IMG-LOGO

සජබයේ 21 සංශෝධනය සම්මත කරගන්න ඡන්ද විමසීමක් පවත්වන්න

(නිමල කොඩිතුවක්කු)

තවදුරටත් කල් නොමරා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන බව  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (2) පැවසීය.

රජය සාකච්ඡා කරන ව්‍යවස්ථා සංශෝධනයතවමත් කිසිවකු දැක නොමැති අහසේ පාවෙන මහ පොළව මත යථාර්ථයක් නොවන්නක් බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මුළු රටම අද සාකච්ඡා කරන්නේ රජය විසින් අවසන් තීරණයක් ගෙන නොමැති  ව්‍යවස්ථා සංශෝධනයක් ගැන බවත් එම ක්‍රියාදාමය අවසන් වීමට අවම වශයෙන්  මාස තුනක්වත් ගතවනු ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස  රංජිත් මද්දුමබණ්ඩාර මහතා  ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනය සම්මත කරගරනීමට සහයෝගය දෙන ලෙෂත් ඒ සඳහා කඩිනමින්  පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වන්නැයි ඉල්ලා සිටින බවත් කිරිඇල්ල මහතා කීවේය.

සාමකාමී අරගලකරුවන් සහ රටේ ජනතාව ඉල්ලන සියලු සංශෝධන සමගි ජනබලවේගය ඉදිරිපත් කළ  21වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන බැවින් ඒ පිළිබඳ නොපමාව කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා  ශේෂ්ඨාධිකරණය ඉදිරියේ පවතින බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යනම් එය මහමැතිවරණයක් හා එක්ව පැවැතවීමේ හැකියාව ඇති බවත් ඔහු කීවේය.

විධායක ජනාධිපතික්‍රමය ආහෝසි කිරීම ඇතිුලු සංශෝධන සඳහා රජය අවංක නම් සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට කැපවන්නැයි ඉල්ලීමක් කරන බවත් කිරිඇල්ල මහතා තවදුරටත් කීවේය.

 



අදහස් (2)

සජබයේ 21 සංශෝධනය සම්මත කරගන්න ඡන්ද විමසීමක් පවත්වන්න

de silva Thursday, 02 June 2022 09:17 PM

ගෝඨාභය ඕක කරන්නේ නැහැ. ඒක කළොත් මේ පහුගිය අවුරුදු 2 කළ විනාශයට ජීවිතාන්තය දක්වා හිරේ යන්න වෙනවා. පොහොට්ටුකාරයින් බලන්නේ බොරුකියමින් තව අවුරුදු 2ක් වත් කොහොම හරි ඇදගෙන යන්න. එම කාලය තුළ හැකිතරම් නඩු අස්කරගෙන තව ටිකක් ජාතික ධනය සූරාකන්න.

:       0       0

Saththaya Friday, 03 June 2022 07:43 AM

හිටපු හිටන් එක්ක ඩීල් දාල, අමාරුවෙන් ලබාගත්ත ජය හැමදේම නැති කරලා, එනවා මෙතන ආයේ අපි හදපු ව්‍යවස්තාව කියන්න .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site