
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ බ්‍රිස්ටල් වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ තිබී උන්ඩ තොගයක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
T 56 උණ්ඩ 176 ක් සහ පිස්තෝලවලට යොදන 9 එම්.එම් වර්ගයේ උණ්ඩ 29 ක් එහි තිබී සොයාගත් බව පොලිසිය කියයි.
විවිධ පුද්ගලික ආයතන පිහිටා තිබෙන එම පස් මහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වැසිකිළියක් තුළ අසල ඇති බැම්මක් අසල මෙම උන්ඩ තිබෙනු දැක පවිත්‍රතා සේවකයකු ඒ බව පොලිසියට දැනුම්දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
උණ්ඩ තොගය මෙම ස්ථානයට රැගෙන ආවේ කිනම් පුද්ගලයෙක් ද ? කුමන කාරණාවකට ද? යන්න සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙම උණ්ඩ හමුවූ තට්ටු ගොඩනැගිල්ලේ ඉහළ මාලයට කොළඹ නගරයේ ප්‍රධාන මර්මස්ථාන රැසක් දර්ශනය වන බව ද උසස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න කොටි එනවෝ
තණකොළ කපන්න ගෙනාපු කඩු එහෙම තිබුනේ නැද්ද ?
ඥානසාර හාමුදුරුවන්ගෙන් අහමු
ඔච්චර ලොකු බිල්ඩිමක් අස්සේ ඕක හංගන්න තැනක් තිබුනෙම නැද්ද ?ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට ?
මේක දකින කොට ම මතක් වුනේ කදිරගාමර් ඇමතිවරයා .
ජන්දයක් ළග බවට පෙරනිමිත්තක්.
කස පුපුරන හඩ ලඟම ඇසෙන කොට පෙරහැර එන බව පවසනවා....... පලාත් සභා
චන්දෙ ඊස් කමින්
ජන්දෙ කිට්ටු වෙලා වගේ. ආචාර්ය තුමා වැඩට බැහැලාද නැතිනම් තවත් සහරාන් හෝ නාමල් කුමාරයෙක් ඇවිල්ලද. ඒත් නැතිව අර ඉස්සර ජේ ආර් කාලේ වගේ නැක්සලයිට් කුමන්ත්‍රණයක්ද?