
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ සුරූපී කාන්තාවන්ගේ ජායාරූප පෙන්වා ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හා ඊට සම්බන්ධ සුරූපී කාන්තාවන් දෙදෙනෙකු හා මෝටර් රථයක් සමඟ අද (19) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි .
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකය ඔස්සේ ලද පැමිණිල්ලකට අනුව ගල්කිස්ස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් දින කිහිපයක් තිස්සේ සිදු කරන ලද විමර්ශන වලින් අනතුරුව සැකකරු හා සහකාරියන් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd