාජය කළ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 26 October 2019
අනවසර කැණීම් කළ 5ක් අත්අඩංගුවට ගල්කිරියාලම උදුරව දකුණ බොබැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පසුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ බවට සැක පිට පුද්ගලයින් 5 දෙනෙකු ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 26 October 2019
ඖෂධ බහාලු උර තොගයක් වෙරළට ගසාගෙන එයි වෙන්නප්පුව උල්හිටියාව වෙරළට ගසාගෙනවිත් තිබූ කල්ඉකුත් වූ ඖෂධ තොගය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඩි.එම්.කේ දිසානායක මහතාගෙන් කළ විමසිමේදී පැවසීය. 26 October 2019
හල්දුම්මුල්ලට - ඇල්ලට - පස්සරට ආපදා අවදානම තවදුරටත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල , ඇල්ල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉකුත් 22 අඟහරුවාදා නිකුත් කළ ආපදා අවදානම් පළමුවන අදියරට අදාල කහ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 25 October 2019
මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිගෙන් පොලිසිය පැය 4 ක් ප්‍රශ්න කරයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජාතික කවුහිත් ජමාද් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් සමඟ 2015 පැවැත්වූ බව කියන සාකච්ඡාවක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයාගෙන් පොලිසිය අද (25) පැය 4 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 25 October 2019
‘‘ආණ්ඩුකාරවරු මැතිවරණ ප්රචාරයට රාජ්‍ය සම්පත් යොදා ගන්නවා‘‘ පළාත් ආණ්ඩුකාරවරුන් මැතිවරණ ප්‍රචාරය සඳහා එක්වෙමින් පළාත් සභා සතු රාජ්‍ය සම්පත් ඊට උපයෝගී කරගන්නා බවට මැතිරවණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි. 25 October 2019
ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක් ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය දැක්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද ඊට සහයෝගය දීම නිසා එය සම්මත වූයේ යයිද එමගින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් අනුමත වූ බවද ජනතා විමුක්ති පෙරමුණ් ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පැවසීය. 25 October 2019
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදකී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (26) පෙරවරු 9.30 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පදනම් ආයතනයේදී එළිදැක්වේ. 25 October 2019
මඩකලපු රාත්‍රී තැපැල් දුම්රිය අද සිට ධාවනය කෙරේ දින තුනකට පසු කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය අද (25) රාත්‍රී සිට ධාවනය වන බව දුම්රිය පාලන මැදිරි කාර්යාලය පවසයි. 25 October 2019
‘‘ජනපතිවරණයට ආපදා තත්ත්වයක් ඇතිවුව හොත් මුහුණදීම සඳහා සූදානම්‘‘ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනවල හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 25 October 2019
වැලිකඩ අංක 03 වාට්ටුවේ රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 03 වාට්ටුවෙන් විදෙස් මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහල් වාට්ටුවේ සිටි රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවන බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 October 2019
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්රීලනිපය අනුමත කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට සියයක් අනුමත කළ හැකි එකක් බව ශ්‍රී.ල.නි.ප ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 25 October 2019
ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි නාය යාමත් සමඟ මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය. 25 October 2019
විදේශ භාෂා උගන්වන්න රාජ්‍ය පාසල්වලට උපාධිධරයෝ බඳවා ගනිති රජයේ පාසල් වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 25 October 2019
ලබන සඳුදා දෙමළ පාසල් නිවාඩු දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන සඳුදා(28) සියලු දෙමළ පාසල්වලට(මුස්ලිම් පාසල් හැර) නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. 25 October 2019
අන්තරේ සිසුන් 53 දෙනාට ඇප නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ලෝටස් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වූ විශ්ව විද්‍යාල සිසුන් 53 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය. 25 October 2019
අත්අඩංගුවට ගත් අන්තරේ සිසුන් 53 දෙනා අද අධිකරණයට අධිකරණ නියෝග නොතකා, මැතිවරණ නීති උල්ලංඝනට කරමින් කොළඹ කොටුවේ දී විරෝධතාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට සරසවි සිසුවිය ඇතුළු සිසුන් 53 දෙනා අද (25) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. 25 October 2019
‘එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා‘ හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය. 25 October 2019
මැතිවරණ කොමිසමට පැමිණිලි 1618 ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ පැමිණිලි 1618 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 25 October 2019
මුහුද රළු වෙයි ශ්‍රී ලංකාවේ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2019
ඇතැම් පිරිස් කැලිෆෝනියා අධිකරණයේ නඩු තීන්දුව අවභාවිත කරනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය දුන් නියෝගය අවභාවිත කරමින් ඇතැම් පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් සිටින බව ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා අද (24) ප්‍රකාශ කළේය. 25 October 2019
‘රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිටින මකරුන්ගෙන් බේරාගත යුතුයි‘ රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිට රට ගිලගැනීමට බලා සිටින මකරුන්ගෙන් හා මංකොල්ලකාරයින්ගෙන් රට බේරාගත යුතු යැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (24) පැවසීය. 24 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026