බිරිය මුදලට විකුණුවැයි සැමියා හෝටලයක යකා නටලා රූමත් දෙදරු මවක වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක තබා ගෙන ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධව එම හෝටලයේ සේවකයකුට සහ දෙදරු මවට පහර දුන් බව කියන ඇයගේ සැමියා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය අද (20) පැවසීය. 20 December 2021
ගිලුණු නැවේ විෂ කන්ටේනර් වත්තලට? ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබූ අතිශය විෂ රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් වත්තල ප්‍රදේශයේ දේශීය පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක වළ දැමීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී අද පැවති ශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය. 20 December 2021
ලක්ෂ 75ක පොල්ලක් තිබ්බැයි ව්‍යාපාරිකයා පැහැර ගනී පානදුර හිරණ තැඹිලි උයන නිවසකට දොරගුලු කඩා ඇතුළු වූ නාදුනන පිරිසක් නිවෙස් හිමි ව්‍යාපාරිකයාට පහරදී පැහැරගෙන ගොස් ඇතැයි හිරණ පොලිසිය කියයි. 20 December 2021
'රන්ජන් වෙනුවෙන් නැවතත් සජිත් ' ජනතාහිතවාදී මානවවාදී චරිතයක් ලෙස ප්‍රකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 20 December 2021
'නත්තල් සමරන්න ජනතාවට සල්ලි නෑ' මෙවර නත්තල් උත්සවය සැමරීමට ජනතාවට ආර්ථික තත්වයක් නැති බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද(20) පැවසීය. 20 December 2021
මුලිතිව් මියගිය දැරිය ගැබිණියක් මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මිය ගොස් සිටයදී සොයාගත් දොළොස් හැවිරිදි දැරිය ගැබිනියක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. 20 December 2021
‘‘කල්ගිය විභාග ලබන වසරේ මුල් භාගයේ පවත්වනවා‘‘ දැනට කල් දමා ඇති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග ලබන වසරේ මුල් මාස 06 ඇතුළත බාධාවකින් තොරව පැවැත්වීමට විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 20 December 2021
'මම යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටිනවා' තමන් යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 20 December 2021
අයියාගේ පහරින් මල්ලී මරුට මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයේ අද ( 20) සහෝදරයන් දෙදෙනෙකු සමග ඇතිවු ආරාවුලක් දුරදිග යාමෙන් අයියා විසින් සිදු කළ පහරදිමකදි මල්ලි මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය කියයි. 20 December 2021
බෙහෙත් ගන්න ආ රෝගීහු හිස් අතින් යති දිස්ත්‍රික්ක කිහිපයක වෛද්‍යවරුන් අද දින ආරම්භ කළ වැඩ වර්ජනයට සමගාමීව පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේද වෛද්‍යවරුන් වර්ජනයට එක්ව සිටිම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීහු ප්‍රතිකාර නොලැබ හිස් අතින්ම ආපසු සිය නිවෙස් බලා ගියහ. 20 December 2021
බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 18 වැනිදා නිරීක්ෂණය කළේය. 20 December 2021
'තෙල් සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමන් ඩොලර් ඉල්ලයි' ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ගෙවන මුදල් ඩොලර්වලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟ වූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 20 December 2021
ගෙවුණ පැය 24දී ගෑස් පිපිරීම් තවත් 21ක් ගෑස් සම්බන්ධ සිද්ධීන් 21ක් අද (20) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 20 December 2021
'සම්පන්දන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි' දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 20 December 2021
ගිනි තබා ගත් කතුන්ගේ අරමුණ රෝහලේදී හෙළි වෙයි සිරුරට ගිනි තබා ගත් කාන්තාවන් විසි දෙනකු මේ වසර තුළ ජාතික රෝහලේ දී මිය ගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පැවැසුවාය. 20 December 2021
ගැටුමකින් යාපනය විද්‍යාපීඨ සිසුන් 5ක් රෝහලේ යාපනය කෝපායි පොලිස් වසමේ පාල්පන්නි මංසන්ධියේදී යාපනය සරසවියේ විද්‍යාපීඨ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (19) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි පොලීසිය පවසයි. 20 December 2021
තවත් ෆයිසර් තොගයක් කටුනායකට ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලිය සදහා තෙවන මාත්‍රාව ලෙස ලබා දීමට , ශ්‍රී ලංකාවේ ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර මිළදී ගත් ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් 842,400 ක් අද (20) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 20 December 2021
කසිප්පු පෙරූ මිනී පෙට්ටි සාප්පුකරුට වැඩවරදී මිනී පෙට්ටි සාදන මුවාවෙන් මහාපරිමාණයෙන් කසිප්පු පෙරීමේ ජාවාරමක නිරත වූ පානදුර පමුණුගම මිනී පෙට්ටි සාදන ස්ථානයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලීසිය කියයි. 20 December 2021
පුරාවස්තු සෙවූ 6ක් එස්.ටී.එෆ් දැලේ ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු ඊච්චලන්පත්තු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 20 December 2021
කෙමෙන් කෙමෙන් වැසි තත්ත්වයේ අඩුවක් වැස්සේ යම් අඩුවීමක් ඇති අතර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අද (20) දිනයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 December 2021
වාසු කූපන් ක්‍රමයක් ගැන කතා කරයි අඩුආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කළ යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 20 December 2021
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19) සමත් විය. 20 December 2021
’ස්පුට්නික්’ එන්නතට තවමත් අනුමැතිය නෑ රුසියාවේ ’ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. 20 December 2021
මැණිකෙට කොළඹින් ඉඩමක් මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත. 19 December 2021
මැති සබේ වාර අවසානයෙන් කමිටු වාර්තා 17 හිර වෙයි පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා විමර්ශන අවසන් කළ රාජ්‍ය ආයතන කිහිපකට අදාළ කෝප් කමිටු වාර්තා, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. 19 December 2021
ඉන්දීය ධීවරයන් 55 ක් දින දෙකකදී නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේදී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 12 ක් අද (19) භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. 19 December 2021
ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක් ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් උපදෙස් අනුව පමණක් ගෑස් සැපයුම ක්‍රියාත්මක කරන ලෙස ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් දුන් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 19 December 2021
කැබිතිගොල්ලෑවේ වැවක බැම්ම ගිලා බසී කැබිතිගොල්ලෑව බණ්ඩාරඋල්පත වැවේ බැම්ම ගිලා බසිමින් තිබෙන බව ගොවි සංවිධාන කියයි. 19 December 2021
ලොව පුරා රට රටවල කොරෝනා වාර්තා ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 19 December 2021
ජී.එම්.ඕ.ඒ හෙට වැඩට නොඑති ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ප්‍රශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පා දිස්ත්‍රික්ක පහක රෝහල්වල වෛද්‍යවරු හෙට (20) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 19 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026