පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරේදීම පාර්ලිමේන්තුව ලබන සතියේ නියමිත දින හතරම (22වැනිදා සිට 25 වැනිදා දක්වා) රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 17 February 2022
'මෝදි' එද්දී කළු කොඩි දාපු අය තෙල් නැව පිළිගන්න උත්සව තියනවා' ඉන්දීය රජයේ ආධාර ලෙස ලබාදුන් නිවාස විවෘත කිරීමට මෝඩි අගමැතිවරයා එනවිට කළු කොඩි දාපු පිරිස ණයට ලැබුණු තෙල් නැව පිළිගැනීමට අද උත්සව පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 17 February 2022
රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන අංශයට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්ෂාව සහිතව අද (17) පෙරවරුවේ කැඳවාගෙන එනු ලැබීය. 17 February 2022
විදුලි පාරිභෝගිකයන්ගෙන් කෝටි 5000 ක පොල්ලක් විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලි පෞද්ගලික සමාගමට රුපියල් බිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5000 ක් හිඟ බිල්පත් ගෙවිය යුතු බවත් ඉන් කෝටි 4400 ක් විදුලිබල මණ්ඩලයට ද, කෝටි 600 ක් විදුලි පෞද්ගලික සමාගමට ද, ගෙවියුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 17 February 2022
රාජ්‍ය නාට්‍ය උළෙල අද ඇරඹේ ’රාජ්‍ය නාට්‍ය උළෙල 2021’ හි අවසන් වටයේ නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් හෝල් රඟහලේදී අද (17) සිට මාර්තු 6 වැනිදා දක්වා වේදිකාගත කෙරේ. 17 February 2022
යාපනය සරසවි සිසු ගේට්ටුවට අගුළු දමති යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුළුවන ගේටුව වසා එහි පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි. 17 February 2022
තාත්තා, අහසට වෙඩි තබා පුතා පැහැර ගනී මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන ’’ ඉළිබේ රංජි ගේ පුතා නොහොත් නීලක ’’නැමැත්තා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි සිය නැන්දාගේ නිවසට ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා නැන්දා බාරයේ සිටි වයස අවුරුදු 7ක ඔහුගේ දරුවා පැහැරගෙන ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි. 17 February 2022
’’අලියා’’ගමට එක්ක යන වැඩේ මාර්තුවේදී එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන මාර්තු පළමු සතියේ සිට ආසන මට්ටමින් ඇරඹේ. 17 February 2022
තාත්තා පස්සේ ගිය දරුවා වළේ වැටී මරුට තණ කැවීම සඳහා ගවයන් දක්කාගෙන ගිය පියා පිටුපස ගිය වයස අවුරුදු තුනක දරුවකු වතුර වළකට වැටී මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි. 17 February 2022
ගවයින් 21 ක් මස් කළ 2 ක් පොලිස් දැලේ එළ ගවයන් 21 දෙනකු මරා මස්කර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එහි රියදුරු සහ සහයකයෙකු හොරොව්පොතාන විලේ වැව් බැම්ම අසලදී අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 17 February 2022
අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ’කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවැසීය. 17 February 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කාදිනල්තුමෝ එරෙහි වෙති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අස්සන් යොදා තිබේ. 17 February 2022
රට යන අයට සිවුවෙනි මාත්‍රාවක් විදෙස්ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොරෝනා මර්දන එන්නතේ සිවු වෙනි මාත්‍රාවක් අවශ්‍ය නම් එය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය . 17 February 2022
ලංකාවට අද වැස්ස නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අද (17) දිනයේත් ප්‍රධාන වශයෙන් රහිත වැසි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 February 2022
ඇමැති, ලේකම් නියෝග නොතකා අධ්යක්ෂ ජනරාල්වරිය වැඩට ඇවිත් සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියට සේවයට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා එම දෙපාර්තමේන්තුව තුළ ලොකු ගැටුම්කාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වේ. 16 February 2022
හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් කරයි කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් බවට රජය අද (16) රාත්‍රී නිල වශයෙන් ප්‍රකාශයකට පත්කළේය. 16 February 2022
අලුත් ආසාදිතයෝ 1217 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,217ක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 16 February 2022
ඇමෙරිකන් කතක් ඒඩ්ස් පරදයි ඇමෙරිකාවේ එච්.අයි.වී ඒඩ්ස් අසාදිත කාන්තාවක් සුවය ලබා තිබේ. ඒ කඳ සෛල යොදා ගනිමින් කළ ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථක වීමෙනි. 16 February 2022
කොරෝනා මරණ 25ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 25 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 February 2022
චමුදිතගේ නිවෙසට පහරදුන් සැකකරුවන් සොයා සී.සී.ටී.වී පීරයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ සහ යතුරු පැදියේ අංක සොයා පොලිසිය සී සී ටී වී කැමරා 100 ට ආසන්න ප්‍රමාණයක් පරික්ෂා කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 16 February 2022
නිලාවේලි මුහුදේ ගසාගෙන ගිය තුනකගෙන් දෙකක් බේරා ගැනෙති නිලාවේලි මුහුදේ ගෝපාලපුරම් කොටසේ දිය නාමින් සිටි තරුණයක් පිරිසක් අතුරින් තිදෙනකු දිය වැලකට හසුවි ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනකු බේරා ගෙන ඇතත් එක් අයකු අතුරදහන්ව ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි. 16 February 2022
සහරාන්ගේ බිරිය හාදියාගෙන් පැය 5 ක ප්‍රකාශයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඒ හා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන ෆාතිමා හාදියා නැමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) පැය 5 ට අධික කාලයක් පුරා ප්‍රශ්නර කර ප්‍රකාශයක් ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 16 February 2022
ස්කිපර් මුහුද මැදදී ධිවරයන්ට පහරදී පළා ගිහින් මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය එම්.ටි.ආර්.කැන්ගරෝ යාත්‍රාවේ ස්කිපර්වරයා යාත්‍රාවේ ධිවරයින් හතර දෙනාට පහරදි වෙනත් යාත්‍රාවක නැගි පළාගොස් ඇති බවත් පහරකෑමට ලක්වු ධිවරයින් හතර දෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් වරාය පොලිසිය පවසයි. 16 February 2022
විශේෂ ගණයේ රැඳවියෝ 9 ක් සිල්ගනිති බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් නවදෙනෙක් අද (16) නවම් පෝය දිනය වෙනුවෙන් දසසිල් සමාදන් වූ බව බන්ධනාගර මාධ්‍ය ප්රාකශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 16 February 2022
බිරියට තඩිබෑ මේජර් අත්අඩංගුවට සිය බිරියට පහරදුන් බව කියන යුද හමුදා මේජර්වරයෙකු අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 16 February 2022
ඇමැති බන්දුල ඩුබායි යයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඩුබායි රාජ්‍යය සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අද (16) පිටත්ව ගියේය. 16 February 2022
සියලු පක්ෂ ලේකම්වරු ලබන 23 වැනිදා මැතිවරණ කොමිසමට ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ලබන 23 වැනිදා කැඳවනු ලැබ සිටිති. 16 February 2022
වසු පැටවකු මස් කළ හමුදාවේ දෙකක් මාට්ටු වාහල්කඩ ජලාශ රක්ෂිතයේ ගාල්කර සිටි වසු පැටියෙකු මස් ලබාගැනිම සදහා ඝාතනය කළ බව කියන යුධ හමුදා ලාන්ස් කොප්රල්වරයෙකු හා හමුදා භටයෙකු ඊයේ (15) දින අත්අඩංගුවට ගත්බව කපුගොල්ලෑව පොලිසිය කියයි. 16 February 2022
මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහටත් කොරෝනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මියටද කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීමෙන් පසු ඇය නිවෙසේ නිරෝධායනයට යොමුවී සිටින්නීය. 16 February 2022
ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක් ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව ගම්පහ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 16 February 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026