හමුදා සෙබළා ගංජා සමග මාට්ටු යක්කල ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක ගංජා තබාගෙන සිටි බව කියන යුද හමුදා සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි. 18 February 2022
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද( 18 ) උදෑසන සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන පැය කිහිපයක් තිස්සේ අඩාල විය. 18 February 2022
හරිත සරසසවියේ භාණ්ඩ සොරාගත් අයෙක් මාට්ටු හෝමාගම හරිත සරසවියේ දෙවන අදියරේ ඉදිකිරීම් පරිශ්රයක ගබඩාවක් කඩා එහි තිබූ රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් වටිනා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 18 February 2022
ඉඩම් හබය දුර ගිහින් පී.සී. මරුට තංගල්ල විතාරන්දෙණිය තේනගම දී, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් කොස්තාපල්වරයකු මියගොස්, බරපතල තුවාල ලැබූ ඔහුගේ සොහොයුරෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 18 February 2022
පළාත් කීපයකට වැසි වාර කීපයක් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද(18) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 February 2022
ඇමැතිවරුන් මාදිවෙලින් ඉවත් කිරීම නවතී ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දස දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවලින් ඉවත් කිරීම අතරමග නැවතී ඇතැයි වාර්තා වේ. 18 February 2022
විදුලි කැපිල්ල ගැන කොමිසමත් මණ්ඩලයත් ගැටුමක විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංවීම ඉංජිනේරු සංගමය අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. 17 February 2022
රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා තහවුරු කළේය. 17 February 2022
ලන්සාගේ ලේකම්ට හදිසි මාරුවක් නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 February 2022
කොරෝනා ආසාදිතයන් ගණන අදත් දහස පනී කොවිඩ් ආසාදිතයින් තව 1,235 ක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 17 February 2022
තෙල් නැතිව කැලණිතිස්සේ කොටසක් නවතී ලංකා විදුලිබල මණ්ඩයට අයත් කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය ඉන්ධන නොමැතිව මීට සුළු වේලාවකට පෙර හදිසියේ නතර කෙරිණි. 17 February 2022
ඩෙංගු අවදානම් කලාප 60 නම් කරයි ඩෙංගු උණ රෝගය තදින් පැතිර යාමත් සමග කලාප 60ක් ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 17 February 2022
පෞරාණීක පියානෝ 3ක් අතුරුදන් සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබූ මිල අධික පෞරාණීක වටිනාකමකින් යුත් පියානෝ තුනක් අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) නියෝග කළේය. 17 February 2022
පළාත් පාලන ඡන්දය මේ වසර අග ? මේ වසරේදි බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය පැවැත් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා මාතලේ දී අද පැවැසීය. 17 February 2022
මර්දනයට එරෙහිව පියාපත් සංවිධානය විරෝධය මාධ්‍යවේදීන්,සිවිල් ක්‍රියාකාරිකයින්,දේශපාලන ක්‍රියාකාරිකයින් දේශපාලන සංවිධානය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව විවිධ මර්දන ක්‍රියාකාරී වැඩපිළිවෙළට එරහිව අලුත් පියාපත් සංවිධානය කරන ලද විරුද්ධතාවයක් අද 17 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි. 17 February 2022
භූතයකු ආරූඪ කරගෙන ඉතාලියේදී පුතා මව මරලා ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී ශ්‍රී ලංකික කාන්තවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 17 February 2022
රෝහල්වලට රුපියල් කෝටි 80 ගිලන් රථ රුපියල් කෝටි 80 කට ආසන්න වටිනාමින් යුත් නවීණ ගිලන් රථ 25 ක් සහ කැබ් රථ 38 ක් රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (17) පිරිනැමීය. 17 February 2022
කාන්තා වැසිකිළියෙ කැමරා සවි කිරීම ගැන විමර්ශන ගම්පහ නගරයේ පිහිටි ’’සිතුසර’’ නමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිළියක් තුළ සී.සී.ටී.වී.කැමරාවක සවිකර තිබියදී සොයා ගත් බව ගම්පහ පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ අද සවස කරුණු වාර්තා කළේය. 17 February 2022
කළුගල්වලේ විරෝධයෙන් ආණමඩුව රත් වෙයි ආණමඩුව රඹෑවැව කළුගල් කැඩීමට එරෙහිව ගම්වාසීන් පිරිසක් උද්ඝෝෂණය කරද්දි කළුගල්වැඩපළවල සේවකයන් පිරිසක් එම උද්ඝෝෂණයට එරෙහිව එම ස්ථානයේදී විරෝධතාවක් පවත්වා දෙපිරිස අතර ඇතිවන්නට ගිය ගැටුමක් පොලියේ මැදිහත්වීමෙන් වළක්වා ගැනිමට හැකි විය. 17 February 2022
යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක් යාපනය දිස්ත්රිකක් ලේකම් කාර්යාලය තුළ ස්ථාපනය කළ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) විවෘත කළේය. 17 February 2022
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට හමුවෙයි ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය. 17 February 2022
අහසට වෙඩි තබා දරුවා පැහැරගත් පියා පොලිස් වෙඩි පහරින් මරුට මිනීමැරුම් ඇතුළු අපරාධරැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන‘‘ඉලිබේ නීලක’’ නැමැත්තා අඟුරුවාතොට වල්පිට බිඩිකොල හංදිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ දී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය බව අඟුරුවාතොට පොලිසිය කියයි. 17 February 2022
සාෆිගෙ පෙත්සම සළකා බලන්න දිනයක් අසත්‍ය චෝදනා හේතුවෙන් අනියවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් සහ දීමනා ලබා දෙන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සාබ්දීන් මහතා ගොනුකළ රිට් පෙත්සමක් ලබන මාර්තු මස 04 වැනිදාට සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළේය. 17 February 2022
‘සදතැන්න‘ පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරයි සති අන්ත හා රජයේ නිවාඩු දිනවල වසා දැමුණු නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. 17 February 2022
රන්පතක එතූ සර්වඥධාතු ස්තූපයෙන් මතු වෙයි අන්දරවැව ප්‍රදේශයේ පැරණි ස්තූපයක් සංරක්ෂණය කිරද්දී රන් පත්‍රයක ඔතා තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ නමක් හමුවූ බව අනුරාධපුර පුරාවිද්‍යා නිළධාරීහු පවසති. 17 February 2022
‘වැටෙන රට නැගිටුවිය හැකි සහතිකයක් ගැන රනිල් කියයි‘ දිගින් දිගටම බංකොලොත් වන රට යළි නඟා සිටුවිය හැකි බවට හොඳම සහතිකය ගැනීමට හැකියාව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 February 2022
කුඩු සැකකරු දුරකතන 10 සමග අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 33 හැවිරිදි පුද්ගලයකු නයිවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි. 17 February 2022
ජපුර නවීකරණය කෙරුණු ශ්‍රීසුමංගල ශ්‍රවණාගාරය විවෘත කරයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නවීකරණය කෙරුණු ශ්‍රී සුමංගල ශ්‍රවණාගාරය අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි. 17 February 2022
හෙද සේවයේ ඉල්ලීම් ඉටු කරන්න ජනපතිගෙන් උපදෙස් හෙද සේවයේ උසස්වීම් ( දෙවැනි ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණිය දක්වා) සහ හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ මුදල් යන අමාත්‍යංශවල ලේකම්වරුන්ට අද (17) උපදෙස් දුන්නේය. 17 February 2022
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගෙන් පැය 3ක ප්‍රකාශයක් ගනී කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමෝ අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය තුනක පමණ ප්‍රකාශයක් ලබාදුන්හ. 17 February 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026