අද ආසාදිතයන් 673 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 215 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 December 2021
ලැබුණු පට්ටම නමට සීමා වී කලකිරුණු ලොක්කා කවුද රටේම සෞඛ්‍ය ගැන බාරව ඉන්න ලොකු මහත්තයෙක් මේ දවස්වල තරමක කලකිරීමකින් ඉන්නවා කියලයි ආරංචිය. 22 December 2021
යුද හමුදාව නත්තල් කැරෝල් ගයති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරනු ලබන නත්තල් බැති ගී ප්‍රසංගය යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සමග දිවයිනේ ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අද (22) පැවැත්විණි. 22 December 2021
ගිණ්රමේ ඇති මුදල් ඉල්ලා අම්මයි තාත්තයි පැහැරගන්න හදලා යාපනයේ තරුණයකුගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල ලබාදෙන තෙක් තරුණයාගේ මාපියන් බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත්කළ තිදෙනෙක් මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 22 December 2021
සාගරිකා දුම්රියේ බසයක් ගැටේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සාගරිකා දුම්රිය බේරුවල පන්සල් හන්දිය අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් දුම්රියට හා බස් රථයට දැඩි අලාභ සිදු වී ඇතැයි බේරුවල පොලිසිය කියයි. 22 December 2021
ලාෆ් ගෑස් බෙදාහැරීමත් අරඹයි අභියාචනාධිකරණයේ නිර්දේශවලට අනුකූලව ලාෆ් ගෑස් සමාගම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 22 December 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය නත්තල් කැරෝල් ගයති ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු නත්තල් කැරෝල් ප්‍රසංගය ගුවන් හමුදා රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී ඊයේ (21) පැවැත්විණි. 22 December 2021
ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජන වෛද්‍ය වැඩවර්ජනය අතරතුරදී කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ හදිසි සේවයේ නිරත වෛද්‍යවරුන්ට සේවයෙන් ඉවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් තර්ජනය කළ බව එම රෝහලේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 22 December 2021
14 නැගණිය අතරමං කර අක්කා පෙම්වතා සමග පැනයයි වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි නැගණිය සමග වැලිගම සිට කොළඹ පැමිණි කොළඹ කොටුවේ දී නැගණිය අතහැර පෙම්වතා සමග පැනගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 22 December 2021
කොවිඩ් ආසාදිතයන් තව 458 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 458 දෙනකු අද(22) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 22 December 2021
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 December 2021
රාජිතගේ නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට දෙන්නැයි නියෝගයක් හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි සියල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට අද (22) නියෝග කළාය. 22 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම නවත්වයි දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකළාපයට විරෝධ දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම අද (22) මාධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බවත් අනිද්දා (24) සිට ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ද ඉවත් වන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 22 December 2021
අද සවස විනාඩි 45 ක විදුලි විසන්ධි වීමක් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වන අදියරේ බිඳවැටීමක් හේතුවෙන් අද (22) පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක විනාඩි 45 ක් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය. 22 December 2021
කෘෂිකර්ම ලේකම් තනතුරින් ඉවතට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත. 22 December 2021
අදත් තැන තැන ගෑස් පෝලිම් ලිට්රෝ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව ඊයේ (22) දිනයේ ද අපහසුතාවට පත්වූහ. 22 December 2021
ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හමුවෙයි ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය. 22 December 2021
ස.ජ.බ. පිරිසක් යුගදනවි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක අද(22) නිරත වූහ. 22 December 2021
හෙළිකොප්ටරයත් සමග මුහුදට වැටුණු ඇමැති පැය 12 ක් පීනලා මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බවත්, අනතුරින් දිවි ගලවා ගත් අමාත්‍යවරයා පැය 12 ක් තිස්සේ පිහිනමින් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් වූ බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. 22 December 2021
අල්ලස්ගත් ඉඩම් නිලධාරියෙක් අත්අඩංගුවට ඔප්පුවක් සකස් කිරීම සදහා අවශ්‍ය රාජකාරි කටයුතු සිදුකරදීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබගත් බව කියන එරාවුර්පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අද (22) මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය. 22 December 2021
ශ්‍රී ලංකාවට අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක් ශ්‍රී ලංකාවට අලුතින් පත්කෙරුණු තානාපතිවරු 11 දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ සිය අක්තපත්‍ර බාර දුන්හ. 22 December 2021
'උත්සව සමයේ අධිවේගී මාර්ග භාවිතා කරන්නට උපදෙස් මාලාවක්' උත්සව සමයේ අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සදහා පොලිස් මුලස්ථානය මහජනයා වෙත විශේෂ දැනුවත් කිරීමක් සිදුකර ඇත. 22 December 2021
සංයුතිය සඳහන් ලිට්රෝ ගෑස් නිකුත් කරයි අභියාචනාධිකරණය ලබාදුන් නිර්දේශ අනුව නව සංයුතිය සඳහන් කළ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 22 December 2021
ඉරානය-ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් මෙරට තේ ඉරානයට වැඩි වශයෙන් අපනයනය කිරිමේ සහ එයින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට දිගුකාලිනව ගෙවීමට ඇති ණය පියවිමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සහිත අවබෝධතා ගිවිසුමක් ඉරානය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා අස්සන් කෙරිණි. 22 December 2021
’’උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව තහවුුරු කරන්න’’ උත්සව සමයේ කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සාප්පු සවාරි යන ජනතවාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්යක රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය පවසයි. 22 December 2021
ගෑස් නැතිව හෝටල්,ආපනශාලා,බේකරි 12,000ක් වැහිලා රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ බේකරි 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය. 22 December 2021
හැඳල සිංහ ඇස් රෝහලට බලෙන් ඇතුළු වූ පිරිසක් උද්ඝෝෂණය කරලා වත්තල, හැඳල සිංහ ඇස් රෝහල පරිශ්‍රයට ශිෂ්‍ය සංගමයක යැයි කියන පිරිසක් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එම රෝහල් කමිටුවේ සභාපති වෛද්‍ය මැල්කම් ස්ටැනිලෝස් මහතා වත්තල පොලිසියට අද (22) පෙරවරුවේ පැමිණිල්ලක් කළේය. 22 December 2021
පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීමට වෙනම දිනයක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සෑම මසකම වෙනම දිනයක්(පොලිස් දිනයක්) පැවැත්වීමට තීරණය කර ඇත 22 December 2021
14 දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියට වැඩවරදී දීර්ඝ කාලයක සිට 14 හැවිරිදි දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි . 22 December 2021
නුවරඑළියට මල්තුහීන නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි. 22 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026