ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි පවතින තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා රජය විසින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත . 27 May 2021
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න අරියි:අපරැක්ක වෑහේ කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනකු හමුවීම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම නැවත විවෘත කළ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ බලන අධ්යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පවසයි. 27 May 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’ බේරාගැනීමට හැකියාව තිබු බව කියයි ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්යක්ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. 27 May 2021
සයිනෝෆාම් දෙවැනි මාත්‍රාව ජූනි 08 සිට කෝවිඩ් මර්දනය සඳහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ජූනි මස 8 වැනි දා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අංශ කියයි. 27 May 2021
කාන්තන්කුඩි පොලිසියේ 37කට කොරෝනා මඩකළපුව කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් තිදෙනකු ඇතුළු 37 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්රධානිහු පවසති. 27 May 2021
මුහුදු ජලයේ සාම්පල් රස පරීක්ෂකට කොළඹ වරායට නාවික සැතපුම් 9ක පමණ දුරින් ගිනි ගන්නා නැවේ මුහුදට වැටුණු බහලුම්වලින් මුහුදු ජලයට වස එක්වී ඇත්දැයි සෙවීමට බහලුම්වල සාම්පල් සහ මුහුදු ජලයේ සාම්පල් වරාය පොලිසිය විසින් අද රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 27 May 2021
සංචරණ සීමා රකින්න සෙබළියෝ 100ක යතුරු පැදි බලඇණියක් කෝවිඞ් මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලංඝනය කරන්න පුද්ගලයන් සොයා බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි. 27 May 2021
වරාය කෙටුම්පතට කතානායක අත්සන් තබයි පාර්ලිමේන්තුවේදී පසුගිය (20 )වැනිදා සම්මත කෙරුණු කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 27 )පෙරවරුවේ අත්සන් තැබීය. 27 May 2021
ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 අද මෙරටට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා පනස් දාහක් අද රාත්‍රියේ මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 27 May 2021
නැවේ ගින්නෙන් සාගරයට වූ හානිය සොයයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය (නාරා ආයතනය ) පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම ආයතනයේ අධ්යක්ෂ ජනරාල් අචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි. 27 May 2021
‘‘ආරක්ෂාව ගැන කිසිදු බියක් ඇති කර ගන්න එපා‘‘ රටේ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ප්‍රචාරවල පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. 27 May 2021
කඩු කිනිසි රැගෙන නිවසට පැන එකම පවුලේ හයකට කොටලා වවුනියාව , ආච්චිපුරම් ප්‍රදේශයේ නිවසකට මුහුණු ආවරණය කොට තියුණු ආයුද රැගෙන ඇතුළුවූ කණ්ඩායමක් එම නිවසෙ නිදා සිටි එකම පවුලේ හය දෙනකු කපාකොටා පහරදී පලා ගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 27 May 2021
මුුහුදු තීරයට ගොඩ ගැසූ විෂ ද්‍රව්‍ය නාවික හමුදාවෙන් ඉවත් කරයි ගිණි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, තිබී මුහුදට වැටී වෙරළ තීරයට ගොඩ ගසා තිබූ සුන් බුන් ඉවත් කිරීමේ කටයුතු නාවික හමුදා නිලධාරීහු විසින් ආරම්භ කරනු ලැබූහ. 27 May 2021
නැවෙන් මුහුදට වැටුණු උර තොගයක් වැල්ලවත්තට ගොඩ ගසයි කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නමැති බහාලුම් ප්‍රවාහන නෞකා වෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පබළු වැනි අමුද්‍රව්‍ය අඩංගු උර තොගයක් අද (27) උදෑසන වැල්ලවත්ත, බම්බලපිටිය සහ දෙහිවල වෙරළ තීරයට ගොඩ ගසා ඇතැයි නාවික හමුදා පවසයි. 27 May 2021
‘‘රට 31 වැනිදා අරිනවා දැයි තවම තීරණයක් ගෙන නැහැ‘‘ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා රට ලබන 31 වැනිදා විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 27 May 2021
ගිනි ගන්නා නැවෙන් ගොඩ ගැසූ භාණ්ඩ රැස්කළ අටක් අල්ලයි කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගනිමින් පවතින නැවෙන් වෙරළට ගොඩගසා හා භාණ්ඩ එක් රැස් කරමින් සිටි සහ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 27 May 2021
කොල්ලුපිටියෙන් පැන්න ආසාදිතයා දමනින් අල්ලයි කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් ආසාදිතයා දමන දී අත් අඩංගුවට ගත් බව දමන පොලිසිය කියයි. 27 May 2021
නීතිවිරෝධිව මෝටර් රථයක් තබාගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරියක අල්ලයි කොටස් එකලස් කර සකස් කළ නීති විරෝධී මෝටර් රථයක් සිය නිවසේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ කියයි. 27 May 2021
පෞද්ගලික බැංකුවකින් කෝටි 91ක් වංචා කළැයි එහි අධ්යක්ෂවරයකු රිමාන්ඩ් රුපියල් කෝටි 91ක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහරගම පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂකවරයෙකු ලබන 8 වෙනිදා වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. 27 May 2021
සංචරණ නිතී කැඩූ 587 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 587 කු ඊයේ දින පැය 24ක දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 27 May 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවේ බහලුම්වලින් සියයට 80 ගින්නට බිලි කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි තත්වය පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 27 May 2021
පළාත් පහකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 May 2021
කෝවිඩ් ආසාදිත මරණ තවත් 29ක් වාර්තා වේ කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 29ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 27 May 2021
ශ්‍රී ලංකාවේ සංචාරය කළොත් බහරේන් රටට ඇතුළු වෙන්න බෑ පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය තීරණය කර ඇත. 26 May 2021
ඇමරිකා ජනපතිගෙන් ගෞරව උපාධියක් ගත් අපේ නාවිකයා ඇමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරයෙකු (පළමු පන්තියේ ) වන විශ්ව ෆොන්සේකා මහතා සමත්ව ඇතැයි ඇමෙරිකාවේ වොෂිනටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 26 May 2021
තෙල් පැතිරීම වැළැක්වීමට පියවර ගන්න කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක්වූ එම් .වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට තෙල් පැතිරයාම වැළැක්වීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අද ( 26) පෙරවරුවේ උපදෙස් දුන්නේය . 26 May 2021
කොවිඩ් ආසාදිතයෝ තවත් 1581ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,581 දෙනකු අද (26) වාර්තාවිය. 26 May 2021
ඉන්දීය ගුවන්යානයක් ‘පර්ල්’ ගැන සොයයි කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවිය හැකි පරිසර හානිය පාලනය කළ හැකි ආකාරය පිළිබඳව ඉන්දීය විශේෂ ගුවන්යානයක් පැය දෙකක නීක්ෂණයක් අද (26) පස්වරුවේ කළේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 May 2021
ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටී වැසි සහ සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අද (26) දවස පුරා විදුලිබිඳ වැටීම් රැසක් සිදු වූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. 26 May 2021
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026