‘‘උද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයි‘‘ පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (24) පැවසීය. 24 December 2021
කොස්තාපල් කුඩු සමග මාට්ටු පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අද රාත්‍රි අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 24 December 2021
සතොස සහ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට බෝනස් සතොස සේවකයන්ට හා ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සේවකයන්ට මේ මාසයේ ප්‍රසාද දීමනා ගෙවූ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 24 December 2021
පළමුවටයේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 573 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 December 2021
කෝටි හයක විදෙස් මුදල් පන්නන්න ගිය 7 ක් අල්ලයි කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට පැමිණි ගුවන් මගීන් හත් දෙනකුගේ ගමන්මළුවල සඟවා රැගෙන යෑමට සූදානම් වූ රුපියල් කෝටි 6 කට අධික (මිලියන 65) විදේශ මුදල් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අද (24) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 24 December 2021
අලුත් කොරෝනා මරණ 20 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 December 2021
නිදර්ශනීගේ මව-පියා-සහෝදරිය ගෙන් ප්‍රශ්න කරන්න නියෝග පුදුකුඩිරිප්පු මූංගිල්ලාරු හි 13 හැවිරිදි යෝගරාසා නිදර්ශනී දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැරියගේ මව , පියා සහ සහෝදරිය පැය 48ක් රඳවා ප්‍රශ්නකරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා අද 24 සවස පොලියට අවසර දුන්නේය 24 December 2021
ජී.එම්.ඕ.ඒ පසු බසියි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද දහවල් නතර එම සංගමය කියයි. 24 December 2021
ගෑස් ලිප් 10 අදත් පුපුරයි ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 10 කට අධික සංඛ්‍යාවක් අද (24) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 24 December 2021
දුම්රිය ස්ථානාධිපති දිගටම වර්ජනය වර්ජනයේ නිරතව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් අතර අද (24) පස්වරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 24 December 2021
භූමිතෙල් ලිප් ගිනි ගානට යයි රටපුරා වෙළෙඳසැල්වල භූමිතෙල් ලිප්වල මිල ඉහළ ගොස් ඇතයි වාර්තා වෙයි. 24 December 2021
නව හැවිරිදි දැරියගෙන් කොරෝනා ගැන පොතක් කොවඩි 19 ආසාදිතවන අංගොඩ රෝහලේ ප්‍රතිකාර ගෙන සුව වූ නව හැවිරිදි ස්නේහා අමරදේව නම් දියණියක තමා රෝගී කාලයේ වූ අත්දැකීම් අලලා ග්රන්ථයක් රචනා කර කළාය. 24 December 2021
අල්ලස් සිද්ධියකට ගම්පහ තක්ෂිලා විදුහල්පති රිමාන්ඩ් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුවකු හත්වන ශ්‍රේණීයට ඇතුළත් කර දීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලබගත් බව කියන ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (24) නියෝග කළාය. 24 December 2021
මහාචාර්ය ධර්මරත්නට සභාපති ධූරයක් මැණික් විද්‍යාව පිළිබඳ ප්‍රවීණයකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය පී.ජී.ආර්. ධර්මරත්න මහතා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපතිධූරයට පත්කර තිබේ. 24 December 2021
අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක් විකුම් අතුල කළුආරච්චි මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 24 December 2021
කොළොම්පුර අහසේ මීදුම අස්සේ දූවිලි අංශුත් පිරෙයි කොළඹ නගරය ආශ්රිත වායුගෝලයේ අඩංගු දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් මේ දිනවල දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය. 24 December 2021
