දහතුන්වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දමා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාටද පැමිණිලි කළ බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ලංකාදීපය කළ විමසීමක දී පැවැසීය.
කුරුණෑගල නගරයේ මෙම ගොඩනැගිල්ල පිහිටුවා තිබූ අතර එය නගරයේ සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් කුරුණෑගල මහ නගර සභාව විසින් මෙසේ කඩා දමන ලදැයි වාර්තා වේ.
මෙම ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම පිළිබඳව භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පාර්ශ්ව දැඩි විරෝධය පළකර ඇත.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමේදී සංජීව විතාරණ මහතා සඳහන් කළේ මෙසේ කඩා ඉවත් කර ඇත්තේ ඉපැරැණි ගොඩනැගිල්ල නොව ඊට සම්බන්ධකර මෑතකදී ඉදිකරන ලද හෝටලයක කොටසක් බවය.
මෙම ස්ථානය ඉපැරැණි පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක පරීක්ෂණ කර තහවුරු කරගෙන නැතැයි කී නගරාධිපතිවරයා ඒඅනුව මෙම ස්ථානය කුරුණෑගල රාජධානියේම කොටසක් බවට මෙතෙක් තහවුරු වී නැතැයි කීවේය.
එබැවින් මීට වසර 30කට පමණ ඉහතදී මෙම ස්ථානය හෝටලයක් පවත්වාගෙන යෑමට හිටපු ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් මත කුරුණෑගල ව්‍යාපාරිකයකුට තිස් අවුරුදු බදු පදනමින් දී තිබූ බව ද ඔහු සඳහන් කළේය.
එසේ වුවද එම ස්ථානය හෝටලයකට වඩා මත්පැන් අලෙවි කරන සහ ගණිකාවන් අලෙවි කරන ස්ථානයක් ලෙස ඉතා ප්‍රසිද්ධව පවත්වාගෙන ගිය බවත් පසුව එම ස්ථානය තමන් විසින් නගර සභාවට පවරා ගන්නා ලද බවත් හෙතෙම කීවේය.
මෙම ගොඩනැගිල්ල කැඩීමට අද විරෝධය පළකරන භික්ෂූන් වහන්සේ හෝ සමාජයේ කිසිවකුත් එහි තිබූ මත්පැන් ගුබ්බෑයමට විරෝධය පළ නොකළ බව කී නගරාධිපතිවරයා මෙම ගොඩනැගිල්ල බුවනෙක යනුවෙන් ප්‍රසිද්ධ වූයේ බුවනෙකබාහු රජතුමා විසින් ඉදිකරන ලද නිසා නොව, මෙම ගොඩනැගිල් බදුගෙන හෝටලය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාගේ පුතාගේ නම බුවනෙක නිසා බවද සඳහන් කළේය.
විවිධ දේශපාලන බලපෑම් නිසා මේ හෝටලය සහිත ස්ථානයේ ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමට පසුගිය කාලයේ ඉඩ නොදුන් බවද ඔහු කීවේය.
කඩා ඉවත් කළේ මේ කියන පැරණි ගොඩනැගිල්ලට සම්බන්ධ කරමින් මෑතකදී ඉදිකර කඩා වැටීමට ලක්වූ කොටසක් පමණක් බවත් ඉපැරැණි යැයි කියන කොටස ඒ ආකාරයෙන්ම තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර මෙම ඉපැරැණි ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පත්කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (17) නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
දහතුන්වන සියවසේ කුරුණෑගල රාජධානිය සමයට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇත.
මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම පිළිබඳව වහාම සොයා බලා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයා බැලීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කොට ඇත.
කමිටුවේ සභාපතිවරයා වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා කටයුතු කරනු ලබන අතර, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. රත්නායක මහතා, පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී.බී. කුලතුංග මහතා, සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා, සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය මෙම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන අතර මෙම මස23 (2020..07.23) වෙනිදාට පෙර එහි වාර්තාව ලබා දීමට නියමිතය.
කුරුණෑගල නගරයේ පිහිටි මෙම හානි වූ ගොඩනැගිල්ල පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙය දහතුන්වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් රාජ සභා ශාලාව ලෙස ද විශ්වාස කරනු ලැබේ.
(*** නාලක සංජීව දහනායක, *** ජයන්ත සමරකෝන් සහ *** පුෂ්පකුමාර ජයරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඩෝසර් කරන්න කියපු අය නෙමෙයි වැරදි... බදු දුන්න ජයවික්‍රම ඇමතිවරයා... කැකිල්ලේ රජ්ජුරුවන්ට හපන් සෑර්ගේ ගෝලයෝ...
හොඳවැඩේ රජ්ජුරුවන්ට.. බුවනෙකබාහු රජතුමා නගර සභාවෙන් අවසර නොගෙන මෙතන ගොඩනැගිල්ලක් ඉදිකළ නිසා අපේ රටේ සාධාරණ නීතිය අනුව රජාගේ වුණත් කඩලා දානවා. නියමයි.. ඔන්න ඔහොමයි මේ සිරිලකේ වැඩ..
