
(රංජන් කස්තුරි)
මේ මස 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන ලේකම්වරයාට දන්වා තිබේ.
ගුරුවරන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුවට තවමත් විසඳුමක් නොලැබී ඇති හෙයින් එම තීන්දුව ගත් බව ද ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා අධ්‍යාපන ලේකම්වරයා යවා ඇති ලිපියේ සඳහන් වෙයි.
ජාතික හා පළාත් සභා පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් එම තීන්දුව ක්‍රියාත්මක කරන බව ද එම ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලා ඔහොමම ගෙදරම නවතියල්ලා .මුළු මහත් දරු පරපුරටම කරන ලොකු සේවයක් .මුදල ගිජු උන ගුරුවරුන්යයි පවසන මේ අපතයන්ගෙන් දරුවන්ට සිදුවන සේවයක් නොමැත
රාජකාරියට රපොර්තු නොකරන සියලුම දෙනා පන්නා දැමිය යුතුයි
ඉස්සර අපි විදුහල්පති තුමාට කිව්වේ පිනා කියලා .දැන් තමා තේරෙන්නේ අපිට හොඳ අනාගත දැක්මක් තිබිලා බව
හමුදාවෙ කෙනෙක්ව තාවකාලිකව පත්කරන්න.
ගුරු දෙවිවරු ලෙසින් සිසු දරුවන් සැලකූ ගුරුවරුන්ට යළිත් සිසු දරුවන්ගේ මුහුණු බැලිය හැකිද ?
මෙලෙස දිගින් දිගටම මොවුන්ට කටයුතු කල හැකිද? මේ අරගලය අවසානයේ මේ උදවියට පාසලක පරිපාලනයක් කිරීමට පෞර්ෂයක් ඉතිරීවද? සෙසු ගුරුවරු හෝ සිසුන් මොවුන්ට මෙතෙක් ලබාදී තිබූ ගෞරවය කොතරම් ඉතිරිවේ දැයි අවිනිශ්චිතයි. රටක පරිපාලනයට මෙම රැල පාලනය කල නොහැකිනම් අනිවාර්යයෙන් මෙම විනයක් නැති පිරිසට පාසලක් පරිපාලනය කල නොහැකි විනයෙන් පිරිහුණු තැනක් වේවි.
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ. මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.
මේ සම්බන්දව රජය දැඩි තින්දුවක් ගත යුතුයි. සේවයට වාර්තා නොකොලොත් සේවය අතහැර ගියා සේ සලකා තරැණ උපාධිදාරි ගුරැවරු බදවා ගන්නා මෙන් ඉල්ලමි. මොහුන්ට වෙනත් යමක් කල නොහැක.
වැඩට එන්නේ නැති සැවොම අයින් කරලා සුදුස්සන්ට විදුහල්පතිකම දෙන්න
මම දන්නා විදුහල්පති වරු කීප දෙනෙක් නම් කිව්වේ දැනටමත් එයාල අවශ්‍ය රාජකාරි කරන බවත් පාසල් පටන් ගත්තා ට පස්සේ නියමිත පරිදි වැඩට යන බවත්ය . මං හිතන්නේ එයාල ගුරු දෙවිවරුන් කියල .
උද්දච්ච පාලකයින් ගුරු ගැටලුවට සාධාරණය ඉටු නොකර මැරයින් ලෙස කටයුතු කිරීමේ විපාකයකි. යන්තම් සා.පෙ. සමත් හෝ අසමත් පිරිස්වලට රැ. ලක්ෂය ඉක්මවා වැටුපක් ඇතත්, ගුරුවරුන් ඉන් අඩක් වත් නොලැබීම කණගාටුදායකය.
ඔව් නුඹලට ගෙවල් වල ඉඳල පිංපඩි කන්න පුලුවන් මේ නපුංසක ආණ්ඩුව තියෙන කල්. දෙමළ මුස්ලිම් ගුරුවරුන් යසට උගන්නද්දි අපේ පැටවුන් ගෙන් පලිගනිල්ලා
මෙයාලට ජේ ආර් ගේ පොතෙන් පාඩමක් ඉගැන්විය යුතුයි. ස' මෙයාලට බුරුල පෙන්වනවා වැඩියි.
පාසැල් පටන්ගත්තම බලන්න 85%ක් වැඩට එනව. ස්ටාලිනුත් එක්ක ඉතිරි 15% ගෙදර යවන්න. වැටුප් විෂමතාවය සාකච්ඡා කල පරිදි නොවරදවාම ක්‍රියත්මක කරන්න.
කෑම නැතිව හෝටල් ඇරියා වගේ.
පොඩි හෝ ගැටලුවක් නැහැ .සිටින ගුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය වැඩිම කෙනකු විදුහල්පති කරන්න (ජ්‍යෙෂ්ඨත්වය කියන්නෙ එකම පාසැලේ දිගුකලක් සිටි කෙනකු නොවෙයි ශ්‍රේණියේ ඉහළ කෙනෙක් විය යුතුය)
මාස ගානක් නිකන් ගෙදර හිටපු නිසා පාසල් එන්න අකමැති ඇති
පෞද්ගලික පාසල් වල උගන්නනවා ඔන්ලයින් .දුප්පත් අපිට තමයි ඔක්කොම දේවල් වෙන්නේ .නිදහස් අධ්‍යාපනයේ හැටි
නිවාඩු අවලංගු කරන්න .හොඳටම ඇති ගෙදර හිටියා ,පැමිණුනේ නැත්නම් පඩි කපන්න .මෙයාලට විතරද ප්‍රශ්න .මට පෙර අදහස් සියල්ල සමග එකඟ වෙමි .මේ ප්‍රශ්නය මෙතනින් ඉවර කරන්න .ගුරුවරුනේ වැඩිය දඟලන්න එපා .ඔබලාගේ ගරුත්වය තව තවත් කෙලෙසා ගන්න එපා .ඔහෙලත් මේ රටේ මිනිස්සු බව අමතක කරන්න එපා .ඔබලටත් ළමයි ඉන්නවා නේද
මම කීප වතාවක්ම කිව්වා . මේ පිටිගල මිලානොගේ මොලේ කොලොප්පන් වෙලා කියලා .ප්‍රශ්නෙට අදාලව නෙමෙයි උත්තර දෙන්නේ .මොකෙක්ගේ රෙදිද අපුල්ලන්නේ
21 පාසල් නාවොත් 1985 මෙන් සේවය අතර ගියා සේ සලකන්න. සේවයට වාර්තා නොකට දවස් වලට වැටුප් ගෙව්වොත් එය ජාතියට කරන අසාධාරණයක් අපේ බදු මුදල්වලින්... ඒ අයට වැටුප් ගෙවන්න එපා..