(ජයන්ත සමරකෝන්)
ජනතාව අතර නොසන්සුන්තාවයක් හා භිතියක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රචාර හා කටකථා පතුරුවන අයට එරෙහිව හෙට (16) සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද (15) පොලිස් මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

නිරෝධායනයට හෝ ස්වයං නිරෝධායනයට පුද්ගලයින් යොමුකිරීම කෝවිඩ් ආසාදිත තත්ත්වයක් නොවේ යැයිද ඒ මහතා කීය.
අසත්‍ය ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ජාල දෙකකට හා මාධ්‍ය ආයතනයකට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා මේ වනවිට රහස් පොලිසියේ 29 දෙනෙකුගේ යුත් කණ්ඩායම් 3 ක් යොදවා ඇතැයි ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට විහිළු සපයන්නේ නැතිව ඉන්න මහත්තයෝ. තොණ්ඩමන් නාඩගම නිසා මිනිසුන්ගේ ඔය කොරෝනා නීති වලට තිබුණු ගෞරවය සම්පූර්ණයෙන් නැතිවුණා.
තොණ්ඩමන්ගේ අවමගුලෙන් පස්සේ අදයි මූණ දැක්කේ හරියටම...
ඈ මහත්තයෝ, තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය තිබුණු වෙලේ කොහේද හිටියේ? ඔයාලගේ නීතිය සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි.
ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කරන නිසයි වෙනත් අය තොරතුරු පතුරුවන්නේ...
සාමාන්‍ය මිනිහට තමයි හැම නීතියක්ම... ලොකු තැන්වලට ඔය තර්ජන මුකුත් නෑ. උස් තැන් දැක හැකිලෙන්නේ, මිටිතැන් දැක පුප්පන්නේ...
හොඳයි වැඩේ... හැබැයි ඉස්සෙල්ලම ආණ්ඩුවට එරෙහිව ඇත්ත වසන් කරනවට පියවර ගත්තා නම් නේද හොඳ..?
තොණ්ඩමන්ගේ මරණයෙන් පස්සේ මතුවෙලා තියෙන්නේ ආයෙත්.. ආයෙත් ඒවගේ ලොකු මරණයක් ආවාම මෙයා අතුරුදන් වෙනවා. පොඩි මිනිහෙක්ගේ ප්‍රශ්නයකදී මෙයා වීරයෙක් වෙනවා. කොයිකෙනාත් දේශපාලුවන් ළඟ දණගානවා. ඒක තමයි සත්‍යය...
ජනසන්නිවේදනය අනුව සමාජජාලා ජනමාධ්‍ය සේ සැලකෙන්නේ නැහැ. ඉදිරියේදී කෙසේ වෙයිද දන්නේ නැහැ. තවම නම් එසේ සලකන්නේ නැහැ. එ් නිසා රටේ පිළිගත් ජනමාධ්‍යවලින් නොදැන කෙරෙන වරදක් තමයි මේවට සමාජ මාධ්‍යජාලා යනුවෙන් නම් කිරීම... මේවා නම් කළයුත්තේ සමාජ ජාලා යනුවෙනි. කිසිඳු විශ්වාසයක් නොමැති ඕපාදූප කතාවන්ගෙන් පිරී ඇති ජාල මාධ්‍යජාලා වෙන්නේ කෙසේද? එසේ හෙයින්, අප කවුරුත් මේ වරද නොකළ යුතුයි. මේ ජාලාවලට මීට වඩා දැඩි පියවරක් ගත යුතුමයි. එසේම ජනසන්නිවේදන සිද්ධාන්තවලට අනුව රටක කටකතා පැතිරෙන්නේ ඊට සුදුසු පරිසරයක් තිබීමෙනි. රජය හෝ අදාළ අංශ නිවැරදි තොරතුරු හැකි ඉක්මනින් ජනතාව වෙත ලබා නොදීම මේ කටකතාවලට හා ඒවා පතුරවන්නන්ට කරනුයේ හොඳ අවස්ථාවක් ලබාදීමයි. එබැවින්, තොරතුරු නිවැරදිව ඉක්මණින් ජනතාව වෙත ලබාදීම කළහොත්, කට කතාකරුවන්ට හා ඕපාදූප සමාජ ජාලාවලට ඕනෑ විදිහට ඒවා පතුරන්නට ඉඩ ලැබෙන්නේ නැත. ඒ නිසා සිදුවිය යුත්තේ ඔවුන්ට දඬුවම් කරමින් සිටිනවාට වඩා නිවැරදි ජනසන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ජනතාවට හැකි ඉක්මණින් තොරතුරු, ප්රවෘත්ති ලබාදීමයි. එවිට සමාජ ජාලාවන්වල හොරණෑ වැසී යනු ඇත. සිදුවිය යුත්තේ එයයි. අවාසනාවට සිදුනොවන්නේද එයයි.
ජනතාවට සත්‍ය වසන් කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද?
ජනපතිතුමා තමන්ගේ ආරක්ෂාවට මීටරෙන් ඉන්නවා. ඊට මෙහා පැත්තෙන් හෙන්චයියන් මිලිමීටරයෙන් පොරකකා ඉන්නවා. තමන්ට ඉතින් ගැටලුවක් වුණොත් ආණ්ඩුවේ කොරෝනා ෆාම් එකේ තමයි ඉන්න වෙන්නේ කියලා අවබෝධයක් නැහැ.
සෑම දිනම බොරු කියමින් ජනතාව මුලාකළ නොහැක. 60000 කට පමණ කොරෝනා නීති උල්ලංඝනය කළා කියලා නඩුදමපු එක සහ තොණ්ඩමන්ගේ මෘතදේහය රට වටේ ගෙනයමින් මහා පරිමාණයෙන් කොරෝනා නීති කඩපු එක බොරුවක්ද?
ජනපති යන රැස්වීම් එහෙම දැක්කේ නැද්ද? මීටරේ නොවේ, මිලිමීටරේ රකිනවා. අනේ මහත්තයෝ.., තමන්ගේ නම්බුව රැකගෙන ජීවත් වෙන්න. දේශපාලකයින්ගේ අතකොලු වෙන්න එපා. නිකන් පොඩි මිනිහාව තලන්න එපා. තොණ්ඩමන්ගේ අවමගුලෙන් පස්සේ කොහේද හැංගිලා හිටියේ..?