කුරුනෑගල ජනතාව ඕවට ලස්සනට පිළිතුරු දෙනවාලු ඡන්දෙදි.
මේක කරවපු මහා දේශපාලුවා අපි දන්නවා. අන්න දැන් ඒ ගැන හොයන්න කමිටුවකුත් පත් කරලාලු.
මහින්ද රජතුමා බබා. මුකුත්ම දන්නේ නැහැ.
අගමැති තුමනි, කොමිෂන් මොකටද? මේ අපරාධය ගැන හොයන්න. පුරාවිද්‍යා කොමසාරිස් කියන පුද්ගලයා ළඟ මේ ස්ථානයේ තොරතුරු සහ සැලසුමත්, ඉතිහාස කතාවත් ඔහු දැනගෙන සිටිය යුතුයි. ඔහු ගෙන්වා ප්‍රශ්න කරන්න. අනික ඒ ඔබතුමාගේ ඡන්ද බල ප්‍රදේශය. ගිහින්ම බලාගන්න පුලුවන්. පුරාවිද්‍යා ස්ථාන වැඩිම ප්‍රමාණයක් ඩෝසර් කලේ මේ කොමසාරිස්ගේ කාලය තුළදීයි. ඒත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. අගමැතිතුමනි, මේ ප්‍රශ්නයට ඉක්මණින් විසඳුමක් දෙන්න. ඔබේ වටේ ඉන්න කූටාලින් දැන්මම පරණ ගේමට බැහැලා වගේ... රටේ ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයදේ නොවෙයි.
දැන් රටේ සිදුවන දේවල් අනුව මෙය තවත් සාමාන්‍ය සිදුවිමක තත්වයට පත්වෙලා. " බුරියානි" එකකට ලෝභ වී.. බෝ ගසක අත්තක් කපන්න අණකරන නායකයින් සිටින රටක අනාගතයේදී.. දළදා වහන්සේව විකුණුවොත්, රුවන්වැලිසෑය ගඩොල්වලට විකුණුවොත්, රුපියල් ලක්ෂ 5කට සීගිරිය කළුගල්වලට චීනාට වික්කොත්.... පුදුම වෙන්න එපා. ඩොලර් මිලියන 480කට රට ඇමෙරිකාවට ඇතිතරම් හූරාකන්න රටේ කොටසක් විකුණන්න සූදානම් ආත්මාර්ථකාමී, නූගත් ගෝත්‍රික හිඟන්නන් රට පාලනය කරද්දී ඔබට මීට වඩා දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. මේ අයගෙන් තොර පාර්ලිමේන්තුවක් තෝරාගන්නා තෙක්ම අවුරුදු 71ක් අප පෙලූ ශාපය එලෙසම අප පෙළමින් තියේවි.. අවාසනාව.. තවමත් අපේ පැත්තට බරයි. මිනිස්සුනේ දැන්වත් හිතන්න. දැනටත් අපි ප්‍රමාදයි.
කුරුණෑගල මුලින්ම රාජධානිය කර ගත්ත දෙවෙනි බුවනෙකබාහු රජතුමා (1293-1302) විසින් දැවයෙන් ඉදිකළ රාජ සභා මණ්ඩපය සහිත මේ ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසක් කඩා බිඳ දැම්ම පොහොට්ටුවේ කුරුණෑගල නගරාධිපති වහාම අත් අඩංගුවට ගත යුතුයි. මට හොඳටම මතකයි බුවනෙක හෝටලය නමින් අවුරුදු ගාණක් පවත්වාගෙන ගිය මේ ඓතිහාසික ගොඩනැගිල්ල මේ නගරාධිපතිම 2018 නොවැම්බර් හෝ දෙසැම්බර් නගර සභාවට පවරා ගත්තා. එදා ඔහු කිව්වේ නැහැ මේක අනවසර ගොඩනැගිල්ලක් කියලා. එදා, කිව්වේ ඓතිහාසික රාජ සභා මණ්ඩපයක් කියලා. අද කියනවා අනවසර ගොඩනැගිල්ලක් හින්දා කඩා බිඳ දැම්මලු. එතකොට මේක අනවසරයෙන් ඉදිකලේ දෙවෙනි බුවනෙකබාහු රජ්ජුරුවෝද? අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කුරුණෑගල නගර සභාවට මේ ඓතිහාසික ගොඩනැගිල්ල පවරා ගන්න කොට කිව්වේ දෙවෙනි බුවනෙකබාහු රජ්ජුරුවෝ ඉඳි කළා කියලා. ඒ තරම් ඉපැරණි ගොඩනැගිල්ල කඩා දාලා දැන් කියනවා බුවනෙක කියන්නේ චන්ද්‍රසේනගේ පුතාලු! මිනිස්සු ඒ බුවනෙකවරු වැරදියට අරන් තියෙන්නේ. ඓතිහාසික රාජ සභා මණ්ඩපයේ කොටසක් බුල්ඩෝසර් කරපු මේ නගරාධිපතිව වහාම සිරගත කළ යුතුයි.
