(උපුල් තම්මිට)
වැලි, පස් හා බොරලු ප්‍රවාහනයට අවශ්‍ය බලපත් ලබාගැනීමේ ක්‍රියාවලිය අහෝසි කිරීමට රජය පියවර ගත්තේ සංවර්ධන කටයුතු සඳහා මෙම අමුද්‍රව්‍ය විශාල වශයෙන් ඉල්ලුමක් පවතින නිසා බව ඉඩම් සංවර්ධන වනජීවී හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අද (18) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ප්‍රවාහන බලපත් අහෝසි කිරීමෙන් රජයට අයවිය යුතු විශාල මුදලක් අහිමි වූ බව පෙන්වාදුන් ඒ මහතා නව රජය බලයට පත්වීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්රයේ විශාල වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා බලපත්‍ර නීතීය අහෝසි කිරීමට කටයුතු කළ බව සඳහන් කර සිටියේය. ඉදිකිරීම් ක්ෂේත්රය තවදුරටත් පවත්වාගෙන යාම රජයේ අරමුණ වීම නිසා එම සහනය ලබාදුන් බවද පෙන්වාදුන් ඒ මහතා මේ අවස්ථාවේ පරිසරවේදීන් ගොනුකළ පැමිණිල්ලට අනුව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට ගෞරව පූර්වකව පිළිගන්නා බවත්, ඒ අනුව මින් ඉදිරියට කටයුතු කරන බවත් පැවසීය. ජනතාවට ලබාදුන් සහනය අහිමිවීම පිළිබදව කණගාටුවන බවද ඒ මහතා සදහන්කර සිටියේය.
2019 දෙසැම්බර් මස 4දා කැබිනට් මණ්ඩලය විසින් වැලි පස් හා බොරලු ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ලබාගැනීම අහෝසි කළ අතර භූවිද්‍යා හා පතල් කැණීම් පනතට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා කැබිනට් තීරණය අභියෝගයට ලක්කරමින් පරිසර යුක්කි කේන්දුය විසින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ සංවර්ධනේටද?
මෙයාට ඡන්දෙන් පස්සේ වෙනදේ ගැන හිතාගන්නවත් බැහැ. රෑට රෑට කුකුල් හොරකමේ ගිය මේ මනුස්සයා දැන් පොහොට්ටුවන්ගේ කැබිනට් ප්‍රකාශක.. මදි නොකියන්න ගස් කැපුවා, වැලි හෑරුවා... ඡන්දෙ පැරදුණාට පස්සේ කවුද වල්උෟරුමස් සප්ලයි කරන්නේ රෑට බතට...?
ආණ්ඩුවේ අදූරදර්ශී තීරණයට එරෙහිව අධිකරණයෙන් වටිනා තීන්දුවක්...
පරිසර පද්ධතිය රැකගැනීමට උත්සාහ දරන ආයතනයවලට ප්‍රණාමය...
අමූලික බොරු නොකියන්න.
මේක හරි කියල කියනවා නම් පරිසර ඇමති වෙලා ඉන්න ලජ්ජා නැද්ද?
ජනතාවට දුන් සහනය කිව්වේ වැලි පස් ජාවාරම් කාරයොත් ජනතාවගේ කොටසක් නිසාද.?
බයියන් වන අපට සර් විශ්වාසයි...!!!
කවර කතාද? ඔය කාගෙ කාගෙත් සංවර්ධන වැඩ ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දේශපාලුවන් කවද්ද හරියට ඇත්තක් කිව්වේ?
අපි බුද්ධිමත් නම් නරක දේශපාලුවන් බිහිවෙන්නේ නැහැ. තමන් කැමති පක්ෂයකට ඡන්දේ දෙන්න.
මේ අනිත් කෙනා. ජනතාවට නෙමෙයි සහනය දුන්නේ හොර ජාවාරම්කාරයින්ට. සිංහල බෞද්ධයන්ගේ ඡන්ද වලින් ඇවිල්ලා බුදු දහමේ හදවත - අනුරාධපුරයයි, රටේම පරිසරයයි නැති භංගස්ථාන කරනවා. අනුරාධපුරයේ ජනතාව මේ පුද්ගලයාව නැවත කිසි දිනෙක පාර්ලිමේන්තු එවන්න එපා.
අනේ මෙහෙමත් මිනිහෙක් එයා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා... බලපත්‍ර අහෝසිකළ නිසා රජයට විශාල මුදලක් අහිමිවුනාලු. මෙයින් පරිසරයට සිදුවූ අලාභය ගණනය කරන්න බැරිතරම්. ඒ වගේම මෙයින් වැලි ගල් හා පස්වල මිල අඩුවුණානම් කමක් නැහැ. ඒවාත් බලපත්‍ර සහිත කාලයේ මිලමයි. සමහර පෙදෙසක ඇළවේලි විනාශකරලා. පාරවල් කැඩිලා. මේවාද සංවර්ධනය කියන්නේ...? මෙහෙම කාලයක් ගතවුණොත් ලංකාව කාන්තාරයක් වීම වළක්වන්න බැරිවේවි...
කිතුලට ගිය එකාටත් උත්තරයක් තිබුණානේ...
මෙහෙමත් මනුස්සයෙක්.
දැන්වත් උගත්තු පාර්ලිමේන්තු යවමු. මේ වගේ අය යවලා ගන්න මෝඩ තීරණ පේනවනේ..
මෙතුමාගේ සිල්වත් වැදගත් මුහුණ දැක්කම කියන කතාව සත්භාවයෙන් කියන වග මටනම් විස්වාසයි.
කැලෑපාලුවා මේ රටට කරන්න පුළුවන් අපරාධ ඔක්කොම කරලා තව ජනතාවට සහන දුන්නලු කියලා කියන්නත් එනවා. අපි කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු කියලද මේ මනුස්සයා හිතන් ඉන්නේ?