අදත් වැස්ස නෑ රට පුරා අදත් (26) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2021
ලොවම කම්පාකළ ව්‍යාසනයට වසර 17යි ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 17 කි. ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 26 December 2021
’ජේම්ස් වෙබ්’ දුරේක්ෂය අභ්‍යවකාශයට ඇමෙරිකාවේ ’නාසා’ ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී, වසර 24 ක් තිස්සේ නිපදවූ ’ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂය, අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය. 26 December 2021
ඩොලර් ප්‍රශ්නෙට මහ බැංකුවත් හිර වෙයි ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 26 December 2021
බස්නාහිර රෝද තුනට මීටර් අනිවාර්ය කරයි බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රිරෝද රථවලට ජනවාරි 15 වැනි දින සිට මීටරය අනිවර්ය කිරීමට තීරණය කර ඇත. 25 December 2021
ආනයන තවදුරටත් සීමා කරන්නැයි කියයි විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 25 December 2021
ඇමැතිවරුන්ගෙන් නෝක්කාඩුවක් රජයේ සංස්ථා හා මණ්ඩල වලට පත්කර ඇති ඇතැම් සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ කටයුතු කළ නොහැකි බව ඇමතිවරුන් ගණනාවක් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ට පැමිණිලි කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 25 December 2021
ආර්ථික පීඩාවෙන් ගොඩ එන්න වගා සංග්‍රාමයකට ආරාධනා වගා සංග්‍රාමයක් කඩිනමින් අරඹන්නැයි රජයට යෝජනා කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 25 December 2021
මරණ 19ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 December 2021
කිසිදු එන්නත් නොගත් පිරිසක් ගැන ජි.එම්.ඕ.ඒ කියයි වයස අවුරුදු 60ට වැඩි 50,000ක පිරිසක් තවමත් කිසිදු කොරෝන එන්නතක් ලබාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 25 December 2021
රාජ්‍ය ආයතන පහක් ගැන යෝජනාවක් රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත. 25 December 2021
රටේ ආර්ථික අර්බුදය ගැන තවත් අනාවැකියක් රටේ ආර්ථික අර්බුදය මාස කිහිපයක් නොව තවත් වසර එකහමාරක් පමණ පවතිනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය. 25 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10 කට විසඳුම් ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ සහ පාර්සල් බාර නොගැනීමේ වර්ජනයක නිරත වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10 කට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා අද (25) පස්වරුවේ විසඳුම් ලබාදුන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. v 25 December 2021
නත්තල උදාවෙද්දී 175ක් රෝහලට රටපුරා පසුගිය පැය 24 දී(නත්තල උදා වූ කාලයේදී ) සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූපුද්ගලියින් 175 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. 25 December 2021
සිංගප්පූරුවෙන් ණයට බොරතෙල් ශ්‍රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. 25 December 2021
මන්ත්‍රී නිවාසවලට රිංගු ඇමැතිවරු 17කට යළි රතු එළියක් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමැතිවරුන් 17 දෙනෙකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් සිහිකැඳවීමක් පසුගිය සතියේදී කර ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 25 December 2021
කන්ටේනර් 1,000 ක් තවමත් වරායේ ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ තවදුරටත් වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති. 25 December 2021
හිටපු ඇමැති ගුණරත්න වීරකොන් දිවියට සමුදෙයි හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 25 December 2021
බොල්ගොඩ ගඟට වැටී පුද්ගලයෙක් අතුරුදන් පිළියන්දල මොරටු මාර්ගයේ කොස්පැළෑන පාලම මතින් බොල්ගොඩ ගඟට වැටී පුද්ගලයෙකු අද (25) පෙරවරුවේ අතුරුදන්ව ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 25 December 2021
'අරමුදලට ගියොත් කොන්දේසි දාන එකක් නෑ' ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන් ලංකාවට ඉටු කරන්නට බැරි ආරයේ කොන්දේසි පනවනු ඇතැයි තමා නොසිතන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 December 2021
පිත්තල පහනෙන් මරුවා එයි පිත්තල පහනකින් පහරදී 25 හැවිරිදි විවාහකයෙකු ඝාතනය කළැයි සැකපිට පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 25 December 2021
‘‘ජිවිකාව ගැට ගහගන්න රන් කිලෝ 600ක් උගස් කරලා‘‘ කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඇතිවූ ආර්ථික උද්ධමනය නිසා රටපුරා ජනතාව සිය ස්වර්ණාභරණ පසුගිය මාස කිහිපයේදී පමණක් දළ වශයෙන් කිලෝ 600 ආසන්න ප්‍රමාණයක් උකස්කර සහ විකුණා ඇතැයි ස්වර්ණාභරණ වෙළඳාම්හි යෙදෙන ව්‍යාපාරිකයෝ සහ බැංකු ප්‍රධානීහු පිරිසක් පැවැසූහ. 25 December 2021
‘‘මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි‘‘ මේ විදිහට මේ රට දියුණු කරන්න බෑ .මේ රට තුළට පරිවර්ථනයක් අවශ්‍යයි ,විප්ලවීය වෙනසක් අවශ්‍යයි මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි. මේක දේශපාලන ලෝකේ අයට විතරක් බලපාන දෙයක් නෙමෙයි අපි හැමෝටම බලපානවා මේ සමාජය අර්ථවත් කරන්නට නම් යහපත් කරන්නට නම්. අපි අදහන අධ්‍යාත්මික ප්‍රතිපත්ති පළවෙනි තැනට දාලා කටයුතු කරන ඕනේ. 25 December 2021
කොස්තාපල්වරියකට කැත වැඩක් කළ ඕ.අයි.සී මාට්ටු ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ඊයේ (24) රාත්‍රී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 25 December 2021
අද වැස්ස නෑ:පැහැදිලි අහසක් රට පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 December 2021
තිරුක්කෝවිල් පොලිසියේ මරණ හතරක් දක්වා ඉහළට තිරුක්කෝවිල් පොලිසියේ සාජන්වරයකු සිදු කළ වෙඩි තැබී මෙන් මියගිය ගණන හතර දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 December 2021
අරුත වටහාගෙන නත්තල සමරන්න නත්තල ප්‍රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිටවීමේ පණිවුඩය තුළ ජීවත් වුවහොත් තමණක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 24 December 2021
විදෙස් කතුන් පහක් බලෙන් පැරණි වෘත්තියේ යෙද වූ අයෙක් මාට්ටු සම්භාහන මධ්‍යස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස් දෙනෙක් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්රි අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ. 24 December 2021
බංග්ලාදේශයේ මගී යාත්‍රාවක ගින්නක්:39ක් මරුට බංගලාදේශයේ ඡලෝකාටි දිස්ත්‍රික්කයේ සුගන්ධා නදියේ යාත්‍රා කරමින් කුඩා මගී නෞකාවක ඇති වූ ගින්නකින් 39 දෙනකු මියගොස් 72 දෙනකු පිළිස්සුම් තුවාල ලබා ඇතැයි බංගලා දේශ මාධ්‍ය වාර්තා කරයි. 24 December 2021
අනාරක්ෂිත ගෑස් ටැංකි ලක්ෂ හතරක් රටපුරා රට පුරා නිවෙස්වල අනතුරුදායක ටැංකි (ගෑස් සිලින්ඩර) ලක්ෂ තුනක්, හතරක් පමණ ඇති බවත් එම සිලින්ඩර අදාල ගෑස් සැපයුම් ආයතනය නැවත එකතු කළ යුතු බවත් ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා අද (24) පැවසීය. 24 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026