
(රේඛා තරංගනී ෆොන්සේකා)
අඟුලාන පොලිසිය ඉදිරිපිට කලබල කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 14 දෙනා ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට මොරටුව අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා අද(17) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරින ලද්දේ, පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ පාර්ශ්වයේ 14 දෙනෙකි.
කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා එම පිරිසට අවවාද කළ අතර, සෑම මාසයකදී ම 1 වැනි ඉරු දින ගල්කිස්ස පොලිසියේ පෙනී සිටින ලෙස මොවුනට නියෝග කළේය.
ගල්කිස්ස පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර, අඟුලාන පොලිසිය විසින් සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා මේ කියන්නේ ඔබලාගේ අනාගත ආරක්ෂාව සඳහායි. ඔබගේ නීතිඥ මහතෙකු හරහා කොළඹ මානව හිමිකම් කාර්යාලයට යන්න. ඔබ මුහුණ පෑ සියලුම දේ එහි සිටින අයට විස්තර ඇතිව කියන්න. ඔබ ළඟ ඇති සාක්ෂි සියල්ලේම කොපි ඒ අයට බාර දෙන්න. ඒ අය මේ ගැන රජයෙන් විමසයි. රජය සතුටුදායක පිළිතුරක් නොදුන්නොත් ඒ ගැන ජිනීවාවල පිහිටි කාර්යාලයට දන්වාවි. මේ මිනීමරුවන් හැමදාමත් කලේ මරණ එකමයි. මිනීමරුවන්ගෙන් පිරුණු රජයක් ගැන මීට වඩා කතා කුමටද..? ඡන්දයේදී ඔබලා හොඳ පිළිතුරක් දෙන්න.