IMG-LOGO

අනුරාධපුරේ අක්කර 2000කට යූරියා

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2000ක බඩ ඉරිගු වගා කිරීම සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ හුරුළු වැව, ගලෙන්බිඳුනුවැව හා යකල්ල ප්‍රදේශවල  ඉඩම් අක්කර 1000ක බඩ ඉරිගු වගාව සඳහා ද අනුරාධපුර බඩ ඉරිගු ගොවි සංසදයේ ගොවීන්ගේ  තවත් අක්කර 1000ක් සඳහා ද අවශ්‍ය පොහොර දීමට තීරණය කර ඇත.

වී වගාව ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සියලුම දිස්ත්‍රික්ක වල ගොවි සංවිධාන නියෝජිතයින් සමග අද  පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනුරාධපුර ගොවි සංවිධාන නියෝජිත කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

ඉන්දීය රජයේ මැදිහත්වීම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 5000ක්  බඩඉරිගු වගාවන් සඳහා වෙන් කර ඇත.

ඉන්දීය රජය පොහොර මෙට්‍රික් ටොන් 65000ක් කඩිනමින් මෙරටට ලබා දීමට පියවර ගෙන ඇතැයි ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසූ බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 



අදහස් (0)

අනුරාධපුරේ අක්කර 2000කට යූරියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site