
මාතර දික්වැල්ල බඹරුන්ද සද්ධරමරාජ මහා විදුහලේ ඉගෙනුම ලැබු මෙවර අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් ගත් දෙව්මි රන්සරා රාජපක්ෂ දියණියට ලැප්ටොප් පරිඝණයක් ලබාදිම වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවිර දිසානායක මහතා , සහ වනජීවි රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අතින් බත්තරමුල්ල සොබාදම් පියසේ වනජීවි රාජ්‍ය අමාත්‍යංශයේදි සිදු කරනු ලැබිය.
මෙවර සාමන්‍ය පෙල විභාගයෙන් විශිෂ්ඨ සම්මාන නවයක් සහිත සමත්වු මෙම දියණියගේ උසස් අධ්‍යාපනය සාර්ථක කර ගැනිම සදහා මුල්‍ය ආධාරයක්ද ඇමතිවරයා විසින් පිරිනමනු ලැබිය.
මාතර බඹරුන්ද සද්ධර්ම රාජ විදුහලේ පලවෙනි ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබු දෙව්මි රන්සරා රාජපක්ෂ දියණිය 2014 වසරේ ලකුණු 177 ක් ලබාගෙන පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත්විය.
උසස් අධ්‍යාපනය ලැබිමට වෙනත් පාසලකට යෑමට අවස්ථාවක් ලැබුනත් මුලික අධ්‍යාපනය ලැබු විදුහලේම සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට ඇය සහ මවිපියන් තීරණය කර තිබේ.
දෙව්මි රන්සරා ගේ පියා වනසංරක්ෂණ දෙපාර්මේන්තුවේ සේවය කරන අතර මව ඇය අධ්‍යාපනය ලැබු පාසැලේම ගුරුවරියක් ලෙස සේවය කරන බව ඇය පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් .ෆොටෝ ගහලා ලැප්ටොප් එක ආපහු අරන් යන්න එපා
ඉතාම හොද වැඩක්. පුතේ ඔබගේ අනාගත බලාපොරොත්තු සියල්ල සපල වේවා......