(සිරංගිකා ලොකුකරවිට)
උණවටුන උප දුම්රිය ස්ථානය හෙට (13) පෙරවරු කාලයේ වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කර නිවසට පැමිණ සිටිය දී කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ හබරාදුව පදිංචිකරුවකු උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ස්ථානය වසා දැමීමට සිදුව ඇත.
උප දුම්රිය ස්ථානාධිපතිවරයා සෞඛ්‍ය අංශ විසින් අද (12) දිනයේ පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහු ආසාදිතයකු නොවන බව ද තහවුරු වී ඇත.
එසේ වුව ද දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ඔහුට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස් ලබා දී තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මේ හේතුවෙන් උප දුම්රිය ස්ථානය වසා දැමූ බවයි.
එසේ වුව ද උණවටුන දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වන බවත් එම දුම්රිය ස්ථානයෙන් දුම්රියවලට ගොඩවන පුද්ගලයන්ට කටුගොඩ දුම්රිය ස්ථානයෙන් හෝ ගාල්ල දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සපයන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (13) දිනයේ උදෑසන උණවටුන දුම්රිය ස්ථානය විෂබීජහරණය කර යළි වෙනත් උප ස්ථානාධිපතිවරයකු යොදවා සාමාන්‍ය පරිදි සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කීවේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි