ගතවූ දින 20 ට සංචාරකයින් 47,120 ක් මෙරටට දෙසැම්බර් මාසයේ ගෙවී ගිය දින 20 ක කාලයක පමණක් සංචාරකයන් 47,120 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය . 22 December 2021
උද්ධමනය සියයට 11ත් ඉක්මවයි මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 22 December 2021
අධිවේගී අනතුරින් දෙකක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දෙසට ගමන් කරමින් තිබු සෝලා පැනල් පටවාගත් ට්‍රක් රථයක් කිලෝමීටර් 126දශම 8 අපරැක්ක ප්‍රදේශයේ නවතා තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ බවුසරයක් ට්‍රක් රථයේ පිටුපස ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 22 December 2021
කාලගුණය අද දවස ගැන කියන අනාවැකිය නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 December 2021
කාන්තා නේවාසිකාගාරයට රිංගන්න ගොස් වැටී මරුට මරදාන එස් මහින්ද මාවතේ පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලක කාන්තා නේවාසිකාගාරයකට හොර රහසේ ඇතුළු වීමට ගිය පුද්ගලයකු ඉන් ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි. 22 December 2021
ගෑස් උණුසුම බේකරිවලටත් දැනෙයි රට පුරා ඇති බේකරි හත් දහසෙන් 3500 ක් පමණ ගෑස් ප්රශ්නය නිසා වැසී ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවැසීය. 22 December 2021
ජැෆ්නා කිංග්ස් අවසන් මහ තරගයට ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. 22 December 2021
බූස්ටරයෙන් පසු සිවුවැනි එන්නතක් ’කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම ඊශ්‍රායලය තීරණය කර තිබේ. ඊශ්‍රායල සෞඛ්‍ය අංශ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ටය. 22 December 2021
රාජිතගේ ලේකම් නමින් ගෙනා නැව් අට ගැන විමර්ශන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නැව් 08ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදුදීම පිළිබදව වන පැමිණීල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (21) කරුණු ඉදිරිපත් කර ඇත. 21 December 2021
ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අගමැතිට බලපෑම් වහා ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ’පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයෙන් බලපෑම් එල්ල වෙයි. 21 December 2021
අයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලා ’පැනමා පත්‍රිකා’ හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර තිබේ. 21 December 2021
ගෑස් ඛේදවාචකය සංයුතිය වෙනස් වීම ගෑස් ලිප් පුපුරා යාම් හා ගිනි ගැනීමේ සිද්ධීන්ට මූලික හේතුව ගෑස්වල සංයුතිය වෙනස් කිරීම බව, ගෑස් සිලින්ඩර් ආශ්රිත පුපරා යාම් හා ගිනි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට හා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ තාක්ෂණ කමිටුව හෙළි කර තිබේ. 21 December 2021
පිපිරීම් 13ක් අදත් වාර්තා පොතට දිවයිනපුරා ගෑස් පිපිරීමේ සිද්ධීන් 13 ක් අද (21) දිනය තුළ වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 21 December 2021
කොරෝනා මරණවල වැඩි වීමක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 24 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 December 2021
‘‘බොහෝ දේ ගැන ඇත්ත හෙළි වෙන්නේ නෑ‘‘ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම මෙරට සිදුවන බොහෝ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් නොවන තත්වයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ අද පැවසූහ. 21 December 2021
බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට ආනයන හා අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු සේවාව සියයට 20කින් වැඩ කිරීමට තීරණය කළ බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සහන් මංජුල මහතා පවසයි. 21 December 2021
බේරේ වැවට පාවෙන තෙත් බිම් දැනට අපවිත්‍ර වී පවතින බේරේ වැව පවිත්‍රකරණය කිරීමේ අරමුණින් එය වෙත ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් මුදා හැරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (21) පෙරවරුවේ සිදුකෙරිණි. 21 December 2021
එළවළු කොටුවලට හොරු බෝ වෙති වැලිමඩ දික්කාපිටිය හා කහටපිටිය ගොවි බිම්වලින් එළවළු සොරා ගත් බව කියන හත් දෙනකු අල්ලා පොලිසියට බාර දුන් බව වැලිමඩ පොලිසිය කියයි. 21 December 2021
කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු කිරිපිටි මිල පසුගිය ඔක්තෝබර් මස සංශෝධනය කරන විට ලෝක වෙළෙඳපොළේ පැවැති මිලට වඩා සියයට 10 කින් පමණ මිල ඉහළ ගොස් තිබීම නිසා ඉදිරියේදී මිල වැඩිවීමක් වියහැකි බවත් දැන් පවතින කිරිපිටි හිඟය තවත් මාසයක් දෙකක් පැවතිය හැකි බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා අද (21) පෙරවරුවේ පැවසීය. 21 December 2021
ගුවන් හමුදා මිග් යානයක් මොරටු සරසවි සිසුන්ට ශ්‍රි ලංකා ගුවන් හමුදාව භාවිතයෙන් ඉවත් කළ මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාගය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ උප උපකුලපති මහාමහාචාර්ය නෙරන්ජන්. ඩී ගුණවර්ධන මහතා පැවසීය. 21 December 2021
'ප්‍රමිතියෙන් යුත් පොහොර දුන්දාට චීන පොහොර සමාගමේ බැදුම්කරය නිදහස්' චීන පොහොර සමාගමට වන්දි මුදලක් ලබාදුන්නත්, ඔවුන් නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදෙන තුරු එම සමාගම ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක බැඳුම්කරය නිදහස් කරන්නේ නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 21 December 2021
‘කවුරු මොනවා යෝජනා කළත් මූල්‍ය අරමුදලට යන්නේ නැහැ’ කවුරු කුමන යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය. 21 December 2021
‘‘මහ කන්නට රසායනික පොහොර නෑ‘‘ මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණකැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 21 December 2021
'බස්-දුම්රිය ගාස්තු වෙනසක් නෑ' ඉන්ධන මිල ඉහළ දැමුවත් මේ මොහොතේ ලංගම බස්රථ හෝ දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය. 21 December 2021
ආනන්ද හිමිගේ ‘‘ජිනීවා පරාජයේ දෝංකාරය‘‘ ජනපතිට පිරිනමයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය”ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පිරිනමනු ලැබීය. 21 December 2021
තරු හෝටල්වල සිට මුදල් ගැරූ හතක් මාට්ටු කොළඹ තරු පහේ හෝටලයක අයත් සුඛෝපභෝගී මහල් නිවාස දෙකක නැවතී මහා පරිමාණයෙන් මුදල් වංචාවේ යෙදුණු හත් දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය කියයි. 21 December 2021
ඩී.අයි.ජී සෙනෙවිරත්න සී.අයි.ඩී යට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට කැඳවා ඇත. 21 December 2021
ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක් උත්සව සමයේ රුපියල් 1000, 5000 ව්‍යාජ මුදල් සංසරණව වීමේ අවදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 21 December 2021
ප්‍රභූ නම් විකුණා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් විකුණමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 94ක මුදලක් වංචා කළ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) අත්අඩංගුවට ගෙන ඇත. 21 December 2021
ඛනිජ තෙල් තොග ගබඩා සභාපති ඉල්ලා අස්වෙයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදුන් බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 21 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026