
(ටෝනි කරුණානායක)
වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වූ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 94 ක් යටතේ යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් සිවුදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 11 වැනිදාට විභාගයට ගැනීමට අද (17) වැනිදා නියම කෙරිණි.
ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම නඩුව විභාගයට ගැනුණු අතර මේනකා විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරිය නොමැතිව නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන මහාධිකරණ විනිසුරුවරු ඉදිරියේ අද (17) නඩුව කැඳවිණි.
පැමිණිල්ල මෙහෙය වූ රජයේ නීතිඥවරුන් වන වසන්ත පෙරේරා සහ උදාර කරුණාතිලක යන මහත්වරුන් විසින් සංශෝධනය කළ සාක්ෂි ලැයිස්තුවක් මහාධිකරණයට සහ විත්තිකරුවන්ගේ නීතිඥ මහත්වරුන්ට ලබා දුන්නේය.
යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන , ඩිංගිරි අරුනගේ සිරිසේන ,ලලිත් ග්‍රේ සහ ජේ.එම්.තිලකරත්න යන විත්තිකරුවන් සිව් දෙනා මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර නැවත සැප්තැම්බර් මස 11 වැනිදාට පෙනී සිටින ලෙස නියම කෙරුණි.
2013 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඉහත චෝදනා සිදුකර ඇති බවට අධි චෝදනා පත්‍රයේ සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ඔය නඩුවට වේලාව නාස්ති කරන්නේ... පැමිණිලිකරු වැරදිකාරයා වෙලා... විත්තිකරු නිදහස් වෙන කාලයක් මේක...
මම ඊයේ රාත්‍රියේ උසාවිය ගැන දැකපු ඒ සුන්දර සිහිනේ ජවනිකාවේ එකපාරටම "සැකකරු සියලු චෝදනා වලින් නිදහස්" කියලා මහා ගාම්භීර හඬකින් ඇසෙනවාත් එක්කම, උසාවිය අසලින් පියමනිමින් සිටි මීහරක් රැලක සිටි මීහරකෙක් සද්දෙට "උම්බෑ.." හඬ නගනවාත් සමගම මම තිගැස්සී ඇහැරුණා... බැරි වෙලාවත්, බුවනෙකබාහු රජතුමා අද හිටියා නම්, මේ වෙනකොටත්, මේ මී හරක් රැළම එකපාර උල තියලා මරන්න රාජ නියෝගත් දීලා ඉවරයි. ඒ වුණාට මොනවා වුණත් අපේ, කැකිල්ලේ රජ්ජුරුවෝ නම් එහෙම නැහැ. කොකාකෝලා ඇතුළු පැණිබීම රැසක් ඇති මේ රටේ, බීම සඳහා කිසිම රසක් නැති වතුර ඉල්ලා උද්ඝෝෂණය කල චූදිතයින්ව වෙඩි තබා ඝාතනය කිරීමට නියෝග කරනවා... කාටද ආඩම්බර?
බ්‍රිගේඩියර්වරයාට දඬුවම් දීල් වැඩේ ෂේප් කර ගනීවි ලස්සනට...
එදාට එන තීන්දුව අපි දැන් කියන්නම්...