කෝටි එකහමාරක සුදුලූනු හොරට විකිණු සතොස කීපදෙනෙකු ගැන පරීක්ෂණ
වරාය අධිකාරියෙන් සතොසට ලබාදුන් රුපියල් ලක්ෂ 150 කට (රුපියල් කොටි එකහමාරකට) අධික වටිනාමින් යුත් සුදුුළුණු කිලෝ 56,000 ක් නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළ බව කියන සතොස මූලස්ථානයේ සහ වැලිසර තොග ගබඩාවේ නිලධාරීන් කීපදෙනෙක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි සතොස සභාපති විශ්රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ‘ලංකාදීප’යට පැවසීය.