බූස්ටරයෙන් සති 10 කට පසු සිවුවැනි එන්නත දෙනවා ’කොවිඩ් 19‘ බූස්ටර් එන්නත ලබා දී ඇති බ්‍රිතාන්‍ය වැසියන්ට, සති 10 කට පසු, සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම කළ යුතු යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් එරට රජයට උපදෙස් දී ඇතැයි ‘ඩේලිමේල්‘ වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 24 December 2021
හොර පී.සී.ආර් වාර්තා සමග තුනක් සැකපිට ව්‍යාජ ලෙස පී.සී.ආර්. වාර්තා සකස්කර විදෙස් ගතවන පුද්ගලයන්ට මුදලට අලෙවි කළ පුද්ගලයින් තිදෙනකු ව්‍යාජ පී.සී.ආර්. වාර්තා17ක්ද සමග කොච්චිකඩේ සහ රත්දොළුගම ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 24 December 2021
ටිකට් නොදීමෙන් ලක්ෂ 90 පාඩුවක් දුම්රිය ස්ථානාධිපතිවරු අද (24) පෙරවරුවේ ආරම්භ කළ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් ලක්ෂ 80 ත් 90 ත් අතර පාඩුවක් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 24 December 2021
‘‘මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා සති දෙකකින්‘‘ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා සති දෙකකින් ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. 24 December 2021
තිස්ස කුට්ටිආරච්චි මාස 6 ක මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිය ඉදිරි මාස හයක පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප බදුල්ල දිස්ත්‍රික් ජනතාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. 24 December 2021
ඉක්වදෝරයේ කොවිඩ් එන්නත අනිවාර්යයි ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ඉක්වදෝරය, ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් අනිවාර්ය කර තිබේ. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබ සිටින නිසි වයස් කාණ්ඩයේ සියලු දෙනා එන්නත අනිවාර්යයෙන් ලබා ගත යුතු බවත්, එන්නත ලබා නොගැනීමට අවසර ඇත්තේ කිසියම් රෝගාබාධයක් ඇති අයට පමණක් බවත් රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. 24 December 2021
නිදන් ගන්න ඇවිත් පණ එපා කියා දුවති මැදිරිගිරිය වටදාගෙය පූජා භූමියේ නිදන්වස්තු කොල්ලකෑමේ අරමුණින් අද අලුයම ඇතුළු වූ බව කියන පිරිසක් ආරක්ෂක භටයන් දැක රැගෙන ආ බව කියන භාණ්ඩ සියල්ල ද දමා පළා ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 24 December 2021
කුකුළු ගොවිපොළක ගින්නෙන් පැටවු 3000ක් මරුට පන්නල පොලිස් වසමට අයත් පල්ලෙගම එලිබිච්චිය ප්‍රදේශයේ කුකුඵ ගොවිපොළක අද අලුයම ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ ගිණිගැනීමකින් කුකුඵ පැටවුන් 3000 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි. 24 December 2021
‘‘දඹුල්ලේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ‘‘ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල වෙනත් දිනයන්වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. 24 December 2021
’’චීන පොහොර නැව පිටුපස කොමිස්’’ චීන පොහොර නැව පිටුපස කොමිස් තිබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අනාවරණය කළේය. 24 December 2021
පාර්ලිමේන්තුවට දිනකට කෝටියක කොළ පාර්ලිමේන්තුවේ දිනකට කඩදාසි කිලෝ 1200ක් පමණ භාවිත කෙරෙන බව මෑතකදී කළ අලුත්ම අධ්‍යයනයකදී සොයාගෙන ඇත. 24 December 2021
‘‘රාත්‍රීයේ සහ අලුයම දැඩි සීතලක්‘‘ ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රීයේ සහ අලුයම ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 December 2021
එක රටක් හදන්න ජනතාව උනන්දුවෙන් ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික වශයෙන් විශාල පිරිසක් එක් වෙමින් සිටින බව එහි සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති. 24 December 2021
කහ ගන්නේ 100 දෙන්නේ 6000 අමු කහ කිලෝවක මිල රුපියල් සියය දක්වා අඩුව ඇතත් කහකුඩු කිලෝවක මිල රුපියල් හය දහසක් බව පාරිභෝගිකයෝ මෙන්ම කහ වගාකරුවෝද මැසිවිලි නඟති. 24 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026