
(සුජිත් හේවාජුලිගේ)
කලු ගල්, වැලි, පස් හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේදී පරිසරය රැකෙන ආකාරයට එය කරන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් , දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් හා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දෙනු ලැබ ඇත.
එසේම රාජ්‍ය ආයතන මුහුණ දුන් අසීරුතා මඟහරවාගෙන එම කටයුතු කරන ලෙසටද උපදෙස්දී ඇත.
ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම ප්‍රවාහනය සහ වෙළෙඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය සඳහා අමාත්‍ය මණ්ඩලය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති හෙයින් කළු ගල්, වැලි, පස්,බොරළු හා මැටි කැණීම ප්‍රවාහනය හා වෙළදාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බවද ජනාධිපතිවරයා එම චක්‍රලේඛය මඟින් දැනුම්දී ඇත .
මේ සම්බන්ධයෙන්වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහ මහජන විරෝධතා කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් මේ සඳහා දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පිහිටුවා ඇති අධීක්ෂණ කමිටු නොපමාව රැස්වී අවශ්‍ය තීරණ ගත යුතු බවත් එම චක්‍රලේඛයේ දැක්වේ.
මේ අතර එම ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතනවලින් සහයෝගය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් පරිසර අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබිය යුතු බවත් ඒ සඳහා යම් ආයතනයක් සහයෝගය ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් තමා වෙත සපයන ලෙසත් ජනාධිපති ලේකම්වරයා එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා. ළඟදීම ඒකත් අකුලා ගන්න වෙයි
මෙන්න තවත් චක්‍රලේඛයක්. අකුලගන්න දවසත් ඔය ගමන්ම කිව්වනම් නේද හොඳ
මේක නම් මාර රටක් .පොදු වැසිකිලි වලට ටිකට් කඩන්නේත් ජනපති