(නිමන්ති රණසිංහ)

විෂබීජ නාශක දියර පානය කිරීමෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයින් දෙදෙනකු මියගොස් ලාංකික සැකකරුවන් අට දෙනකු රෝහල්ගත කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි.

මරණයට පත් ඉරාන ජාතික සැකකරුවන් දෙදෙනා සමඟ සිටි අනෙක්  සැකකරුවන් නව දෙනා ද විෂබීජ නාශක දියර  පානය කිරීමෙන් මෙලෙස රෝගී වී ඇතැයි එම මූලස්ථානය සඳහන් කරයි.

මෙම සැකකරුවන් පෙරේදා (13) රාත්‍රීයේ විෂබීජ නාශක දියරවලට වතුර මිශ්‍ර කර පානය කර ඇති බවත් එහිදී ඉරාන ජාතිකයන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයට පත්ව සිහිසුන්වූ බවත් ඇති බවත් බන්ධනාගාර මුලස්ථාන ආරංචි මාර්ගවලින් පැවසේ.