IMG-LOGO

කක්කඩුව ඇලේ නාන්න ගිය සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මරුට

(සුමිත් පොතුපිටිය) 

ගල්පාත කක්කඩුව ඇලේ  දියනෑමට ගිය දරුවන් දෙදෙනෙකු අද (02) පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, ගල්පාත ජය මාවතේ පදිංචිව සිටි රණවක ආරච්චිලාගේ රවීන්ද්‍ර යසස් සහ රණවක ආරච්චිගේ චමිල් විශ්මිත නමැති 14 හැවිරිදි දරුවන් දෙදෙනෙකු  බව පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇති දෙදෙනා තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට ගොස් සිටියදී 14 හැවිරිදි වෙනත් පාසල් සිසුවකු ජලපහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ඔහු බේරා ගැනීමට මියගොස් ඇති දෙදෙනා උත්සාහ දැරීමේදී ජලපහරට හසුවී වි දියේගිලී  මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

මෘත දේහයන් ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.

කළුතර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

 



අදහස් (0)

කක්කඩුව ඇලේ නාන්න ගිය සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 450 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site