ශ්‍රී ලංකාවට සහය දෙන බව ඕස්ට්‍රේලියානු රජය කියයි ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට සහ මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ දියුණුව සඳහා උපරිම සහාය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෘස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙරේදා(20) පොරොන්දු වූවාය. 21 December 2021
බේකරි හිමියෝ පාලන මිලෙන් ඉවත් වෙති ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යන ආකාරය ලෙස බැලීමේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය මිල ස්ථිරව තබාගත නොහැකිවීම නිසා බේකරි හිමියන්ගේ නිෂ්පාදන වියදම අනුව අළෙවි කිරීමට අවස්ථාව ඇති බවත් දිනෙන් දින මිල වෙනස් කරමින් බේකරි නිෂ්පාදන අළෙවි කිරීමේ අවස්ථාව ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය. 21 December 2021
රෝද තුනත් ගණන් උස්සයි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තු පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පියවර ගෙන තිබේ. 21 December 2021
මුහුදුබත් වූ නැව සමාගම් දෙකකට බාර දෙයි ගිනි ගැනීමෙන් පසු මුහුදු බත්ව ඇති එකස්ප්‍රස් පර්ල් නෞකාව කපා ගොඩ ගැනීමට චීන සමාගමකටත්, එහි තිබී අවට විසිර ඇති හා නෞකාව තුළ ඇති බහළුම් ගොඩ ගැනීමට ඇමරිකානු සමාගමකටත් භාර දුන් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (මීපා) සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය පැවැසුවාය. 21 December 2021
සුවවිරු වර්ජනයෙන් රෝගීහු අමාරුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතවෙන් අද රටපුරා රෝහල් රැසක රෝගී සත්කාර සේවා අඩාලවී තිබේ. 21 December 2021
බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලයි ඉන්ධන මිල ඉහළ දැමීම, බස් රථ අමතර කොටස් මිල ඉහළ යාම හේතුවෙන් සියයට පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 21 December 2021
මැනිං වෙළඳපොලේ පලා වර්ග හිගවෙයි වෙළඳපොලට එළවළු පැමිණීමටත් වඩා පළා වර්ග පැමිණීමේ අඩුවක් පවතින බව පෑලියගොඩ මැනින් වෙළඳ පොලේ වෙළඳුන් පවසති. 21 December 2021
මුදල් අමාත්‍යංශ, මහ බැංකු නිලධාරීන් කැබිනට් රැස්වීමට රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මීළඟ කැබිනට් රැස්වීමට කැඳවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 21 December 2021
කැබිනට්ටුවෙන් යොහානිට ලැබුණු තෑග්ග යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වාට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත. 21 December 2021
සංචාරක නවාතැන් සපයන්නන්ගේ විදුලි බිලට සහනයක් සංචාරක නවාතැන් පහසුකම් සපයන ස්ථානවල විදුලි බිල්පත් ගෙවීම සඳහා තවත් වසර දෙකක සහන කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 21 December 2021
අයි.ඕ.සී මිලත් වැඩි කරයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ඉහළ දමා තිබේ. 21 December 2021
ඛනිජ තෙල් තොග ගබඩා සභාපතිට යන්න කියයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 21 December 2021
’’බිඳුණු මාතෘ භූමියක් ගොඩනැගීමට විසඳුම’’ ’’බිඳුණු මාතෘ භූමියක් ගොඩනැගීමට විසඳුම’’ යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුව අද ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 21 December 2021
බොරැල්ලේ රන් කොල්ලයට කතුන් හතරක් අල්ලයි බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ආධාර සහ අනුබල දීමේ චෝදනාවට කාන්තාවෝ සිව් දෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවෝය. 21 December 2021
කෘෂිකර්ම ඇමැති කළ යුතු දේ මන්ත්‍රී මුජිබර් කියයි පොහොර අර්බුදයෙහි වගකීම බාරගෙන මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමැතිවරයා වහාම එම ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. 21 December 2021
කොපමණ කුසගිනි දැණුනත් සිංහයෝ තණකොළ නොබුදිති මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ. 21 December 2021