අර ගොල්ලොනේ කරලා තියෙන්නේ.. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැලු... අනේ මගේ රට...
අවුරුදු 30 බද්ද ඉවර වුණාට පස්සේ වෙන කෙනෙකුට දෙන්න වෙන්න ඇති. පුරා විද්‍යාවෙන් තීරණය කළාට පස්සේ ඒක එහෙම නෙවේ කියලා අහන්නේ බලන්නේ නැතුව කඩන්න මේ නගරාධිපතියා කවුද? මේ අයටම ගැළපෙන ඡන්ද දායකයින් ඉන්න රටක මේවගේ දේවල් තව තවත් බලාපොරොත්තු වෙමු.
ඡන්දය ලබාගන්න මේ කාලකණ්ණි ඕනෑම විනාශයක් කරන බව හැමෝටම පැහැදිලියි. මහ එකාගේ සිට රැලම පන්නා දමන්න ඕනෑ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙන්න යන්නේ...
අනික, දෙවෙනි බුවනෙකබාහු රජු (1293-1302) ඉඳිකළ මේ රාජසභා මණ්ඩප භූමියේ දළදා මැදුරකුත් තිබිලා තියෙනවා. දෙවෙනි පරාක්‍රමබාහු සහ හතරවෙනි විජයබාහු රජසමයන් වල දඹදෙණියේ වැඩ හිටපු දළදා වහන්සේ, ඉන්පසු යාපහුව හෙවත් දෙවන සීගිරිය අගනුවර කරගත්, පළවෙනි බුවනෙකබාහු රජු යාපහුවට වැඩම කෙරෙව්වා. ඔහුගේ ඇවෑමෙන් යාපහුව රාජධානිය කඩා වැටිලා රට අරාජික වුණාම, යාපහුවට ආව ආර්යචක්‍රවර්ති, දළදා වහන්සේ යාපනයට ගෙනිහින්, පසුව දකුණු ඉන්දියාවට ගෙනිච්චා. ඊළඟට පොළොන්නරුව රාජධානිය කරගත්ත තුන්වෙනි පරාක්‍රමබාහු රජු ඉන්දියාවට ගිහින් දළදා වහන්සේ නැවත අරන් ආවා. ඔහුගෙන් පස්සේ රජ වුණු, පළවෙනි බුවනෙකබාහු රජුගේ පුත් දෙවෙනි බුවනෙකබාහු, කුරුණෑගල අගනුවර කරගෙන දළදා වහන්සේ පොලොන්නරුවෙන් කුරුණෑගලට වැඩමෙව්වා. දෙවෙනි බුවනෙකබාහුගෙන් පසු රජවුණු ඔහුගේ පුත් හතරවෙනි පරාක්‍රමබාහු තමයි මේ රාජ සභා මණ්ඩප භූමියේ වෙනම දළදා මන්දිරයක් ඉඳි කරලා තියෙන්නේ. ඔහුගෙන් පසු රජවුණු, පණ්ඩිත් දෙවෙනි පරාක්‍රමබාහුගේ පුත් තුන්වෙනි බුවනෙකබාහු සහ ඊට පසු රජවුණු පස් වෙනි විජයබාහු දක්වාත්, අවුරුදු 48ක් දළදා වහන්සේ වැඩ ඉඳල තියෙන්නේ මේ රාජසභා මණ්ඩප භූමියේ...
උතුරු, නැගෙනහිර අන්‍ය ජාතිකයින් පුරාවස්තු විනාශ කරනවා යැයි කියන මිනිසුන්ගේ ඡන්ද බලයෙන් පත් අධිපතියන් 13 වැනි සියවසේ ඉදිකලදේ අනවසර ඉදිකිරීම් කියමින් විනාශකරන්නේ සංස්කෘතික ඇමතිගේම දිස්ත්‍රික්කයේ වීම විමතියට කරුණකි. මෙවැනි අයට යම් පක්ෂයක් අපේක්ෂකත්වයක් දෙන්නේ නම් ඔවුන්ද මෙයට වගකිව යුතුය.
මේ අවුරුදු පහ ඉවර වෙනකොට සිගිරිය කළුගල් වලට, පිදුරුතලාගල පස් වලට කපලා, සිංහරාජේ දරට කපලා ඉවර කරාවි.
රට රකින විරුවාගේ අවුරුදු 5 ඉවරවෙනකොට සීගිරිය කලුගල්වලට කඩලා, පිදුරුතලාගල පස්වලට කපලා, සිංහරාජය දරවලට කපලා ඉවරකරාවි...
කිසි ප්‍රශ්නයක් නැහැ. රට නවීකරණය කල යුතුයි.