
මහ මැතිවරණය අවසන් වනතුරු දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.
අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය අවසන් වනතුරු පාසල් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය පාලනය වනතුරු එලෙස පාසල් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙන අතර ඊට අදාළ නිල නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරනු ඇතැයි වාර්තා වේ.
මැතිවරණය සඳහා පාසල් පමණක් විවෘත කෙරෙන බවත් මැතිවරණ බලධාරීන් ඒවායේ සිය මැතිවරණ රාජකාරී කරගෙන යනු ඇති බවත් පැවසේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ජූලි 13 වැනිදා සිට 17 වැනිදා දක්වා සතියක කාලයකට පාසල් වසා දැමිණි.
ඩේලිමිරර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගත්තු හොඳ තීරණයක්... අපි දකිනවනේ ඕනෑතරම් නගරවල, පාසල් අවසන් වීමෙන් පසු සෞඛ්‍ය නීති කිසිම දෙයක් පිළිගන්නේ නැතුව ළමයි හැසිරෙන විදිහට මේ ගත්ත තීරණය නිවැරදියි...
පාසල් වහන්නේ. මැතිවරනය ඉවරවෙනකම්ද? කොරෝනා ඉවර වෙනකම් නොවෙයිද? අනේ දෙයියනේ...
ඉතා හොඳ තීන්දුවක්. කොච්චර ඉඩ තිබුණත් ටියුෂන් පන්තිත් උපරිම ළමයි 100 කට සීමා කරන්න. අනික ඉදිරියේදී සෑම ටියුෂන් පන්තියක්ම උපරිම ළමයි 200 කට සීමා කරන්න. ටියුෂන් පන්තිවල දැඩි සෞඛ්‍ය නීතිරිති අනුගමනය කරවන්න. ඒවා අධීක්ෂණය කරවන්න. 100කට වැඩිනම් සැලකිය යුතු බදු මුදලක් පනවන්න. ඒ තත්වය අඩුම තරමින් මේ වසර අවසානය වන තෙක් බල පවත්වාගෙන යන්න. උත්සව සඳහාත් උපරිම සංඛ්‍යාව 200ක් පමණ කරන්න. 100 ක් නම් වඩාත් හොඳයි. වැඩ වැරදුණාට පසුව පසුතැවිලි වී හෝ තීන්දු තීරණ අරගෙන වැඩක් නැහැ. දැන් අතිගරු ජනාධිපතිතුමා රටේ ඇවිදින හැටි හොඳයි.
මාර සෞඛ්‍ය උපදෙස් ටිකක් දෙන්නේ කට්ටිය... රටට තියෙන ආදරේ..
පාසල් විවෘතකරන දිනය මේ අනුව තවදුරටත් අවිනිශ්චිතයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොඳ තීරණයක්... ළමුන් ගැන නම් බයක් නැහැ.
වැඩ අල කරන විරුවා සහ පවුල ඕනෑම තීරණයක් ගනීවි ඡන්දය වෙනුවෙන්.. රට සහ රටේ මිනිස්සු ගැන නම් හිතලා ගන්න තීරණ නැතිවෙයි.
ලෙඩා මළත් කමක් නැහැ ඡන්දෙ තියලා...
දුම්රිය ස්ථාන අසල කිසි විටෙකත් පොලිස් ස්ථාන ස්ථානගත නොකරන්න, මන්ද මිනිසුන්ට පහර දීමට තරම් ගල් සොයා ගත හැකි බැවිනි.