( දිල්රුක්ෂි ග්‍රේරු)
පුද්ගලයකුගේ  පිහි පහරකින් බරපතල තුවාල ලැබූ ගෝනවල , තල්වත්ත  ප්‍රදේශයේ කුලී කාමරයක   සිටි තරුණයකු  මිය ගොස් ඇතැයි කැලණිය පොලීසිය කියයි.

 මියගොස් ඇත්තේ මඩොල්සිම ප්‍රදේශයේ පදිංචි 18 වියැති තරුණයකු වන අතර සැකකරුද  මඩොල්සිම ප්‍රදේශයේම පදිංචි අයෙකි.
 
සැකකරු සහ මිය ගිය තරුණයා ගෝනවල  ප්‍රදේශයේ වෙළෙඳසැළක  සේවය කර ඇති අතර වෙළෙඳසල පිටුපස  ඇති කාමරයක මොවුන් දෙදෙනාම  නැවතී සිට තිබේ.
 
සිද්ධිය වූ දින දෙදෙනා උසුළු විසුළු කරමින්  කාමරයේ රැදී සිට ඇති අතර  දෙනො අතර ඇති වූ බහින්බස් වීමකින් සැකකරු විසින්  මිය ගිය තරුණයාට පිහියකින් දමා ගැසීමෙන් තුවාල ලැබූ තරුණයා  කිරිබත්ගොඩ රෝහලට ඇතුළු කර තිබේ.

රෝහලට ඇතුළු  කිරීමෙන් තරුණයා මිය ගොස් ඇති  අතර  සැකකරු  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.