දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් සතියක පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා නම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අද නිවේදනය කළේය.

කෙසේ වෙතත් මේ මස 27 වැනිදායින් ආරම්භ වන සතිය තුළ පාසල් පැමිණිය යුත්තේ මේ වන විට 11, 12 සහ 13 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන දූ දරුවන් පමණක් බවද අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වේ.

අනිකුත් ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට සුදුසු වන්නේ මැතිවරණයෙන් පසුව ඵළඹෙන පළමු සඳුදා දිනය, එනම් අගෝස්තු මස 10 වැනිදා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර තිබේ.

මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් රාජංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාස තුළ පවතින කිසිදු පාසලක් අගෝස්තු මස 10 වැනිදාට පෙර විවෘත නොකෙරෙනු ඇත‍.


(ඡායාරූප - ගයාන් අමරසේකර)

 

අධ්‍යපන අමාත්‍යංශය විසින් අද (18 වැනිදා) පස්වරුවේදී නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.