
(එෆ්.අස්ලම්)
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුම් වශයෙන් ලබා දීමට කැපවෙන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටීයි.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ අකමැත්ත මත ගෙන ආවක් බවත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජාතික ගැටළුවට විසදුම් හිමිවන, ජාතික සංහිදියාව හා සමගිය ප්‍රවර්ධනය වන ආකාරයේ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් පමණක් ඊට සහාය දීමට සූදානම් යැයිද දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කරන ලද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වයේම එකගත්වය මත යාපනයේ පිහිටි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ දී ඊයේ (18) එළිදක්වනු ලැබීණි.
එම ප්‍රකාශනය තුළින් තවත් ඉල්ලීම් කිහිපයක්ද අවධාරණය කර ඇත.
සිවිල් පරිපාලන කටයුතු ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයන් සදහා විශ්‍රාමික හිටපු හමුදා නිලධාරීන් පත්කිරිම නොපිළිගන්නා බවත් උතුරු නැගෙනහිර පළාත්වල රදවා සිටින හමුදාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සදහා අඛණ්ඩව හඩනගන බවත් දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් තවදුරටත් අවධාරණය කර තිබේ.
යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබද සත්‍ය සොයාගත යුතු බවත් අතුරුදන් වූවන් සෙවීමේ සහ වන්දි ප්‍රදානය කිරීමේ කාර්යාලය නීත්‍යනුකූල අන්දමින් පිහිටුවිය යුතු බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් එම පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළයුතු බවටත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් බලකොට තිබේ.
ජීවනෝපාය අඩපණ වී සිටින පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ දුෂ්කරතාවන් හදුනාගෙන ඔවුන්ගේ ආර්ථික තත්වය ගොඩනැංවීමට කටයුතු කරන ලෙසත්, ගෘහ මූලික වැන්දඹු පවුල් සදහා සහන සැලසිය යුතු බවටත් උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් අරඹමින් එම පළාත්වල තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමිකර දීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් අවධාරණය කර තිබේ.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් 30/1, 34/1 සහ 40/1 යෝජනා මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දෙමළ ජාතික සන්ධානය මූලික වශයෙන් අවධාරණය කර තිබේ.


COMMENTS
ඡන්දෙ කිට්ටුවුණාම අප්පච්චිට හොඳ අයිඩියා එනවනේ.. ආයෙත් කොටවන්නද හදන්නේ...? මැරෙන්න කලින් ඕවාට අපා දුක් විඳින්න වෙනවා හලෝ..
ස්වයං අයිතිය කියන්නේ තමන්ගේම අයිතිය කියන එකයි. එවැනි අයිතියක් මේ පුංචි රටේ දෙමළ ජනතාවට පමණක් ලබා දෙන්නේ කෙසේද? එවිට කාලයක් ගොස් මුස්ලිම් ජාතිකයන් එසේ පාලනයක් ඉල්ලාවි. එබැවින් මේ ඉල්ලන්නේ වෙනත් ආකාරයකින් දෙමළ නිජභූමිය නේද? දෙමළ නිජභූමිය පිහිටුවීමට මේ අයට හොඳම ස්ථානය නම් තමිල්නාඩුවයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා සියලුම ප්‍රදේශවල ජීවත් වෙති. එසේ තබාගෙන මේ ආකාරයට තනිවම අයිතියක් ඉල්ලීම අසාධාරණයි නේද? කොටි සැකකරුවන්ට ඒ අය සිදුකළ අපරාධ නිසා සිර ගෙදර තැබීම වරදක් නොවෙයි නේද? ඔවුන්ට මේ අය අමතා ඇත්තේ දේශපාලන සිරකරුවන් යනුවෙනි. උතුරේ හිටපු කොටි සාමාජිකයන් බෝම්බ නිෂ්පාදනය කොට හසුවන්නේ නම් රජයක් හැටියට හමුදාව ඉවත් කරගන්නේ කෙසේද කෙසේ හෝ මොවුන් මේ දඟලන්නේ නැවතත් රටේ මහා මිනිස් අරගලයක් කිරීමට නොවේද?
15% නැතිව මේ ටික මෙහෙම නම් 23-30% වුණා නම් කොහොම තියෙයිද? මේවා ට වගකියන්න ඕනේ එක මතේක ඉන්න බැරි සිංහලයින්ම තමයි.
ඡන්දෙ ළංවෙනකොට තමයි...
දීපු පළාත් සභාවත් නැතිකරලා දාන්න තමයි තියෙන්නේ. දෙමළ මිනිස්සුන්ට මේවා ඕනෑ නැහැ. මේ එක එක රටවලට කඩේයන්න හාල්පාරුවන්ට තමයි මේවා ඕනෑ..
මේ තියෙන්නේ දමිළ ජනතාවට තියෙන ආදරේ නෙමෙයි. අසමගියක්, යුද්ධයක් ඇති කරලා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න හදන එකයි. හැබැයි තාමත් ඒ ප්‍රජාවට විශ්වාසයක් ඇතිවෙන විදියට කටයුතු කරන්න දකුණේ ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. ඒක නිසා පහසුවෙන්ම ඔවුන් පොළඹවා ගන්න පුලුවන්...
ආ ඡන්දෙ ළඟයි, ඡන්දෙ ළඟයි.. කීයක් දුන්නද දන්නේ නැහැ.. මේ වෙලාවේ මේ ගැන කතාකරන්න.
ඔය කියන දේටමනේද ප්‍රභාකරන් කියන අලුගෝසුවා අවුරුදු 30 ක්ම යුද්ධ කලේ? රට කඩන්නමයි මේ අය දඟලන්නේ...
ඕවා ඡන්ද කාලෙට එන සාමාන්‍ය දේවල්. දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් පෙන්වා දෙමළ ජනතාව රැවටීමත් එම ඉල්ලීම ත්‍රස්තවාදය බව අඟවා සිංහල ජනතාව රැවටීම සිදුකරයි.
ඉල්ලගෙන කන්නයි යන්නේ..
පුතානොගෙන් ඉල්ලලා බලන්න.
කිසි වරදක් නොදකිමි
දැන් ඉතින් මාකට් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ මේක විතරයි. උතුරේ සහ දකුණේ දේශපාලකයන් දෙගොල්ලන්ටම ආයෙත් මේක පෙන්නලා, ජාතිවාදේ අවුස්සලා, දේශපාලනය පෙන්නලා ගත්තාම ඡන්දෙට හොඳ වාසුදේවත්, ගොඩ වාසුගේ මස්සිනා විග්නේෂ්වරුත් ගොඩ...