
(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීම සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(20) පෙරවරු 11.00 ට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්යාලයේදී පැවැත්වේ.
ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩ පිළිවල මෙම ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් වේ.
මෙයට සමගාමීව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය මහජනතාව අතට පත් කිරීමේ විශේෂ වැඩ සටහනක් හෙට පස්වරු 4.00 ට කොළඹ කොටුව දුම්රිය පොල ස්ථානයේ ඉදිරිපිට දී පැවැත්වේ.
එමෙන්ම හෙට පස්වරු 2.00ට මහ සඟ සමුළුව පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවන් සඳහා සමගි ජනබලවේගයේ නායකයන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවින් දිසානායක කියන්නේ මොනවද කියා ඔහුවත් හරිහැටි නොදන්නබවක් පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගොස් රාජපක්ෂ ජනධිපතිවරයා සමග වසර 10 කට පසුව නැවත එක්සත් ජාතික පක්ෂයට පැමිණ සිටින ප්‍රතිපත්තිය නොමැති නහයෙන් හඩනා දේශපාලකයෙකි. වරෙක ඔහු කියන්නේ මෙම මැතිවරණය ඔහුගේ අවසාන මැතිවරණය බවකි. තවත් වරේක ඔහු කියන්නේ ඔහුට පක්ෂයේ පළමු වෙනියා වීමට අවශ්‍ය බවකි. එක්සත් ජාතික පක්ෂයේ පළමු වෙනියා වීමට පළමු සුදුසුකම පක්ෂයෙන් වෙන් නොවී පක්ෂය ආරක්ෂා කරගෙන සිටි කෙනෙකු වීමය. ඔබට සුදුසුම තැන සමගි ජනබල වේගයවේ. කරුණාකර සජිත් ගේ දුරකතනයට දැන්මම කතාකොට එහි සමජිකත්වාජ ගෙන ඔහු සමග එක්වන්න. ඔබ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු නොමැතිබව ඔබ අවස්ථා කීපයකදීම රටට මැනවින් ඔප්පු කොට ඇත
පලවෙනි ප්‍රතිපත්තිය රනිල්ගෙන් තොර ලංකාවත් බිහිකිරීම, දෙවැනි ප්‍රතිපත්තිය මුළු රටේම සෑම දේම නිකන් දීලා රට සංවර්ධනය කිරීම.