(කතරගම කේ ඩි දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ලබන 21 වැනි දින පැවැත්වීමට නියමිත ඇසළ මහ පෙරහර නැරඹීමට ඉඩ නොදෙන බව අද (18) කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවති පෙරහැර සංවිධායක කමිටුව තීරණය කරනු ලැබීය.
පසුගියදා දහවල් කාලය පුරා වන්දනා කිරීම සඳහා දේවාලයට පැමිණිමට අවසර දීමට තීරණය කළ අතර, මේ වනවිට පවතින අවදානම් තත්වය මුල් කරගෙන පෙරහැර පැවැත්වෙන දින 14 තුළ කිසිඳු පිටස්තර අයකුට බැමිණීමට ඉඩ නොදෙන බව මොණරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතා අද පැවැති රැස්විමේදී සඳහන් කළේය.
ඇසළ පෙරහැර දෙවියන්ගේ චාරිත්‍ර පමණක් ඉටු කරමින් 250 ක පමණ සහාභාගීත්වයෙන් පෙරහැර සෞඛ්‍ය උපදෙස් මත සිදු කරන ලෙස මෙම අවස්ථාවට එක් වු ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජේ. සී. තෙන්නකෝන් මහත්මිය උපදෙස් දෙන ලදී.
පෙරහැරට එක්වන කතරගම දේවාලයේ සුලු නැටුම් කණ්ඩායම්ද, පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කර පෙරහර සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන ලදී.
කතරගම කිරිවෙහෙර දාන ශාලාවේදී පැවැත්වූ මෙම වැඩසටහන මොණරාගල දිසා ලේකම් ගූණදාස අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය. මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පී.ඩී.කේ. අධිකාරි., තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චනක අමිල් රංගන යන මහත්වරු ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයෝ එක් වී සිටියහ.
ආගමික අනුශාසනා සඳහා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් හා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වැඩම කර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනි ඔබ කොහෙද.?
තොණ්ඩමන්ගේ අවමගුල් පෙරහර වගේ තිබුණාට කමක් නැහැනේ.. ඡන්දේ තියනවනේ.. ඡන්දෙ නිසා තමන්ගේ දේවල් පවා අමතක වෙනවා.
දෙයියන්ටම පෙනීයන්..!!!
කතරගම පෙරහැර බලන්න තහනම්, තොන්ඩමන්ගේ අවමගුල් පෙරහැර දවස් 5ක් තිස්සේ බලන්න කිසිම තහනමක් නැහැ.