දිස්ත්‍රික්ක කිපයකට අදත් වැසි ස්වල්පයක් උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (21) දිනයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 December 2021
ඉන්ධන මිල ඉහළට ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි 21 December 2021
ගෑස් කමිටුවේ වාර්තාව ජනපතිට ගෑස් පිපිරීම්වලින් මිදීමට ගත යුතු කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග රැසක්, ගෑස් සිලින්ඩර් ආශ්රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීමට හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුව මගින් සකස් කළ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇතැයි එම කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා පැවසීය. 20 December 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආයෙත් වසා දැමීමේ අවදානමක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 3 වැනිදා සිට යළිත් වසාදැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 20 December 2021
අලුත් කොරෝනා රෝගීහු 417 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 417 දෙනකු අද (20) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 20 December 2021
තවත් කොරෝනා මරණ 19 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 December 2021
ජනවාරියේ ඉදන් බස් කාඩ්පත අනිවාර්ය කරන්න ලබන ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 20 December 2021
වේයන්ගොඩදී අයිස්ක්‍රීම් ලොරියක් කොල්ල කෑවැයි දෙදෙනෙක් දැලේ වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේ දී අයිස් ක්‍රීම් ලොරියක් නවතා එහි තිබූ රුපියල් පනස් හය දහසක මුදලක් හා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ල කා ගෙන ගොස් තිබූ කොල්ලකරුවන් දෙදෙනෙකු අද (20) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පැවසීය. 20 December 2021
රජයේ වෛද්‍යවරු හෙට වර්ජනයක මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් විරෝධය පා හෙට (21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 20 December 2021
වෙඩි තබා මරා වළදැමුවැයි මන්නා රමේෂ් ඇතුළු 3 ක් මාට්ටු අවිස්සාවේල්ල තල්දූව නාපාවල ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර මළ සිරුර හොර රහසේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක් අපරාධකරුවෙක් වන “මන්නා රමේෂ්” නැමැත්තා ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 20 December 2021
‘‘ගෑස් ගන්න හෙටින් පස්සේ බය වෙන්න එපා‘‘ වෙළඳපලට නිකුත් කරන ගෑස්වල ප්‍රමිතිය මේ වන විට සහතික කර ඇති බවත්, එහි ඇති ප්‍රොපේන් ප්‍රතිශතය ගෑස් සිලින්ඩරම මත මුද්‍රණය කළ නව ප්‍රමිති සහතිකය සහිත ගෑස් සිලින්ඩර් හෙට (21) සිට වෙළඳපලට නිකුත් කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 20 December 2021
වසර හතරකට දඟ ගෙට ගිය පානදුර මහානාම විදුහල්පතිනිය නිදහස් පානදුර මහානාම නවෝද්‍යා පාසලේ 6 වසරට ළමයකු ඇතුළත් කිරීම සදහා අල්ලසක් හැටියට රුපියල් 25,000 ක මුදලක් ලබා ගැනීමේ චෝදනාවට මහාධිකරණය මගින් වරදකරු කොට බරපතල වැඩසහිතව වසර 4ක සිර දඩුවම් නියමව සිටි විදුහල්පතිනී නදීකා කුමුදුනී පීරිස් මහත්මිය නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියම කළේය. 20 December 2021
ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය ලිට්රෝ සමාගම විසින් ආනයනය කර තිබූ ගෑස් නෞකා තුනෙන්, දෙකක ඇති ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව ගෑස් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය. 20 December 2021
කොරෝනා කරල ගෙන්වීම පමා කරයි කොවිඩ් 19 වයිරසය මැඩපැවැත්වීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක් භාවිත කරන ”මොල්නුපිරවීර්” කරල මෙරටට ගෙන්වීම තවදුරටත් ප්‍රමාද කිරීමට තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 20 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026